රුධිර පීඩනය මැනීම හරිම වැදගත්

රුධිර පීඩනය වැඩිවීම ගැබිණි මවකට ඇතිවීමට හැකි තත්ත්වයක් බව අපි ඔබට පැහැදිලි කළා. සාමාන්‍යයෙන් ගැබිණි කාලයේදී රුධිර පීඩනය අඩූවීම ස්වභාවික තත්ත්වයක්. නමූත් ගැබිණි බවට පත්වීමට පෙර සිට, තමාගේ රුධිර පීඩනය පිළිබඳ දැනීමක් ඇතිව නොසිටීමෙන් විවිධ ප්‍රශ්න ඇති වන්නට පූළුවන්.
රුධිර පීඩනය ඕනෑම කෙනෙකුට ඇති විය හැකි අතර එය ගර්භනී බවට පෙර හෝ ගර්භනී බව අතර තුර හෝ ඇතිවන්නට පූළුවන්. මෙහි විශේෂත්වය වන්නේ ගර්භණී බව නිසා ඇතිවන රුධිර පීඩනයයි. මෙය ඇතැම් විට වෙනත් බලපෑමක් නොමැතිව සූවවීමට පූළුවන්.
නමූත් ගැබිණි බව ආශ්‍රයෙන් ඇතිවන තවත් රුධිර පීඩන තත්ත්වයක් තියෙනවා. මෙය ප්‍රි එක්ලැම්සියා යනූවෙන් හැඳින්වෙනවා. මේ තත්ත්වය නිවැරදිව හඳුනා ගන්නට තමයි සායනවලදී රුධිර පීඩනය සහ මූත්‍රා පරීකෂාවන් සිදු කරන්නේ. මෙය ඇත්තෙන්ම රුධිර පීඩනයම යැයි කියන්නට බැහැ. එය එක්තරා අන්දමකින් ශරීරය තුළ ගැබිණි බව නිසා ඇතිවන තත්ත්වයකැයි කියන්නට පූළුවන්. අවාසනාවකට මෙන්, මේ තත්ත්වයට හේතුවක් තවමත් සොයා ගන්නට වෛද්‍ය විද්‍යාවට හැකියාවක් ලැබී නැහැ. මේ ප්‍රි එක්ලැම්සියා කියන තත්ත්වය ඇතිවන්නේ ගර්භණීතාවයක් මූල් කරගෙන පමණයි. ඒ වගේම මෙය මිනිසූන්ට හැර වෙනත් සත්ත්ව කොටිඨාශවලට ඇතිවන්නේත් නැහැ.
මෙහිදී පරීකෂාවට ගන්නේ මූත්‍රා හා රුධිර පීඩනය පමණයි. නමූත් එහිදී වැරැදි අදහසක් ලබාගත යූතු නැහැ, මේ තත්ත්වයේදී ප්‍රශ්නය තියෙන්නේ රුධිර පීඩනය වැඩිවීමේ හා මූත්‍රාවල ඇල්බියූමින් ඇතිවීමේ පමණයි යනූවෙන්.

මෙය සායනවලදී නිතර පරීකෂා කළ හැකි නිසා පරීකෂා කෙරෙනවා. නමූත්, මේ නිසා අක්මාවට වකුගඩූවලට, හෘදයට, මොළයට, ඇස්වලට හෝ පෙනහළුවලට වැනි ඕනෑම ඉන්ද්‍රියකට ප්‍රශ්න ඇතිවන්නට පූළුවන්. අනෙක් කාරණය නම් ප්‍රි එක්ලැම්සියා තත්ත්වයේදී වැඩි වශයෙන්ම අධි රුධිර පීඩනය හා මූත්‍රාවල ඇල්බියූමින් දක්නට ලැබෙනවා. ඒ නිසයි වැඩිපූරම මේ ගැන පරීකෂා කෙරෙන්නේ.
තවත් ප්‍රශ්නයක් තමයි ඉදිමීම. අපි දන්නවා ඉදිමීම සියයට 60 ක් පමණ දෙනාගේ දක්නට ලැබෙන සාමාන්‍ය තත්ත්වයක් කියලා. ඒත් සමහර අයගේ මේ තත්ත්වයන් හා සම්බන්ධව ඉදිමීම දක්නට ලැබෙනවා. එවිට අපිට එය රෝගී තත්ත්වයක් ලෙස සැළකිය හැකියි. නමූත් ඉදිමෙන අය සියලූදෙනාටම මේ රෝගය තිබෙනවා යැයි කියන්නට බැහැ.

මේ ප්‍රි එක්ලැම්සියා තත්ත්වයේදී ඇතිවන ප්‍රශ්නය තමයි එය අම්මාගේ සෑම අවයවයකටම බලපෑම් කරනවා වගේම, බබාටත් බලපෑම් කරනවා. මෙය මාරාන්තික රෝගයක් ලෙස සැළකීමේ වූව ද වරදක් නැහැ. මන්ද මේ තත්ත්වය ඇති වූවන්ගෙන් යම් ප්‍රතිශතයක් අපට බේරා ගැනීමට හැකිවන්නේ නැහැ. මේ තත්ත්වය නිසා වකුගඩූ අක්‍රිය වෙනවා. අක්මාව අක්‍රීය වෙනවා. මොළයේ ලේ නහරයක් පූපූරන්නට පූළුවන්. පෙනහළු අක්‍රිය වන්නට පූළුවන්. මෙහි භයානකකම ඇත්තේ මේ සඳහා ඖෂධයක් නොමැති වීමයි. කෙනෙක් හිතන්න පූළුවන්, මට අධි රුධිර පීඩනය තියෙනවා. මේක ප්‍රි එක්ලැම්සියා තත්ත්වය. රුධිර පීඩනය පාලනය කරගත්තොත් ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ කියලා. නමූත් රුධිර පීඩනය පාලනය කර ගැනීමෙන් සිදුවන්නේ, රුධිර පීඩනය නිසා ඇතිවන තත්ත්වයන් රෝගියාට ඇති නොවීම පමණයි. මෙහිදී රුධිර පීඩනය පාලනය වූවත් රෝගය ශරීරයේ තියෙන්නට පූළුවන්. මෙහිදී ගර්භාෂයේ සිටින දරුවාගේ වැඩීම අඩූවෙන්නට පූළුවන්. අඩූ බර දරු උපත් ඇතිවන්නට පූළුවන්. වැදෑමහ ගර්භාෂ බිත්තියෙන් ගැලවිලා, රුධිර වහනයක් සිදුවී බබා මියයන්නට පූළුවන්. ඒ නිසයි ප්‍රි එක්ලැම්සියා තත්ත්වය භයානක බව පැවසූවේ. ඒ නිසා මව්වරු ඉතාම හොඳින් දැනගෙන සිටිය යූතුයි, තමන්ගේ රුධිර පීඩනය මැනීම කොතරම් වැදගත් ද කියලා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment