විවිධ අවස්ථාවන්ට ගැළපෙන කෑම වර්ග srilankan meal


ඩ්‍රයි ෆිෂ් පචාඩිඅවශ්‍ය ද්‍රව්‍ය ඃ කරවල ග්‍රෑම් 250 අමූ මිරිස් ග්‍රෑම් 25 ඉඟුරු කැබැල්ලක් (සිහින් තීරු කැපූ) කබලේ බැද කුඩූ කරගත් කොත්තමල්ලි මේස හැඳි 2 මිරිස් කුඩූ තේ හැඳි 2 විනාකිරි බෝ. 1/4 සීනි තේ හැඳි 2 සූවඳ කුඩූ තේ හැඳි 1 රම්පේ කැබැල්ලක් සේර කැබැල්ලක් තෙල් කෝප්ප 1/2 තෙම්පරාදු කිරීමට සූදු ළුෑනූ ග්‍රෑම් 50 බැදපූ තුනපහ මේස හැඳි 1 තෙල් මේස හැඳි 1
සාදන ක්‍රමයකරවල හොඳින් සෝදා මද රස්නය ඇති අවන් එකක දමා වේලාගන්න. ඉන්පසූ කුඩා හතරැස් කෑලි කපාගන්න. ඉන්පසූ තෙල් ලිප තබා බැදගන්න. බැදගත් කරවල තෙල් බේරෙන්නට තබන්න. එම තෙලෙන් මේස හැඳි 2 ක් වෙනත් භාජනයකට දමා ලිප තබා රත්වූණ පසූ අමූ මිරිස්, රම්ප, සේර, ඉඟුරු බැදගන්න. රන්වන් පාට වූ පසූ මිරිස් කුඩූ කොත්තමල්ලි කුඩූ, සූවඳ කුඩූ, සීනි, විනාකිරි, දමා උතුරුවා ගන්න. කරවලත් එක්කර මිනිත්තු 6 - 7 අතර උයාගන්න. මෙය තෙම්පරාදු කරනවා නම් තෙල් මේස හැඳි 1 ක් ලිප තබා මද ගින්දරෙන් රත් කර එකට අඹරා ගත් සූදුළුෑනූ, සූදුරු කුඩූ දමා උතුරන විට කරවල සමග එක්කර නිවෙන්නට හැර පාවිච්චියට ගන්න.


පැටිස්
අවශ්‍ය ද්‍රව්‍ය ඃ පිටි ග්‍රෑම් 450 මාගරින් ග්‍රෑම් 125 බේකිං පවූඩර් තේ හැඳි 1 ලුණූ කුඩූ තේ හැඳි 1 සීනි තේ හැඳි 1 බිත්තර 2 වතුර ස්වල්පයක්
සාදන ක්‍රමයවියළි ද්‍රව්‍ය භාජනයකට දමා එකට කලවම් කරන්න. මාජරින් කුඩාවට කපාගෙන පිටිත් සමග ඇඟිලි කුඩූවලින් මිශ්‍ර කරන්න. බිත්තර දෙක හොඳින් ගසාගෙන පිටි මිශ්‍රණයට එකතු කරමින් හොඳින් අනාගන්න. අවශ්‍ය නම් වතුරත් එකතු කරමින් අනන්න. හොඳට අනාගෙන පොලිතින් කොළයකින් වසා පැය 1/2 ක් පමණ ශීතකරණයේ තබා පාවිච්චියට ගන්න.

පැටිස් පිරවූමඅවශ්‍ය ද්‍රව්‍ය ඃ තම්බා පොඩි කරගත් මාළු ග්‍රෑම් 500 පොඩියට කපාගත් ලොකුළුෑනූ ගෙඩි 1 පොඩියට කපාගත් මිරිස් කරල් 3 රසඅනූව ලුණූ, ගම්මිරිස් අමූ තුනපහ තේ හැඳි 1 සූවඳ කුඩූ ස්වල්පයක් මිරිස් කුඩූ තේ හැඳි 1 කොළ පාට තක්කාලි ගෙඩි 2 තෙල් ස්වල්පයක් පොඩියට කැපූ සූදු ළුෑනූ සහ ඉඟුරු තේ හැඳි 1 බැගින් සේර, රම්ප, කරපිංචා මිටි කිරි කෝ. 1/4 දෙහි යූෂ අවශ්‍ය නම් අල ගෙඩි 2
සාදන ක්‍රමයතෙල් ලිප තබා එයට ළුෑනූ, මිරිස් දමා බැදගන්න. එයටම රම්ප, කරපිංචා, සේර, සූදුළුෑනූ, ඉඟුරු, දමා බැදගන්න. එයට තක්කාලි සහ මාළු ද එකතු කර අල දමනවා නම් තම්බා පොඩි කරගත් අලද අනෙක් තුනපහ වර්ග ද එකතු කරන්න. එයට මිටි කිරි ද එකතු කර උතුරුවා රස අනූව ලුණූ ඇඹූල් එකතු කරන්න.
පැටිස් පිටි මිශ්‍රණය තුනී කර එයින් රවූම් කපා පිරවූමෙන් ස්වල්පයක් මැදට තබා එය දෙකට නවා විවරය බිත්තර සාරු ස්වල්පයක් තවරා අලවා ගන්න. ගෑරුප්පූව ආධාරයෙන් කෙළවර රැළි තබාගන්න. මෙය තෙලේ බැදගන්නට හෝ බේක් කරන්නට පූළුවනි.

යෝගටි සහ අඹ බීමඅවශ්‍ය ද්‍රව්‍ය ඃ යෝගටි කෝප්ප 1 අඹ ගෙඩි 1 අයිස් කැට හෝ වතුර කැමති නම් අයිස් කීි්‍රම් හැඳි 1
සාදන ක්‍රමයඅඹ ගෙඩිය මිරිකා යූෂ ලබා ගන්න. එයට යෝගටි කෝප්පයද දමා හොඳින් මිශ්‍ර කරගන්න. මෙයට අවශ්‍ය නම් අයිස් වතුර එකතු කරන්න. නැතිනම් සාමාන්‍ය වතුර එකතු කර අයිස් කැට දමා ඉහළින් අයිස් ක්‍රීම් දමා පිළිගන්වන්න.

ඌරු මස් මෝජූඅවශ්‍ය ද්‍රව්‍ය ඃ අලුත් ඌරුමස් ග්‍රෑම් 500 කහ කුඩූ තේ හැඳි 1 ලුණූ කුඩූ තේ හැඳි 1 අඹරාගත් ඉඟුරු අඟල් 2 කැබැල්ලක් අඹරාගත් සූදුළුෑනූ ග්‍රෑම් 50 මිරිස් කුඩූ තේ හැඳි 2 සීනි තේ හැඳි 1 1·2 කරදමූංගු 6 අඟල් 1 කුරුඳු කැබලි 1 කුඩා දෙහි ගෙඩියක තරමට අඹරාගත් අබ සහ කහ කුඩූ ස්වල්පයක් විනාකිරි බෝතල් 1/2
සාදන ක්‍රමය
අයිස් නොමැති අලුත් මස් විනාකිරෙන් සෝදාගන්න. වතුරෙන් සෝදන්න එපා. මස් තරමක් ලොකු හතරැස් කැබලිවලට කපන්න. එයට කහ කුඩූ, ලුණූ කුඩූ කලවම් කර පැත්තකින් තබන්න. සාස්පානකට විනාකිරි කෝප්පයක්, ඌරුමස්, කරදමූංගු, කුරුඳු පොතු දමා විනාඩි 20 ක් පමණ තැම්බෙන්නට හරින්න. ඉන්පසූ මස් ටික ඉවතට ගෙන විනාකිරි ඉවත් කරන්න අඹරාගත් සූදුළුෑනූ, ඉඟුරු, අබ විනාකිරි දමා කලවම් කරගන්න. එයටම මිරිස් කුඩූ, සීනි, කහ අවශ්‍ය නම් ලුණූත් දමා කලවම් කර මස් ද දමා කලවම් කර බෝතලයක දමා ශීතකරණයේ තබා ප්‍රයෝජනයට ගන්න.

ගෝවා සලාදයඅවශ්‍ය ද්‍රව්‍ය ඃ හීනියට කපාගත් ගෝවා ග්‍රෑම් 250 සූල්තානා ග්‍රෑම් 75 කජූ හෝ රට කජූ ග්‍රෑම් 75
සාදන ක්‍රමයකැපූ ගෝවා ටික වේලාවක් අයිස් වතුරේ තිබෙන්නට හැර පෙරාගන්න. ගෝවා, සූල්තානා, කජූ සහ ෆ්‍රෙන්ච් සූසින් දමා කලවම් කර ආහාරයට ගන්න.

ප්‍රෙන්ච් ඩ්‍රසින් සාදන ක්‍රමයවිනාකිරි හෝ දෙහි මේස හැඳි 1, ඔලිව් තෙල් හෝ සලාද මේස හැඳි 3, ලුණූ කුඩූ තේ හැඳි 1/2, ගම්මිරිස් කුඩූ තේ හැඳි 1/2 සහ සීනි තේ හැඳි 1/2 බෝතලයකට දමා මූඩිය වසා හොඳින් සොලවන්න. මෙය ශීතකරණයේ තබා සති තුනක් පමණ තැබිය හැකියි.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment