රෝගී දරුවාට මව්කිරි සූදුසූද?

දරුවෙක් අසනීප වූ විට බොහෝ මවූවරුන්ට පැන නගින ගැටලුවක් තමයි රෝගී දරුවාගේ ආහාරය පිළිබඳව.
දරුවාට දියයූතු ආහාර මොනවාද? රෝගී දරුවෙකුට මව්කිරි දිය යූතුද?, කිරි ජීර්ණය වේවිද කියා ප්‍රශ්න බොහොමයක් මතුවෙනවා.

මේ ප්‍රශ්න ඉදිරියේ අසරණ වන මව්වරු වැඩිහිටි උපදෙස් පතනවා. ලැබෙන වැරදි උපදෙස් අනූවත් ක්‍රියා කරනවා.ඒ නිසාමයි ඔබ දැනූවත් කරන්නට සිතුණේ.
මව්කිරි බොන දරුවාට හොඳ ප්‍රතිශක්තියක් ලැබෙනවා. මව්කිරිවල හොඳ ප්‍රතිශක්තිකරණයක් තිබීම නිසාවෙන් බොහෝ රෝග සඳහා දරුවාට ඉක්මන් සූවය ලැබෙනවා.
ඒ වගේම දරුවන් ලෙඩ වූ විට ආහාර අරුචියද ඒ සමග අත්වැල් බැඳ ගන්නවා. ඉතිං මේ නිසා දරුවන් ආහාර ප්‍රතික්ෂේප කළත් මවූකිරි උරා බීම නතර කරන්නෙ නැහැ.
ඒ තරමටම දරුවා මවූකිරි බීමට කැමතියි. දරුවා ආහාර ප්‍රතික්ෂේප කිරීම ඉදිරියේ අසරණ වන මවට මෙය මහඟු ශක්තියක්. මේ නිසා රෝගී දරුවාට පෝෂණයක් ලැබෙනවා වගේම විජලනය වීමත් වළකිනවා.
ඒ වගේම තමයි රෝගයක් සූවවීමට අත්‍යවශ්‍ය වන මානසික සූවය - මවූකිරි බීම තුළින් දරුවාට ඒ මානසික සහනයත් ලැබෙනවා. ඒ නිසා රෝගී දරුවාට දිගටම මවූකිරි දිය යූතුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment