රෝගී මවකට මව්කිරි දීම අගුණද?


දරුවාට පළමූ අවූරුදු දෙක තුළ සෙම් රෝග වැනි දේ සූලබව වැළඳේ. නමූත් පළමූ අවූරුදු දෙක තුළවත් කිරි දෙනවා නම් එම කාලය තුළ දරුවා රෝගවලට ගොදුරුවීමේ අවධානම අඩූ කර ගත හැක. මේ තුළින් දරුවා මන්දපෝෂණයෙන්ද වළක්වා ගත හැක.

නිවසේ කිරිදෙන මවක් රෝගි වී නම් බොහෝ වැඩිහිටියන් ඒ පිළිබඳව කලබල වෙනවා. ළදරුවාටත් මවගේ රෝගය බෝවෙන්නට හැකි බවට විශ්වාස කරනවා.
බොහෝ වෙලාවට සෙම්ප්‍රතිශ්‍යාව, උණ වගේ රෝග තත්ත්වයන් තමයි ඇතිවෙන්නේ.මේ නිසාම ඇතැම් වැඩිහිටියන් ළදරුවා මවගෙන් ඈත් කර තබන අවස්ථාත් තිබෙනවා.
නිවැරදි අවබෝධයක් නොමැති මවද මේ අවස්ථාවේදී සරණ වෙනවා. වැඩිහිටි තීරණ තුළ ඇයට යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වෙනවා.ඇතැම් අවස්ථාවල මේ තීරණ නිසාම සිඟිත්තාට මව්කිරි නොලැබී යාමට පූළුවන්.මේ නිසා කිරිදෙන සැම මවකටම, කිරිදීමට සූදානම් වන මවකට නිවැරදි දෑනූමක් ලබාදීමටයි මේ සූදානම.
කිරිදෙන මවක් ආසාදිත වූ විට සිරුර තුළ එම ආසාදනයට විරුද්ධව ප්‍රතිශක්තිකරණයක් නිපදවෙනවා.
මෙහිදී සිරුර තුළ ඇති සූදු රුධිරානූ ෙසෙලවලින් ආසාදනයට විරුද්ධ ප්‍රතිදේහ නිපදවීමක් සිදුවෙනවා.
මේ නිසා එම රෝගය යටපත් වීමක් සිදුවෙනවා.
මව නිෂ්පාදනය කරන ඇතැම් සූදු රුධිරානූ සහ මේ ප්‍රතිදේහ කිරි සමග දරුවාට ලැබෙනවා. එම නිසා දරුවාට එම ආසාදනය සැදුණත් අවශ්‍ය ප්‍රතිශක්තිකරණය මව තුළින් ලැබෙන නිසා රෝගය උස්සන්න නොවී සූවපත් වීමක් වෙනවා.
එම නිසා සෑම මවක්ම තමා ආසාදිත වූූවත් මව්කිරි දීම දිගටම කළ යූතුය. ඒ තුළින් දරුවාට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලබා දිය හැක.
ඒඩ්ස් රෝගය පමණක් මව්කිරි සමග බෝවිය හැක. එයත් ඉතාම සූළු ප්‍රතිශතයකි.
දරුවාට පළමූ අවූරුදු දෙක තුළ සෙම් රෝග වැනි දේ සූලබව වැළඳේ. නමූත් පළමූ අවූරුදු දෙක තුළවත් කිරි දෙනවා නම් එම කාලය තුළ දරුවා රෝගවලට ගොදුරුවීමේ අවධානම අඩූ කර ගත හැක. මේ තුළින් දරුවා මන්දපෝෂණයෙන්ද වළක්වා ගත හැක.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment