යක්කු ගහල කියල රෝහලකට නොයා ඉන්න එපා

අපස්මාරය කිව්වහම හැමෝම බියවෙනවා. ඇත්තෙන්ම මේ රෝගය සමාජයට හෙළි නොකර සැඟවී ප්‍රතිකාර ගැනීමට තරම් කටයූතු කරන පිරිසකුත් ඉන්නවා.

කාලයක් බොහෝ දෙනෙක් හිතුවේ මේ යකුන් ගහලා ඇතිවෙන තත්ත්වයක් කියලා. ඉතිං යාගහෝම කරලා යක්කු එළවන්න කටයූතු කළා. අද එය නැහැයි කියනවා නොවෙයි. අදටත් මේ අපස්මාර රෝගයට බලි තොවිල් කරන අය ඕනෑ තරම් ඉන්නවා.

මෙය ලෝක ඉතිහාසයේ ඈතට දිවයන රෝගයක්. ඇතිවෙන්නේ මොළයේ විද්‍යූත් ක්‍රියාදාමයේ වෙනසක් නිසා. මේ වෙනස පටියකින් බැලීමේදී හොඳින් හඳුනාගත හැකියි.
මොළයේ විද්‍යූත් ක්‍රියාදාමයේ වෙනස ඇතිවන ස්ථානය අනූව සිරුරේ චලනයත් වෙනස් වෙනවා. චලනය (සෙලවීම) පමණක් නොවෙයි දැනීම පිළිබඳව වෙනස්, කල්පනාවේ වෙනසක් වගේම දැකීමේ වෙනසකුත් ඇතිවිය හැකියි.ඒත් අපි බහූලව දකින්නේ ගැහිලා, ගැහිලා සෙම සොටූ දමාගෙන මූත්‍රා පිටවීමෙන් සිහිසූන් නැතිවීම. මීමැස්මොරය කියලා කියන්නෙත් මෙයට තමයි.
විද්‍යූත් ක්‍රියාදාමය තැනකින් පටන්ගෙන මොළය පූරාම පැතිරීම බොහෝවිට දක්නට ලැබෙනවා.හඳුනාගත් අපස්මාරය රෝගීන් ලංකාවේ ලංකාවේ ලකෂ තුනක් ඉන්නවා. සියයක් ගත්විට පස්දෙනෙකුවත් ජීවිතයේ එක් අවස්ථාවක හිටි එක සෑදීමට යොමූවෙලා තිබෙනවා.
දියූණූවන රටවල් මොළයේ ආසාධන, ආබාධ, පෝෂණය අඩූවීම වැනි දේ නිසාත්, ඥාති විවාහය නිසාත්, දරු උපතේදී දරුවා හිරවීම වැනි දේ තුළින් සිදුවන අනතුරු නිසාත් අපස්මාරයට යොමූවෙනවා වැඩියි.

අපස්මාර රෝගීන් සමාජයෙන් කොන්විය යූතු කොටසක් නොවෙයි. අනික කාට කොයි මොහොතේ ඇතිවෙනවාද කියන්නට බැහැ වගේ.
හැබැයි මේ රෝගීන් ටිකක් කල්පනාවෙන් සිටීම හරිම වැදගත්. අනාරක්ෂිත තැන්වල, ගස් උඩ, ගංඟා ඇල දොළ වැනි තැන්වල, ගින්දර අසල සිටීම නම් හොඳ නැහැ.අද අපස්මාර රෝගීන්ට සාර්ථක ඖෂධ තිබෙනවා. හැබැයි මේ ප්‍රතිකාර අතරමග නැවැත්වීම නම් සූදුසූ නැහැ. අවූරුදු 3 1/2 - 5 ක පමණ නොකඩවා ඖෂධ ගත යූතුය. ඖෂධ මගින් පාලනයට නොහැකි විට සැත්කම මගින් හොඳ කළ හැකියි.


ඔබේ නිවසේත් අපස්මාර රෝගියෙක් සිටිනවා නම් වහාම ළඟම තිබෙන රජයේ රෝහලට රෝගියාව රැගෙන යන්න. යාග හෝම කිරීම වරදක් නොවෙයි. එය රෝගියාගේ මානසික තත්ත්වයට හොඳයි. ඒත් ප්‍රතිකාර නම් අවශ්‍යමයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment