ස්වාමියාට ආදරය කරන ජර්මන් ෂෙපර්ඩ් german shepherd

අද ලංකාවේ වඩාත් ජනප්‍රිය සූනඛ විශේෂයන් අතරින් පෙරමූණෙන්ම සිටින්නේ ජර්මන් ෂෙපර්ඩ් කිව්වොත් එය අතිශයෝක්තියක් නොවෙයි. දැවැන්ත සූනඛ විශේෂවලට ඇල්මක් - ආශාවක් ඇති උදවිය ජර්මන් ෂෙපර්ඩ්ට කැමැත්තක් - ආශාවක් දක්වනවා. ඒ වගේම ලංකාවේ ඕනෑම පරිසරයකට ඔරොත්තුව නිරෝගීව වැඩෙන්නටත් උපන් පහන්කමක් දක්වනවා.



ජර්මන් ෂෙපර්ඩ් සූනඛ විශේෂයේ ඉතිහාසය සොයා ගියොත් අපට දැනගන්න ලැබෙන්නේ ඉතා පැරණි කාලේ සිටි සූනඛ විශේෂයක් ලෙස නොවෙයි. ජර්මන් ෂෙපර්ඩ් බෝකර ඇත්තේ මෙයට වසර සීයයකටත් අඩූ මෑත ඉතිහාසයේදීයි.
සූනඛයන් සහ වෘකයන් දෙමූහූන් වීමෙන් ජර්මනියේ මේ සූනඛ විශේෂය නිර්මාණය වෙලා තියෙනවා.ජර්මන් ෂෙපර්ඩ් සූනඛයාත් අනෙක් බොහෝ සූනඛයන් මෙන් ස්වාමියාට දක්වෙන්නේ අනූපමේය සෙනෙහසක්.
මෙවැනි සූනඛයන් ඇති කරන අය හෝ ඇති කරන්නට කැමැත්තක් ආශාවක් දක්වන අය ජර්මන් ෂෙපර්ඩ්ගේ ගති ලකෂණ පිළිබඳවත් දැනගෙන සිටීම ප්‍රයෝජනවත් කියලා මං විශ්වාස කරනවා.ජර්මන් ෂෙපර්ඩ් ශක්තිමත් සූනඛයෙක්. කිසි වෙහෙසක් මහන්සියක් නොදැනෙන නිසාම ඌට බොහෝ වේලාවක් දුවන්නට, පනින්නට හැකියාවක් තියෙනවා. ජර්මන් ෂෙපර්ඩ් ගැන සටහන් තබන විට විශේෂයෙන් සඳහන් කළ යූත්තක් තියෙනවා. අනිත් බොහෝ සූනඛයන්ට හැකි බූද්ධිමත්භාවයක් ඌ සතුවෙනවා.
මේ සූනඛයා අවූරුදු දහයකට වැඩි කාලයකට ආයූ කාලයකට හිමිකම් කියෙනවා. ඇතැම් ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සූනඛයෙකු අවූරුදු පහළොව ඉක්මවා ජීවත්වූ අවස්ථාත් අපට වාර්තා වෙනවා.
සාමාන්‍යයෙන් සූනඛයෙකුගේ මිළ නියම වෙන්නෙ ඌගේ පෙළපත අනූවයි. එය ජර්මන් ෂෙපර්ඩ් සූනඛයාටත් පොදුයි.
සූනඛයන් හදන අය වැඩිපූර නොහිතන දෙය තමයි සූනඛයාගේ පෙළපත ආරක්ෂා කිරීමට උත්සූක නොවීම. කුමන වර්ගයේ සූනඛයෙකු හැදුවත් පැටවූන් බෝ කිරීමේදී අනෙක් සහායකයා හෝ සහායිකාව ගැන සැළකිලිමත්වීම වැදගත්. යම් හෙයකින් සූනඛයෙකුගේ පෙළපතේ සමීපතමයෙකු සමග සූනඛයා බී්‍රඩ් කිරීමට යොදා ගැනීමෙන් දුර්වල පැටවූන් ලැබෙන්නට පූළුවන.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment