සතුට වගේම ව්‍යායාමත් නිරෝගීි දිවියකට පාර පෙන්වනවා

හෘදයාබාධ ගැන අහන්නට දකින්නට ලැබූණත් තවමත් ගැහැණූ උදවිය මේ ගැන වැඩි අවධානයක් දක්වන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගැහැණූ උදවිය ගෙදර දොර වැඩට දක්වන උනන්දුව තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන දක්වන්නේ නැහැ.
හදිසියේම කරන්නට සිද්ධ වෙන ශල්‍ය කර්මයක් ගැන වූණත් අම්මා කෙනකුට හදිසි නැහැ. දුවගේ විභාගේ ඉවර වෙලා දිනයක් ගමූ. පූතාට කන්න ටිකවත් හදන්නේ කවූද? ඒ තමයි අම්මලාගේ හැටි.
හැම අවූරුද්දකම ලෝකය පූරාවට සිදුවන කාන්තා මරණ අතරින් මිලියන අටක්ම හෘද රෝග ආශ්‍රිත සංකූලතාවලින් සිද්ධ වෙනවා. පියයූරු පිළිකාවලින් සිදුවන මරණ සංඛ්‍යාවට වඩා 18 වතාවක්ද එච්. අයි. වී වෛරස ආසාදන නිසා සිදුවන මරණ සංඛ්‍යාවට වඩා හය වතාවකින්ද හෘදයාබාධවලින් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළයි.
දියූණූ වෙමින් පවතින රටවල සිදුවන කාන්තා මරණ වලින් 50% ක්ම හෘදයාබාධ හෝ අංශබාග රෝග තත්ත්වය නිසා සිදු වෙන බව වාර්තා වෙනවා. මේ නිසාම 2003 වර්ෂයේ ලෝක සෞඛ්‍ය දිනයේදී කාන්තාවන්ට ද ජීවත් වීමට හදවතක් අවශ්‍යයි යන තේමාව ඉස්මතු කළා. මේ නිසා තමන්ගේ ජීවිතය ගැන අවතක්සේරුවෙන් හිතන කාන්තාවන්ට තමන්ගේ ජීවිතය ගැනත් හිතන්නට යමක් ඉතිරිවූණ බව ලෝක සෞඛ්‍ය සම්මේලනයේ සභාපති මහාචාර්ය පූල් විල්සන් සඳහන් කරනවා. හෘදයාබාධ පිළිබඳ අවදානමෙන් මිදෙන මග ගැනත් කාන්තාවන්ව දැනූවත් කිරීම ඔවූන්ගේ අරමූණ වූණා.
  • අපේ රටට නම් කාන්තාවන්ගේ දුම්බීම එතරම් හූරු පූරුදු නැහැ. ඒත් බටහිර රටවල කාන්තාවන් දුම්බීමට ඇබ්බැහි වෙලා. දුම්බීම නිසා හෘදයාබාධ වගේම කිරීටක ධමනි ආශ්‍රිත රෝග ඉහළ මටිටමකට පත් වෙනවා. දුම් බොන්නන් ආශ්‍රයේ සිටින උදවියටත් හෘදයාබාධ වැළඳීමට 30% ක අවදානමක් තිබෙන බව අමතක කරන්න එපා.
  • උපත්පාලන ගිලින පෙති සමග දිනකට දුම්වැටි 15 ක් පානය කරන කාන්තාවකට හෘද රෝග ආශ්‍රිත අවදානමට මෙන්ම අංශබාග තත්ත්වයට ගොදුරුවීමේ සම්භාවිතාව අනකෙුත් කාන්තාවන්ට සාපේක්ෂව පස් ගුණයකින් ඉහළයි.
  • ව්‍යායාම ජීවිතයේම කොටසක් කර ගන්න. අපි ඉතින් අමූතුවෙන් ව්‍යායාම මොකටද? ගෙදර වැඩපල කළාම මදෑ කියන මිථ්‍යාව මත රැඳෙන්න එපා. ලෝකයේ කාන්තාවන් අතර 60% - 85% අතර පිරිසක් ව්‍යායාම මගින් තම ජිවිතයේ නිරෝගී බව රැක ගන්න උනන්දු නැහැ අඩූම වශයෙන් විනාඩි 30 කවත් ශාරීරික ව්‍යායාමවල යෙදීම වැදගත්. ඇවිදීම බයිසිකල් පැදීම, ගෙවතු වගාව වැනි කය වෙහෙසන ව්‍යායාම වලින් හෘද රෝග ආශ්‍රිත අවධානම අඩූ වෙනවා. ව්‍යායාමවලින් ඈත්ව හිටියොත් හෘද රෝග සහ අධි රුධිර පීඩනය වැළඳීම 30% කින් ඉහළ නගිනවා.
  • සිරුරේ බර පාලනයකින් තබා ගන්නට නම් එළවළු, පලතුරු පූර්ණ ධාන්‍ය ආහාර ගැන උනන්දු වෙන්න. සත්ව මේද වෙනූවට ශාක ආහාර අසංතෘප්ත මේද අඩංගු ආහාර ආදේශ කරන්න..
  • අනවශ්‍ය ශරීර බර නිසා සිදුවන අධි රුධිර පීඩනය, කිරීටක ධමනින් ආශ්‍රිත ආබාධාවලින් මළ දරු උපත් සිදුවන අතර තරබාරු බව නිසා සිරුරේ අහිතකර කොලස්ටරෝල් මටිටමද ඉහළ නගින බව අමතක කරන්න එපා.
  • සත්ත්ව මේදවලින් පිළියෙල වන බැදුම් ආහාර, මධ්‍යසාර ලුණූවලින් දුරස්ත වන්න. දිනකට සිරුරට ලැබෙන ලුනූ ප්‍රමාණය මේස හැඳි එකක (ග්‍රෑම් 4 - 6) අතර මාත්‍රාවකට වගේම සෝඩියම් මාත්‍රාව දිනකට මිලි ග්‍රෑම් 1600 - 2400 අතරට සීමා වෙන්න ඕන.
  • දියවැඩියාව කාන්තාවන් අතර ඉතාම සූලබ අතර කිරීටක ධමනින් ආශ්‍රිත ආබාධවලට දියැවඩියාව මග පාදන බව අමතක කරන්න එපා. දියැවැඩියා රෝගී කාන්තාවක් හෘදයාබාධයකට ගොදුරුවීමේ හැකියාව දියවැඩියාව නොමැති කාන්තාවකට සාපේක්ෂව බලන විට අට ගුණයකින් ඉහළයි.
  • අධි රුධිර පීඩනය නොමැති කාන්තාවකට වඩා අධි රුධිර පීඩනය සහිත කාන්තාවකට හෘදයාබාධ වැළඳීමට තිබෙන අවධානම 3.5 ක වාරයක් ඉහළයි.
  • අනවශ්‍ය පරිදි මානසික පීඩනය දරා සිටීම ද කිරීටක ධමනින් ආශ්‍රිත ආබාධයන්ට හේතු වෙනවා. ශාරීරික ලෙසින් ක්‍රියාකාරීවීමෙන් වගේම පූළුල් ලෙස ගොඩ නගන සමාජ සම්බන්ධතාවන් මානසික පීඩනය අවම කරනවා.
  • නිතරම අධි රුධිර පීඩනය පරීක්ෂා කිරීමෙන් වගේම අවූරුද්දකට වතාවක්වත් පූළුල් වෛද්‍ය පරීක්ෂණයක් මගින් ශරීර සෞඛ්‍ය පිළිබඳ සහතිකයක් ලබා ගැනීම ඉතාම වැදගත් බව අමතක කරන්න එපා.

අපට කොහෙද මෙයා ඕවට වෙලාවක් කියල හමැ දේම කල් දෑම්මත් හෘදය වස්තුව ගැන තිබෙන අනතුරුවලට නම් හෙටට කල් දැමීම කරන්න එපා.
ලෝක සෞඛ්‍ය සම්මේලනයේ වාර්තාවක් ඇසූරිනි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment