ගැබිණි වූ මූල් කාලයේ ඇතිවන වමනයට අත් බෙහෙත්


කාන්තාවක් ගර්භණී වූ මූල් මාස කිහිපය තුළ වමනය ඇතිවීම ස්වභාවිකයි. ක්ලාන්තය, කැරකිල්ල, ඔක්කාර, වමනය වැනි පීඩාකාරී තත්ත්වයන් උදෑසන ඇතිවීමද මෙහි එක් ලකෂණයකි. බොහෝ විට මාස දෙක තුනක් ගතවෙද්දී මෙම තත්ත්වය මගහැරී යනවා.
නමූත් සමහර කාන්තාවන්ට මෙය ඉතා අධිකව පවතිනවා. ඒ සඳහා නිවසේදී කළ හැකි අත් බෙහෙත් කිහිපයක් සඳහන් කරනවා. මෙවැනි ප්‍රතිකාර මගින් ඔබේ අපහසූතාවය යම්තාක් දුරට මගහැරී යාවි. ඒ වගේම මෙම ඖෂධ වර්ග ටික ටික ගැනීමටත්, උදේ අවදි වී ඇඳෙන් බැසීමට පෙරත් ගැනීමට මතක තබා ගන්න. ඉවසා සිටීමට නොහැකි තරම් තත්ත්වයක් ඇතිනම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.


  • කොත්තමල්ලි කළඳක් පමණ ගෙන හාල් පාඬූ වතුරෙන් අඹරා එයටම දියකර බොන්න.
  • කොත්තමල්ලි තලා රාත්‍රියට වතුරේ පෙගෙන්නට තබා උදේ හිස් බඩට බොන්න.
  • රසකිඳ කොළ තම්බා සීනි, මී පැණි දමා බොන්න.
  • බිං කොහොඹ කල්කය මී පැණි සමග බොන්න.
  • කොත්තමල්ලි කලන් 12 ක් වතුර පත 8-1 ට සිඳ පෙරා සීනි දමා වරකට මේස හැඳි 2 බැගින් බොන්න.
  • රසකිඳ කසාය කර සීනි මී පැණි දමා ටික ටික බොන්න.
  • සෝඩා බෝතලයකට දෙහි ගෙඩියක ඇඹූල් දමා සීනි එකතු කර ස්වල්පය බැගින් නිතර නිතර බොන්න.
මෙම ඖෂධ වර්ග බීමේදී පෙර සඳහන් කළ ක්‍රියාමාර්ග අනූගමනයද කරන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment