ලැබෙන තුටිටූ දෙක බීලා නාස්ති කරන්න එපා -තවත් වරක් සිතන්න

"සිරිසේන හොඳටම බීලා වංගුවෙ ලයිටි කණූව යට වැටිලා හිටියා..."ඔය මනූස්සයා අද විතරක් යෑ පාරෙ වැටිලා ඉන්නෙ. අනේ මන්ද හම්බ කරන තුටිටූ දෙක බීලා, නාස්ති කරනවා. ගෑණියෙකුට ළමයෙකුට පාරේ බැහැලා යන්න බෑ. මේ මනූස්සයා අගුපිල් ගානෙ, කාණූ ගානේ හැමදාම වැටිලා ඉන්නවා. මේ වගේ මිනිස්සූන්ගෙ බේබදුකමෙන් හැමදාම දුක්විඳින්නෙ අසරණ දරුවො.

සමාජයේ ජීවත්වීමේදී මෙලෙස බේබදුකමට ලක්වූ බොහෝ පියවරුන් ගැන ඔබ දැක ඇත. එසේම අසා ඇත. මෙය පානය කරන පූද්ගලයාට පමණක් නොව සමාජයටද අහිතකර බලපෑම් කරන්නකි.
මත්පැන් පානය ගැන කථා කිරීමේදී මෙය සමාජය විසින් අහිතකර දෙයක් ලෙස හඳුන්වා තියෙනවා. අපේ රට බෞද්ධ ආකල්පවලට බරවූ රටක් නිසා මත්පැන්බීම පස්වන සිල්පදය කැඩීමක් ලෙසද හඳුන්වනවා.
මත්පැන් පානයේ විවිධ මටිටම් තියෙනවා. මෙයින් ප්‍රධාන වර්ගය තමයි උදේ සිට රෑ වනතුරු මත්පැන් පානය කරන පිරිස. මේ අය අපි සමාජයේදී හඳුන්වන්නේ ඔරිජිනල් බේබද්දන් විදිහටයි. එසේම දෙවන කොටිඨාශය තමයි යම් ප්‍රමාණයකට මත්පැන් පානය කරන පිරිස. මේ අයට මෙය පාලනය කරගත හැකියි. තුන්වන කොටිඨාශය තමයි අවස්ථානූකූලව මත්පැන් පානය කරන කොටස. බොහෝවිට මේ අය මත්පැන් පානය කරන්නෙ සමාජ මටිටම. සමාජ ගරුත්වය රැකගැනීමේ බලා පොරොත්තුවෙන්, ඉහත කුමන ආකාරයට මත්පැන් බීවත් මේ සෑම අවස්ථාවකදීම මත්පැන් බීම අහිතකර ක්‍රියාවක්. පූද්ගලයා රෝගීවීම, ආර්ථික තත්ත්වය පිරිහීම, අනතුරුවලට ලක්වීම, කෝලහලවලට යොමූවීම මත්පැන් බීමේ ප්‍රධාන තර්ජන වෙනවා.
නමූත් ඔබේ බීමත්කම ඔබේ දරුවාට, ඔබේ පවූලේ සාමාජිකයන්ට අහිතකර බව ඔබ කිසිවිටෙක සිතුවාද? බීමත් ඔබ සැබැවින්ම සිටින්නේ පියවී සිහියෙන් නොවේ. මෙවැනි අවස්ථාවලදී ඔබ නිතරම ගැටූම්වලට යොමූවෙනවා. නිවස තුළ පවූලේ සාමාජිකයන් දරුවන් අතර ගැටූම් ඇතිකර ගන්නවා. මෙය දරුවන්ට අහිතකර ආකාරයට බලපාන බව ඔබ සිතුවාද? මෙය ඔබේ දරුවාගේ කායික මානසික දෙයාකාරයේම වර්ධනයට බලපායි. බීමත්කම නිසා ඇතිවන විකෘති මානසිකත්වය නිසා ඔබ අසල්වැසියාට, සමාජයට අහිතකර පූද්ගලයෙක් බවට පත්වෙනවා. එසේම ඔබ සාමාජයෙන් කොන්වෙනවා. මේ තත්ත්වයන් කෙළින්ම තම දුවා - දරුවන්ට බලපානවා. ඔබේ බීමත්කම නිසා සමාජයේ ලජ්ජාවට පත්වෙන්නේ ඔබ විතරක් නොවේ. දරුවන්ද සමාජයේ ලජ්ජාවට අපකීර්තියට පත්වෙනවා.
පවූලේ සියළු බර කරටගෙන පවූල නගා සිටූවීමේ කාර්යයේ ප්‍රධානියා වන්නේ පියාය. මෙහිදී ඔබ පවූලේ යූතුකම් වගකීම් ඉටූ නොකර සූරාවට සූදුවට ඇබ්බැහි වන්නේ නම් ඔබේ පවූල එන්න එන්නම විනාශ වෙනවා. දරුවන්ට පියාගේ නිසි ආදරය, කරුණාව, සැලකිල්ල නොමැති වනවිට නිරන්තරයෙන් දරුවන් මූරණ්ඩූ වෙනවා. පියා කියන කිසිම දෙයක් දරුවන් අහන්න පෙළඹෙන්නෙ නෑ. එසේම එම පියාට දරුවා කුඩා කාලයේ සිටම වෛර කරන්න පෙළඹෙනවා. දරුවන් ටිකෙන් ටික වයසින් වැඩී තරුණවියට පත්වෙද්දී පියාව නොසළකා හරිනවා. එසේම පියාට වචනයෙන් බැනවැදීම, ශාරීරිකව හිරිහැර කිරීම වැනි දේ සඳහා පෙළඹෙනවා. එසේම දරුවන්ට වැරැද්දකදී යම් ගුරුහරුකමක් ලබාදීමට මෙවැනි පියවරුන්ට නොහැකි වෙනවා. මෙම තත්ත්වය තුළ දරුවන් දරදඬූවෙනවා. ආක්‍රමණශීලී වෙනවා. මෙහි ප්‍රධාන ප්‍රතිඵලය වන්නේ සූන්දර ජීවිත රැසක්ම විනාශ වීමයි.
පියෙක් විදිහට ඔබ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් දරුවන්ට පෙනෙන්නට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ඒපා කියලා ඔබ අසා ඇති. මෙයට හොඳම නිදසූනක් දක්වන්නම්. දිනක් එක්තකරා පියෙක් තම මිතුරන් කණ්ඩායමක් සමග නිවසේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් සිටියා. මෙය බලා සිටි එම පියාගේ දරුවන් දෙදෙනා බීම බෝතලයක් ගෙන වීදුරු දෙකට බිම දමා "චීයස්" ලෙස හඬ නඟමින් බීම බිව්වා. මෙය දුටූ පියා එම අවස්ථාවේ කළකිරීමට පත්වෙලා බීම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. අදටත් මේ පියා කිසිම අවස්ථාවක නිවසේදීත් නිවසින් පිටතදීවත් මත්පැන් පානය කරන්නෙ නැහැ.
එපමණක් නොවේ. ඔබ නිරතුරුව මත්පැන් පානය කරන කෙනෙක් නම් එය ඔබේ දරුවාගේ බූද්ධි වර්ධනයට බලපානවා. ඒ කියන්නේ බූද්ධිමත් දරුවෙකු නොවිය හැකියි.
සමාජය හා පවූල තුළ පියාගේ චරිතය උතුම් හා වැදගත් චරිතයකි. මෙය පළමූවෙන් ඔබ තේරුම් ගන්න ඕනෙ. ඉන්පසූ සූරාවෙන් සූදුවෙන් තොරව දරුවන්ගේ හා තමාගේ ගෞරවය සූරකිමින් ජීවත්වීමට සිතා ගැනීම ඉතාම වැදගත්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment