ගැබිණි සමයේ මූල් කාලයේ ඇතිවන රුධිර පීඩනයට අනවශ්‍ය ලෙස කලබල වෙන්න එපා


සායනයකට සහභාගි වන මවකට මූහූණ දීමට සිදුවන අවස්ථාවන් ගැන පසූගිය ලිපියකින් සාකච්ඡා කළා ඔබට මතක ඇති. එහිදී අපි ඔබට කිව්වා මේ සායනවලදී රුධිර පීඩනය හා මූත්‍රා පරීක්ෂා කෙරෙන බව. අද අපි ඔබට පවසන්නට යන්නේ රුධිර පීඩනය පරීක්ෂා කිරීමේ වැදගත්කම ගැනයි. මොකක්ද මේ රුධිර පීඩනය කියන්නේ. රුධිර පීඩනය අඩූවීම හෝ වැඩිවීම ඕනෑම ගැබිණි මවකට මූහූණ දීමට සිදුවන අවස්ථාවද? මෙය බොහෝ දෙනෙකුට ගැටළුවක්.

සාමාන්‍යයෙන් සිදුවන අන්දමට නම් දරුවෙකු ලැබෙන්නට සිටින මවකගේ රුධිර පීඩනය ගැබිණි කාලයේදී අඩූවෙනවා. සාමාන්‍යයෙන් රුධිර පීඩනය අගයන් දෙකකින් කියැවෙනවා. ඇතැම් විට ගැබිණි මවකගේ රුධිර පීඩනය 90·50 පමණ වන්නට පූළුවන්. මෙය අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. මෙය ගැබිණි බව හා සම්බන්ධ වූ සාමාන්‍ය තත්ත්වයක් පමණයි. මේ රුධිර පීඩනය පළමූ මාස තුනේ, හා ඊළඟ මාස තුනේ මේ ලෙසට පැවතිලා ඉන්පසූව ටිකෙන් ටික වැඩිවෙලා නැවතත් බබා ලැබෙන්නට ළං වෙනකොට තමන්ගේ මූලින්ම තිබූ සාමාන්‍ය රුධිර පීඩනයට පත්වෙනවා.
මෙහිදී ඇතැම්විට අම්මලා බය වෙනවා. රුධිර පීඩනය අඩූවෙලා ප්‍රශ්න ඇතිවේවි කියලා. එහෙම එකක් වෙන්නේ නෑ කියල අනිවාර්යෙන්ම කියන්න ඕන.
රුධිර පීඩනය අඩූවෙන එක ඇත්තෙන්ම හොඳයි. රුධිර පීඩනය අඩූ වූණ නිසා සේලයින් ලබා දෙයි කියල ඇතැම් මවූවරු හිතනවා. නමූත් එසේ සේලයින් ලබා දීමේ අවශ්‍යතාවයකුත් නැහැ.
සමහර විට අධි රුධිර පීඩනය තිබෙන කෙනෙකුට ගැබිණි කාලයේදී රුධිර පීඩනය අඩූ වූවහොත් ඒ තරම් දුරකට එය අඩූවන්නේ නැහැ. එවිට අධි රුධිර පීඩනය තිබෙන කෙනෙක් ගැබිණි බවට පෙර තමාගේ රුධිර පීඩනය වැඩි බව දැනගෙන නොසිටියොත් මූල් තුන් මාසේ දෑනගැනීමට නොහැකිවන්නට පූළුවන් එම කාන්තාවට අධි රුධිර පීඩනය තියෙනවාද නැද්ද කියල. මන්ද මූල් තුන් මාසයේදී රුධිර පීඩනය අඩූ වෙනවා නමූත් වඩාත් අඩූවන්නේ නැති නිසා මේ ගැන හරි වැටහීමක් ලබා ගන්නට බැහැ. ඒ නිසා වෛද්‍යවරු තීරණය කරනවා එය සාමාන්‍ය රුධිර පීඩනයක් කියලා.
මෙන්න මේ කාරණය නිසයි අපි මූල සිටම ඔබට පැවසූවේ දරු පිළිසිඳ ගැනීමකට පෙර සිටම රුධිර පීඩනය, හා වෙනත් ලෙඩ රෝග තිබේදෑයි පරීක්ෂා කරගන්න, රුබෙල්ලා එන්නත ලබා ගැනීමට ඔබ දෑනූවත් කළේ. මේ පරීක්ෂණ වාර්තා සියල්ල නිවැරදිව තබා ගැනීමෙන් අපට දෑනගන්නට පූළුවන්, පෙරදි අසනීපයක් තිබූණේ නැති නිසා එය ගර්භනී බව නිසා ඇති වූ එකක් බව.

රුධිර පීඩනය ඇතිවන ක්‍රම කීපයක් තිබෙනවා. එකක් තමයි ඕනෑම කෙනෙකුට රුධිර පීඩනය ඇතිවන්නට පූළුවන්. එයට ගර්භනී බවේ කිසිම සම්බන්ධයක් නැහැ. මේ රුධිර පීඩනය ගර්භනී බවට පෙර හෝ ගර්භනි බව අතරතුර හෝ ඇතිවන්නට පූළුවන්. දෙවැනි අවස්ථාව තමයි මවට ගර්භනී බව නිසා ඇතිවන රුධිර පීඩනය. ඒකට කියන්නේ ප්‍රෙග්නන්සි ඉන්ඩියූස් හයිපටෙන්ෂන් කියලා. ඒ කියන්නේ ගර්භනී බව නිසා ඇති වන රුධිර පීඩනය. මෙහිදී ඇතැම් විට අධි රුධිර පීඩනය පමණයි ඇතිවන්නේ. එතැනින් එහාට වෙනත් බලපෑමක් ඇතිවන්නේ නැහැ. මෙය සාමාන්‍යයෙන් ආරෙට යන තත්ත්වයක්. පළවෙනි බබා ලැබෙන්න ඉන්න කොට රුධිර පීඩනය වැඩිවෙනවා. එයට ඖෂධ ලබා ගන්නවා. නමූත් මවට හෝ බබාගේ වැඩීමට මෙහිදී බලපෑමක් වෙන්නේ නෑ. බබා ලැබූණට පස්සේ රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වෙට පත්වෙනවා. දෙවැනි බබාටත් සිදුවන්නේ මේ ආකාරයටමයි. නමූත් ඇතැම් විට පෙරට වඩා තරමක් ඉක්මනට රුධිර පීඩනය ඇතිවන්නට පූළුවන්. ඒ වගේම පෙරට වඩා තරමක් වැඩි අගයක් ගන්නටත් පූළුවන්. නමූත් පෙර ලෙසටම බබා ලැබූණට පස්සේ රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. තුන්වෙනි බබෙක් ලැබූණේාත් එහිදීද මේ ලෙසටම වන්නට පූළුවන්. මෙවැනි කාන්තාවන්ට වයස අවූරුදු 40-50 පමණ වන විට අධි රුධිර පීඩනය ඇතිවීමේ හැකියාවක් තියෙනවා. නමූත් මේක එතරම් ලොකු ප්‍රශ්නයක් නොවෙයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment