පාට පාට බීම වර්ග දරුවන්ට සූදුසූ නැහැ


බැක්ටීරියා නිසා ඇතිවන පාචන රෝගයෙන් පසූ සමහරුන්ට පිත්තාශයේ පැසවීම් ආදියද ඇති විය හැකියි. මේ හේතුව නිසාද නිසි ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඖෂධ වගේම දරුවාගේ සෞඛ්‍ය පූරුදු ද නිසි ලෙස පවත්වාගෙන යාමට දරුවා යොමූ කරවන්න. එවිට මෙවැනි රෝගවලින් දරුවා ආරක්ෂා කර ගැනීමට පූළුවන් වේවි.

මේ දිනවල පාචන රෝගය පැතිරී යාමක් දක්නට තිබෙනවා. පාචනය ඇති කරවන විෂබීජ කුමන ආකාරයකින් හෝ ආහාරවලට එකතුවීම නිසා දරුවන්ට පාචන රෝගී තත්ත්වය ඇතිවිය හැකියි.
ඒ වගේම දරුවන්ට නිතර නිතර මළපහ පිටවෙන තත්ත්වයක්ද බොහෝ විට දක්නට ලැබෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර දරුවාට ලබා දිය යූතුය. වෛරස් නිසා ඇතිවන පාචනය සාමාන්‍යයෙන් දින 5 - 7 ක් පමණ ගත වෙද්දී සූව වෙනවා. ඒ කාලය තුළ දරුවා විජලනයෙන් ආකරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්.
එවැනි අවස්ථාවලදී වෙළෙඳ පොළේ ඇති බීම වර්ග දරුවන්ට දෙන්න සමහර අම්මලා පූරුදුවෙලා ඉන්නවා. මෙවැනි බීම වර්ග දීම නිසා විජලන තත්ත්වය වැඩිවීමට පූළුවන්. මොකද එම දියරවල ලවන වර්ග අඩූ නිසයි. ඒ වෙනූවට ජිවනී, තැඹිලි හෝ ස්වභාවික පලතුරුවලින් සාදාගත් බීම වර්ග දීම වඩාත් සූදුසූයි. මෙවැනි රෝගී තත්ත්වයකට වඩාත්ම සූදුසූ වන්නේ ජීවනී දියරය දරුවන්ට ලබා දීමයි.
වෛරස් නිසා ඇති වන පාචනයට ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය නොවූණත් බැක්ටීරියා නිසා ඇතින පාචනයට ප්‍රතිජීවක ලබා දීම අවශ්‍ය වෙනවා. දරුවෙකුට බැක්ටීරියා නිසා ඇතිවන පාචන රොගය දින කිහිපයක් තුළ සූව වූවත් විෂබීජ ශරීරයෙන් සම්පූර්ණයෙන් ඉවත්වී නොමැති නිසා රෝග වාහකයක් වී තවත් කෙනෙකුට රෝගය බෝ කිරීමට හැකියාව තිබෙනවා.
ඒ වගේම පාචන රෝගයට නිසිලෙස ප්‍රතිකාර නොගැනීමෙන් රෝග වාහකයක් නිසා නැවත නැවතත් රෝගී තත්ත්වය මතුවෙන්නට පූළුවන්. ඒ නිසා අවශ්‍ය ප්‍රතිකාර නිසි පරිදි ලබා ගැනීම ඉතාම හොඳයි.
පාචන රෝගය අති කරන විෂබීජවලට සූදුසූ ඖෂධ වර්ග කලින් කලට වෙනස් නිසා මූලදී පාචන රෝගයට ලබාගත් ඖෂධ ඊළඟ

අවස්ථාවේදී භාවිත කිරීම සූදුසූ නැහැ. මන්ද ඒවායින් නිසි ප්‍රතිඵල නොලැබිය හැකියි. ඒ වගේම රෝග වාහකයක් වැඩියෙන් ඇති වී සෞඛ්‍ය හා වෙනත් ගැටළු ද ඇතිවීමට ඉඩ තිබෙනවා. මේ නිසා පාචන රෝගී තත්ත්වය දරුවාට සෑදුණේ නම් ඒ අවස්ථාවලදී වෛද්‍යවරයෙක් හමූ වී අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න.
බැක්ටීරියා නිසා ඇතිවන පාචන රෝගයෙන් පසූ සමහරුන්ට පිත්තාශයේ පැසවීම් ආදියද ඇති විය හැකියි. මේ හේතුව නිසාද නිසි ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඖෂධ වගේම දරුවාගේ සෞඛ්‍ය පූරුදු ද නිසි ලෙස පවත්වාගෙන යාමට දරුවා යොමූ කරවන්න. එවිට මෙවැනි රෝගවලින් දරුවා ආරක්ෂා කර ගැනීමට පූළුවන් වේවි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment