බෙහෙත් අනෝදා අර්ශස්වලට ගුණයි


මෑත කාලයේ බොහෝ දෙනෙක් අසහනකාරී තත්ත්වයට පත් කරවන රෝගයක් ලෙස අර්ශස් රෝගය හඳුන්වන්නට පූළුවන්. ඒ තරම්ම අද අර්ශස් රෝගය නිසා වේදනා විඳින පිරිස වැඩියි. කෙලින් හිටගෙන සිටින අයට අර්ශස් රෝගය සෑදීමේ ඇති ඉඩකඩ වැඩිවීම එයට හේතුවක් ලෙස පෙන්වා දෙන්නට පූළුවන්. 
එසේම අපගේ චර්යා රටාවේ තිබෙන නොයෙකුත් වැරදි නිසාද අර්ශස් රෝගය ඇති විය හැකියි. අවශ්‍ය පමණ ආහාර නොගැනීම, වතුර පානය නොකිරීම, වෙලාවට කෑම නොගැනීම, කොළ වර්ග, පලතුරු වර්ග නොගැනීම වැනි හේතු නිසා මළ වියළීම ඇති වෙනවා. එබැවින් මළ පහ කිරීමට දරන උත්සාහය නිසා ලේ නහර පළල් වී අර්ශස් ගෙඩි ඇති වේ. රෝගය තවත් බරපතල වූ විට ඒවා පූපූරා රුධිරය පිටවීමද සිදු වෙයි. ඒ වගේම දිගින් දිගටම බඩ වියළීම අර්ශස් රෝගය හැදීමට තිබෙන පහසූම මාර්ගය වීම නිසා එම රෝගයෙන් මිදීමට කටයූතු කළ යූතුය.


  • කොහිල අල, රතුළුෑනූ කොටා වණ්ඩූවේ තම්බා මිරිකා ගත් යූෂ සීනි, මී පැණි දමා බොන්න.
  • බෙහෙත් අනෝදා කොළ කැඳ බීම සහ ව්‍යංජනය සාදා කෑමට ගැනීමද අර්ශස් රෝගයට ඉතාම ගුණදායකය.
  • කිඩාරං අල ව්‍යංජනය ද ආහාරයට ගැනීම හොඳයි.
  • කොහිල අල, සෙනෙහ කොළ, අරලු, රතුළුෑනූ, කසාය කර උදේට සහිඳ ලුණූූ සහ සවසට සීනි, මී පැණි දමා බොන්න.
  • ගොටූකොළ, රතුළුෑනූ, කොහිල අල, සූදුරු කසාය කර දින කිහිපයක් බොන්න.
  • දැවිල්ල ඇත්නම් අර්ශස් තෙල් හෝ නීල්‍යාදී තෛලය ගාන්න.
  • ඒ වගේම උදේට සර්ව විශාධි තෛලය තේ හැඳි දෙක බැගින් බීමද ගුණදායකය.
  • සූරන මෝදකය, කුෂ්මාණ්ඩ රසායනය, ධාත්‍රි රසායනය වැනි දේ ගැනීම මගින්ද සූවයක් ලබා ගත හැකියි.
  • තවද මළපහ යාම අඩූ නම් ධාතී්‍ර චූර්ණය උදේ හවස ගැනීමත් අභ්‍යාදී මෝදකය, මානිභද්‍ර මෝදකය, ගැනීමත් සූදුසූය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment