දකුණූ අප්‍රිකාවේ මූල් පදිංචිකරුවන්ගේ ගොවි බිම් ආරක්ෂා කර ගැනීම සඳහා මේ සූනඛයන් පාවිච්චි කර තිබෙනවා. කොහොම වූණත් මේ සූනඛයන් වඩාත් ශක්තිවන්තයන් වන්නට මඟ පෑදී ඇත්තේ දකුණූ අප්‍රිකාව යටත් විජිතයක් කරගෙන එරටට පැමිණි එංගලන්ත වැසියන් සමග පැමිණි සූනඛ විශේෂ හේතුවෙන්.
ඒ සූනඛ විශේෂ සමග රිඩ්ජ් බැක් සූනඛයන් දෙමූහූන් වීමෙන් අද සිටින ශක්තිමත් රොඩේෂියන් රිඩ්ජ් බැක් සූනඛයන් බිහි වී තිබෙනවා. සැබවින්ම උන් මූල් සූනඛයන්ට වඩා ශක්තිමත් බව කියවෙනවා.
රිඩ්ජ් බැක්ට ඒ නම ලැබෙන්නට මූලිකම හේතුව වූණේ. කොඳු නාරටිය මතින් කඩූවක් හැඩැති දිගු පටියක් පිහිටා තිබීමයි. එහි ඇති ලෝම ශරීරයේ ලෝම කැරකී ඇති පැත්තට නොව අනිත් අතට පිහිටා තිබෙනවා.
එදා මෙදා තුර ස්වාමියාට ඉතාම කීකරු රොඩේෂියන් රිඩ්ජ් බැක් දඩයමටත් එකසේ දක්ෂකම් දක්වන්නෙක් බව පූන පූනා කියන්නට අවශ්‍ය නැහැනේ.දකුණූ අප්‍රිකාවේ නම් රොඩේෂියන් රිඩ්ජ් බැක් සිංහ දඩයමට රැගෙන යනවා. කෙටියෙන් කිව්වොත් රිඩ්ජ් බැක් කියන්නේ සිංහයන්ටත් බය නැති බල්ලෙක්.
0 comments :
Post a Comment