ඔස්ටියොපොරෝසිස් නිහඬ වසංගතයකි

අපේ එදිනෙදා ක්‍රියාකාරකම්වලදී අස්ථිවලින් සිදු කෙරෙන කාර්ය කොටස ඉතාම වැදගත්. අපගේ අස්ථි දුර්වල නම් පඩිපෙළක් නැගීම, ඇවිදීම වැනි සාමාන්‍ය දෙයක් පවා කිරීමට අසීරු වේ. අස්ථි දුර්වලවීමේ රෝගය හෙවත් ඔස්ටියොපොරෝසිස් (osteoporosis) රෝගයෙන් මූළු ජිවිතයම අසරණ තත්ත්වයට පත් විය හැකි අතර ඉතාමත් සූළු ක්‍රියාකාරකමක් කරන විට පවා වේදනාවක් දෑනේ. ඔස්ටියොපොරෝසිස් රෝගය හෙවත් අස්ථි දුර්වලවීමේ රෝගය ඔබේ අස්ථි දුර්වල කර දිරායාමේ තත්ත්වයට පත් කරයි. එනම් අස්ථිවල බර අඩූවීමෙන් අස්ථි සිහින් වී ශක්තිමත්භාවය අඩූවීමෙන් ඔස්ටියොපොරෝසිස් රෝගයට මඟ පෑදේ.

මෙම රෝගය නිසා අස්ථි දිරායාම මැණික් කටූවට උකුල් ඇටයට සහ කොඳු ඇට පෙළට විශේෂයෙන්ම බලපායි.
අපේ සමාජය තුළ ඔස්ටියොපොරෝසිස් රෝගය වැළඳෙන්නේ කාන්තාවන්ට පමණක් බවට මිථ්‍යා මතයක් පවතී. ඔසප් ක්‍රියාවලිය නැවතුණ කාන්තාවන් වැඩියෙන්ම ඔස්ටියොපොරෝසිස් රෝගයට ගොදුරුවීම සත්‍යයක් වූවත් කාන්තාවන්ට පමණක්ම මෙම රෝගය වැළඳේ යයි අදහස් නොකෙරෙ.

වැඩිපූරම කාන්තාවන් මෙම රෝගයට ගොදුරුවීමට හේතුව වන්නේ ඔවූන්ගේ ශරීරයේ හෝමෝන නිෂ්පාදන ක්‍රියාවලියේම පවත්නා වූ තත්ත්වයකි. කාන්තාවන්ගේ ඔසප් ක්‍රියාවලිය සිදුවෙන කාලයේදී ඊස්ට්‍රජන් හෝමෝනය නිෂ්පාදනය පහත වැටෙන අතර අස්ථි ශක්තිය පවත්වා ගැනීමේදී බලපානූයේ මෙම හෝමෝනයයි. ඊස්ට්‍රජන් හෝමෝන නිෂ්පාදනය පහත වැටෙද්දී අස්ථිවල ශක්තිය අඩූ වීම වර්ධනව වේ. මේ නිසා කාන්තාවන් අවසාන ඔසප් කාලයේදී ඔස්ටියොපොරෝසිස් රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩි වේ.
කෙසේ වෙතත් කාන්තාවන් මෙන්ම පිිරිමින්ද ඔස්ටියොපොරෝසිස් රෝගයට ගොදුරු විය හැක.
බොහෝ විට සූළු වැටීමකින් හෝ අනතුරකින් ඔබේ අස්ථි බිදී යන තුරුම ඔබ ඔස්ටියොපොරෝසිස් රෝගයට ගොදුරු වී ඇති බවක් දෑනගත නොහැක. සමහර විට මෙම තත්ත්වය ඉතාම වේදනාකාරී කොඳු ඇට පෙළට හානිවීම දක්වා සිදු විය හැක. ඔස්ටියොපොරෝසිස් රෝගය නිහඬ වසංගතයක් ලෙසින් හඳුන්වනූයේ එබැවිනි.
හන්දිපත් වේදනාව ඔස්ටියොපොරෝසිස් රෝගයේ මූලික ලක්ෂණයක් වන අතර එය ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ කොඳු ඇට පෙළටයි. මින් සිරුර කුදුවෙන අතර බාහිර පෙනූම පවා වෙනස් වී ජීවිත කාලයටම අසරණ විය හැකියි.
එබැවින් ඔබේ දිනපතා ආහාරයට සෑහෙන පමණින් කැල්සියම් අඩංගු කර ගැනීම ඔස්ටියොපොරෝසිස් රෝගය වළක්වා ගැනීමට උපකාර වේ. කිරි හා කිරි නිෂ්පාදන කැල්සියම් යහමින් අඩංගු ආහාර වර්ග වේ. කිරිවල අඩංගු කැල්සියම් ඔබේ අස්ථි මගින් උරාගනූ ලබන අතර ඉන් ඔබේ අස්ථි සවිමත් වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment