කිරි තදවීම කිරි දීමේදී මතුවන ප්‍රධාන ගැටළුවක්

මවූකිරි දීමේදී මව මූහූණ පාන ගැටලූ බොහොමයක් තිබෙනවා. ඇතැම් මවූවරුන්ට ඒ තුළින් ළදරුවාට කිරි දීම පවා එපා වෙන අවස්ථා පිළිබඳවත් අප අසා තිබෙනවා.

කිරි තදවීම එයින් ප්‍රධාන ලෙසින් පෙන්වා දීමට පූළුවන්.පියයූරේ නිපදවෙන කිරි ළදරුවා නිසා ලෙය උරා නොබිව්වොත් පියයූරු ඉදිමී රත්පැහැවී තද ගතියක් සමග වේදනාවක් ඇතිවෙනවා.මේ සඳහා නිවැරදි ආකාරයට ක්‍රියා නොකළේ නම් මවට තදින් උණ ඇතිවෙනවා. කිරි පැසවා පියයූර සැරව ගෙඩියක් බවට පත්වීමටත් හැකියි. ඒ සඳහා ප්‍රතිකාර ලෙස සැත්කමක් කිරීමටත් සිදුවෙන අවස්ථා තිබෙනවා.
ඒත් මේ පිළිබඳව ඔබට නිවැරදි අවබෝධයක් තිබේ නම් එවැනි අවධානමකට මූහූණ දීමට සිදුවන්නේ නැහැ.
නිපදවෙන කිරි නිසි අයූරින් පියයූරෙන් ඉවත් විය යූතුයි. එය වන්නේ ඔබේ සිඟිත්තා කිරි උරා බීම තුළිනූයි. ඔබ කිරිදීම පමා කළේ නම් කිරි වේල් අතර පරතරය වැඩිවී නම් පියයූරේ කිරි තදවීම සිදුවිය හැකියි.
ඒ නිසා ඔබ කළ යූත්තේ නිවැරදි ලෙස ළදරුවාට කිරි ඉරීමට සැළැස්වීමයි.කිරි දෙවීමට ප්‍රථම උණූ වතුරින් පෙඟවූ රෙදි කැබැල්ලකින් පියයූර තැවීමෙන් පසූ කිරි දෙවීම පහසූ වෙනවා.කිරි තදවීමේ තත්ත්වය දරුණූවීමට පළමූව ක්‍රියාත්මක වී නම් මේ ගැටලූව ඔබට පහසූවෙන් ජයගත හැකියි.

තනපූඩූව තුවාලවීමත් කිරි දීමේදී මතුවන ගැටලූවක්.මේ තත්ත්වය ඇති වන්නේ දරුවා නිවැරදි ලෙසට පියයූරට සම්බන්ධ නොවූ විටයි. ළදරුවාගේ මූඛය තුළට තනපූඩූව පමණක් ඇතුළු වූ විට එය තුවාලවීම සිදුවෙනවා. ඒ නිසා අප කලින් සඳහන් කර ඇති පරිදි නිවැරදිව ඇරිසෝලාව (තනපූඩූව) බිළිඳාගේ මූඛයට අල්ලා ගන්නට සැළැස්වීමෙන් මේ ප්‍රශ්නය මඟහරවා ගත හැකියි.
හදිසියේවත් තනපූඩූව තුවාලවීමක් වූණි නම් ඒ සඳහා කළ යූත්තේ කිරි ටිකක් දොවාගෙන තුවාලයේ ගැල්වීමයි. ඒ සඳහා බෙහෙත් ගැල්වීම අවශ්‍ය වන්නේ නැහැ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment