නැලවිලි ගීවලින් කෙරෙන්නේ දරුවා නින්දට යාම පමණක්ම නොවේ

සංගීතය ගැන විවිධ අත්හදා බැලීම් සිද්ධ වෙන්නේ දැන්. සංගීතය බොහොම රෝග වලට පවා ගුණ දෙන බව දැන් පර්යේෂණ මටිටමින් ඔප්පූ වී තිබෙනවා. වේගවත් සංගීතය මිනිස් සෞඛ්‍යයට අහිතකර වූණත් සියූම් සංගීතය මිනිස් ජීවිතයට මොනතරම් යහපතක් කරනවාද ඒ බව ඔබ තවමත් තේරුම් ගෙන නැත්ද?
පර්යේෂකයන් පවසන අන්දමට දරුවෙකු සංගීතයට ප්‍රතිචාර දක්වන්නේ ගර්භාෂයේ පටන්මයි. කළල අවස්ථාවේ තම ශරීරයේ සිදු වන සියූම් චලනයන්ට පූරුදුව සිටින දරුවා එම ශබ්ද මෙලොව එළිය දුටූවාට පසූවද අපේක්ෂා කරයි.

එදා අපේ අම්මලා දරුවන් නැලවීමට කියූ නැලවිලි ගීත ගයන්නට අද වේලාවක් නැත. කාලය විසින් ඒ සියල්ල උදුරා ගත්තද කවියක ගීතයක ඇති රිද්මය දරුවාට සූවදායක නින්දක් ලබා දෙන බව නොරහසකි. මේ බව අද විද්‍යාත්මක පර්යේෂණවලින්ද ඔප්පූ වී හමාරයි.
බටහිර රටවල හංන දරුවන් නලවා ගැනීම සඳහා මවගේ ගර්භාෂයේ තරංග තැටිගත කර වාදනය කරනූ ලබයි. රිද්මය විසින් සිදුවන මෙහෙවර එසේ නම් අපේ අම්මලාට දරුවන් සඳහා වූ ගයන නැලවිලි ගී යළිත් දරුවන් උදෙසා ගායනා කිරීමට කාලය පැමිණ ඇති බව අපට පවසනවා නොවේද?
දරුවෙකු නැලවීමට අම්මා ගායනා කරන නැලවිලි ගීතයෙන් සිදුවන්නේ එකම මෙහෙයක් පමණක් නොවේ. ශබ්දය දරුවාගේ විඥානයට ඇතුළු වීමත් සමගම රිද්මය ද ඔහූගේ ජීවිතයට ඇතුළු වේ. ඔබ නොදෑන සිටියාට දරුවෙකු අතපය ගසන්නේ ද කිරි උරන්නේද කිසියම් රිද්මයකට අනූවයි. ගීතය කවිය කාලයකට ගයන්නට දරුවාගේ ආරම්භය ඇති වන්නේ එතැනින්.
නැලවිලි ගීතය තුළින් ඔබ නොසිතන බොහෝ දේ දරුවා ඉගෙන ගන්නවා.
දරුවාගේ සවන්දීමට මූලපූරන්නේ එතැනින්. අද බොහෝ දරුවන් තුළ නොමැතිව දේ එයයි. 1 වසරට ඇතුළත් කරන දරුවන්ට අද දෙමව්පියන්ට ලබා දෙන පණිවිඩ ලියවිලි මගින් යවන්නේ නැත. සියල්ල දරුවා විසින් ධාරණය කර ගත යූතුය. ධාරණය වීමට නම් ඉතාම හොඳින් සවන්දිය යූතුය. දරුවා දඟකාර බව සැබෑව. නමූත් සවන් දීමේ හූරුව ඔහූ ලබා ගත යූතුය. බාලේ සිටම මව ගයන නැලවිලි ගීතයට දරුවා සවන් දීම සමග ලබන ආභාෂය ඔහූගේ මතු ජීවිතයට ද උපකාරි වනූ ඇත.
නැලවිලි ගීතය තුළින් කවියක ගීතයක ගායනය ස්වරූපය ගැන දරුවාට කිසියම් හැඟීමක් ඉබේටම ඇති වේ. මතු දිනකදී කවියක, ගීතයක, රස හඳුනා ගන්නට රිද්මායානූකූලව යමක් කරන්නට දරුවාට ආභාෂය ලැබෙනූයේ එතැනින්ය.
නැලවිලි ගීත සමගම දරුවාගේ ඥාන කෝෂය මෙන්ම ශබ්ද කෝෂය ඉබේටම පූළුල් වනූ ඇත. බාල කාලයේ සිටම ඇසෙන කවි ගී සින්දු තුළින් බොහෝ දේ දරුවා ඉගෙන ගනූ ඇත. ජන ප්‍රවාදයෙන් එන ගීත තුළ වූ පාරම්පරික උරුමය අපේ දරුවන්ට ලබා දිය යූතුය. බොහෝ කවි පිටූපස ගෙතුණ රසවත් කතා ඇත. නැලවිලි ගී නොවූනද ඒ ගැන දරුවන් දෑනූවත් කිරීම මව්පියන්ගේ වගකීම විය යූතුය.

මී පූප් ලදිමි දරු නොලදිමි...
රන්කැටි පූතා කෝ කෝ...
ආදී ජන කතා පිළිබඳ දරුවාට ඇසීමට සැලසීම තුළ ඔහූ මතු දිනකදී බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකු වනූ ඇත.

බකමූණා හූම් හූම්...
උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක..
වැනේලු කලු වැනේලු කලු අලකොළ ලිපේලු...
ආදී වචන තුළින් ඇතිවන ශබ්ද ධ්වනිය දරු සිතට ලබා දෙන මිහිර අපමණයි. දරුවා හූදෙකලා නොකොට මව ගයන නැලවිලි ගීතය මගින් මතු දින මහා පූරුෂයෙකුගේ අත්තිවාරම ඉබේටම උරුම වන බව අමතක නොකළ යූතුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment