වලිප්පූවට නිසි ප්‍රතිකාර ලබාදීමෙන් ප්‍රශ්න මතුවෙන්නේ නැහැ

වලිප්පූව හැදුනූ කුඩා දරුවෙක් හොඳ අවධානයෙන් යූතුව ආරක්ෂා කරගන්නට ඕන. මොකද රෝගී තත්ත්වය කුමන අවස්ථාවකදී ඇතිවේද කියා නොදන්නා නිසයි. ඒ වගේම වැඩිහිටි පූද්ගලයෙක් වූවත් තමන් පිළිබඳව හොඳ සැළකිල්ලකින් සිටීම ඉතාම වැදගත්.
වලිප්පූව ලෙස හඳුන්වන රෝගය බොහෝ දෙනෙක් හොඳින් දන්නා රෝගී තත්ත්වයක්. නමූත් ඇතැම් අය ප්‍රතිකාර නිසි පරිදි ලබා නොගෙන අසාධ්‍ය තත්ත්වයට පත්වෙනවා. ඒ වගේම මෙම රෝගය සඳහා මූලිකවම අවශ්‍ය වන ප්‍රථමාධාරය රෝගියාට නොදීම නිසා තමයි එවැනි තත්ත්වයන් ඇතිවෙන්නේ. එයට හේතුව වන්නේ බොහෝ දෙනෙක් ඒ පිළිබඳ දැනූවත් නොවීමයි.
වලිප්පූව ඇතිවූ විට ශරීරයම වෙව්ලන්නට පටන් ගන්නවා. වෙව්ලීම අවසන් වූ පසූ කටෙි සෙම පිරීම, දිව හැපී කටෙන් රුධිරය ගැලීම වගේම මළ මූත්‍රා පිටවීමත් සමහර පූද්ගලයන්ට සිදුවෙනවා. බොහෝ දෙනෙක් අවධානය යොමූ කළ යූතු වන්නේ මෙම අවස්ථාවටයි. එසේ නොවූනත් තත්ත්වය බරපතල වීමට පූළුවන්කම තිබෙනවා.

වලිප්පූව හැදෙන අවස්ථාවලදී දත්වලට දිව හැපෙන්න ඉඩ නොදිය යූතුයි. දත්වලට හිරවෙන්න යමක් කටට ඇතුළු කරන්න පූළුවන් නම් එය වඩාත් හොඳයි. එවිට දිව හැපී ඇතිවන කරදරවලින් වැළකෙන්නට පූළුවන්. ඒත් යකඩ වැනි දේවල් කටට ඇතුළු කරන්නට හොඳ නැහැ. ලී මිටක් වැනි දෙයක් තමයි වඩාත් සූදුසූ වන්නේ.ඒ වගේම මෙම අවස්ථාවේදී උගුරු සෙම වැඩිවෙනවා. මෙවැනි රෝගියෙක් ඒ නිසා උඩ බැලි අතට හරවා තබන්නට හොඳ නැහැ. වලිප්පූව රෝගී තත්ත්වයේදී ගිලීම නිසි ලෙස සිදු නොවන නිසා සෙම ගලාගෙන යන්නේ පෙනහැල්ල වෙතටයි. මේ ආකාරයට සෙම ගලාගෙනවිත් එකතුවීම නිසා රෝගියා මිය යන්නට පූළුවන්. පෙනහැල්ලට සෙම ඇතුළු වී වාතය ඇතුළුවීම ඇණ හිටීම නිසා හූස්ම ගැනීම අපහසූ වෙනවා. රෝගියා මිය යාමට හේතුව වන්නේ එයයි.
වලිප්පූව හැදුන අවස්ථෘවේ රෝගියාට සිහිය ලැබෙන තුරු කිසිම ඖෂධයක් බොන්න දෙන්න නරකයි. ඉහත කී හේතුවට තමයි එයට බලපාන්නේ. මේ නිසා රෝගියාට පියවී සිහිය ලැබෙන තුරු දියර වර්ග නොදී සිටිය යූතුුය.
වලිප්පූව හැදුනූ කුඩා දරුවෙක් හොඳ අවධානයෙන් යූතුව ආරක්ෂා කරගන්නට ඕන. මොකද රෝගී තත්ත්වය කුමන අවස්ථාවකදී ඇතිවේද කියා නොදන්නා නිසයි. ඒ වගේම වැඩිහිටි පූද්ගලයෙක් වූවත් තමන් පිළිබඳව හොඳ සැළකිල්ලකින් සිටීම ඉතාම වැදගත්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment