කය - මනස කියන්නේ දෙකක් නොවෙයි. කය - මනස කියන්නේ එකක්.
කය මනස එකට එක්වී නොමැති නිසාවෙන් ලෙඩ රෝග බොහොමයක් ඇතිවෙන බවට දැන් පෙනී ගොස් තිබෙනවා.දියවැඩියාව වැනි කායික රෝග දෙස බැලීමේදී එය හොඳින් අවබෝධ වෙනවා.ළදරුවා මවූකුසේ වැඩෙන විට මවට ඇතිවන ආහාර අඩූපාඩූ සහ මවගේ මානසික ගැටලු නිසාවෙන් දරුවාට මතු දිනෙක දියවැඩියාව ඇතිවීමේ හැකියාව ඉහළ මටිටමක පවතිනවා.
මානසික පීඩාව අද සමාජයේ බහූලව දක්නට ලැබෙනවා. මානසික පීඩනයක් විඳගැනීමට නොහැකි වීමෙන් විශාදය කියන මානසික රෝගී තත්ත්වය ඇතිවෙනවා. ළදරුවා කුස දරා සිටින මවක් නිතරම මානසික පීඩනයකින් පසූවෙනවා නම් දරුවා වැඩෙත්ම විශාදයට ගොදුරුවීමේ වැඩි අවධානමක් තිබෙනවා.
ආශාව, ඇල්ම ඇතිවීමෙන් දුක ඇතිවෙනවා. තමා බලාපොරොත්තු වන දෙය ඉටූ නොවීමෙන් ගොඩ නැගෙන දුක නිසාම විශාදය ඇතිවෙනවා.
මම, මගේ කියන දෙය නිසා දුක ඇතිවෙන බව එදා බූදුහාමූදරුවෝ පෙන්වා දුන්නා. ඒ කියන්නේ මනස මූලික කරගෙන ජීවත් වෙනවා කියන එකයි. ඒ නිසාම හිතට දුක ඇතිවී හිත ලෙඩ වෙනවා. හිත ලෙඩ වූ විට කයත් ලෙඩ වෙනවා.
මැද පිළිවෙතේ සිටිනා විට මනසට හොඳයි. ඒ කියන්නේ කයත් නිරෝගියි.
ආශාව, වැඩිවීම, බලාපොරොත්තු සූන්වීම අද සමාජයේ ්බහූලව දක්නට ලැබෙනවා ඒ කියන්නේ රෝග වැඩිවෙනවා කියන එකයි.
ප්‍රශ්න වැඩි වූ විට දිවි නසා ගැනීමට සිතෙනවා. ඒ කයට දැඩි ආදරයක් දක්වන නිසා. මනස පෙන්වා දෙනවා තව දුරටත් කයට දුක් නොදී ජීවිතය කෙළවර කර ගැනීම හොඳයි කියලා. ඒ මතය පිළිගනිමින් ජීවිතයෙන් සමූගන්නවා.
ඒත් එහි ඇති භයානකකම නොතේරීම නම් ප්‍රශ්නයක්.
මෙහිදී විශේෂයෙන් මතක තබාගත යූත්තේ කය මනස යනූ දෙකක් නොව එකක් බවත් මනස පීඩාකාරී වීමෙන් කය රෝගී වන බවත්ය.
මනස සන්සූන් කර ගැනීමෙන් බොහෝ රෝග වලින් ගැලවී ජීවත්වීමේ හැකියාව තිබෙන බව අමතක කරන්න එපා.
0 comments :
Post a Comment