දරුවාගේ හිසේ කැක්කුම නොසලකා ඉන්න එපා

හිසේ කැක්කුම ඇතිවන ස්ථානය අනූවද හිසේ කැක්කුමට හේතුව කුමක්ද කියා හඳුනා ගන්නට පූළුවන්. මේ නිසා දරුවෙකුට හිසේ කැක්කුමක් තිබෙන බව පවසනවා නම් දරුවා ඉන් තවත් පීඩාවට පත් නොකර වෛද්‍ය උපදෙස් ලබා ගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර මගින් හිසේ කැක්කුම කියන රෝගී තත්ත්වයෙන් මූදවා ගන්න.

වැඩිහිටි පූද්ගලයන්ට වගේම කුඩා දරුවන්ටත් නිතරම ඇතිවන රෝගී තත්ත්වයක් ලෙස හිසරදය හෙවත් හිසේ කැක්කුම හඳුන්වා දෙන්නට පූළුවන්. ඒ වගේම මෙම තත්ත්වය බොහෝ රෝග සංඛ්‍යාවකට මූල්වන රෝගී තත්ත්වයක් වීම නිසා විශේෂයෙන් මේ ගැන අවධානය යොමූ කළ යූතුයි. මෙම හිසේ කැක්කුම ඇතිවීමට බලපාන හේතුන් බොහොමයක් තිබෙනවා. දරුවකෙුට උණ හැදුනත්, වෙනත් වෛරස් රෝගයක් හැදුනත් හිසේ කැක්කුම ඇතිවෙන්නට පූළුවන්. එවිට දරුවා වෛද්‍යවරයෙකුට පෙන්වා අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබා ගන්නට පූළුවන්.
නමූත් වෙනත් කිසිම රෝගි තත්ත්වයක් නොමැතිව හිසේ කැක්කුම පමණක් ඇතිවෙනවා නම් එය එතරම් හොඳ තත්ත්වයක් නොවෙයි. නිතර දෙවේලේ හිස කැක්කුම ඇති බව පවසමින් දරුවා එසේ සිටින විට ඔබ කළ යූතු වන්නේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමයි.
ඒ වගේම අව්වේ යාමෙන්, වෙලාවට ආහාර නොගෙන සිටීමෙන් ඇතැම් දරුවන්ට හිසේ කැක්කුම ඇති වෙනවා. බොහෝවිට මෙම තත්ත්වයට මූහූණ පාන්නට සිදුවන්නේ පාසල් යන දරුවන්ටයි. එම තත්ත්වය අස්වාභාවික පරිසරය නිසා ඇතිවන තත්ත්වයක් පමණයි.
තවත් බොහෝ දරුවන්ට ඉරුවාරදය (මිග්ග්‍රේන්) කියන රෝගි තත්ත්වය තිබෙනවා. එය මොළයේ තිබෙන රුධිර නාලවල හදිසියේ ඇතිවන සංකෝචනයන් නිසා ඇතිවන වේදනාවක්. මෙම ඉරුවාරදය රෝගය නිසි ලෙස හඳුනාගෙන නිසි ප්‍රතිකාර කිරීමෙන් රෝගය සූව කර ගන්ට පූළුවන්කම ලැබෙනවා.

බොහෝ අවස්ථාවලදී සයිනූසයිටීස් (ීෂභඹීෂඔෂෑී- කියන රෝගී තත්ත්වය ද ඇතැම් දරුවන්ට ඇතිවෙනවා. මෙම රෝගී තත්ත්වයේදී හිස කැක්කුමට අමතරව පීනස, නාසයෙන් ගඳ පිටවීම, නාසය සිරවීම වැනි රෝගී තත්ත්වයන්ද තිබෙනවා. මේ නිසා මෙම රෝගී තත්ත්වය ඉතාම පැහැදිලිව හඳුනාගන්නට පූළුවන්. එවිට දරුවා වෛද්‍යවරයෙකුට පෙන්වා ඒ අනූව ලබා ගන්නා ප්‍රතිකාර මගින් රෝගී තත්ත්වය සූව කර ගන්නට හැකියාව ලැබෙනවා.
මෙවැනි කිසිම රෝග ලක්ෂණයක් නොමැතිව දරුවාට හිසේ කැක්කුම පමණක් තිබෙනවා නම්, ඔබ නොදන්නවා වූණාට එය යම් මානසික හේතුවක් නිසාද ඇතිවන්නක් වෙන්නට පූළුවන්. දරුවාගේ සිතේ ඇතිවන ව්‍යාකූල තත්ත්වයක් නිසා නිතරම කල්පනා කිරීමෙන් මේ තත්ත්වයට දරුවා ගොදුරු වෙනවා.
ඒ වගේම හිසේ කැක්කුම ඇතිවීමට බලපාන හේතුන් අතර තවත් එක් හේතුවක් තමයි ඇස් පෙනීම වෙනස් වීමේදී ඇතිවන හිසේ කැක්කුම. දරුවාගේ ඇස් පරීක්ෂා කර බලා එම තත්ත්වයද නිසි ලෙස හඳුනාගන්නට පූළුවන්.
මෙවැනි නොයෙකුත් හේතුන් නිසා හිසේ කැක්කුම ඇති විය හැකියි. ඒ වගේම හිසේ කැක්කුම ඇතිවන ස්ථානය අනූවද හිසේ කැක්කුමට හේතුව කුමක්ද කියා හඳුනා ගන්නට පූළුවන්. මේ නිසා දරුවෙකුට හිසේ කැක්කුමක් තිබෙන බව පවසනවා නම් දරුවා ඉන් තවත් පීඩාවට පත් නොකර වෛද්‍ය උපදෙස් ලබා ගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර මගින් හිසේ කැක්කුම කියන රෝගී තත්ත්වයෙන් මූදවා ගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment