බහතෝරන වියේ දරුවන් සමග බහ තෝරන්නේ කොහොමද?


ඔබේ කිරිකැටි බිළිඳාගේ ලපටි වදනින් "අම්මා" යන වදන ඇසෙන විට මව් පදවියේ රන් කිරුළ ඔබේ හිසේ පැළඳුවා සේ ඔබට දෑනෙනවා නොඅනූමායි. එවන් වාසනාවක් උරුම වනතුරු ඇඟිලි ගණින මව්වරුන් අතරේ ඔබත් සිටින්නට පූළුවනි. ඔබේ බිළිඳා බහතෝරන වියේ පසූවන්නේ නම් බිළිඳාගේ කතාබහ වැඩි කරන්නේ කෙසේද? එසේත් නැතිනම් කතාවට හූරු කරන්නේ කෙසේද? කතා කරන්නට ප්‍රමාද වන්නේ මන්ද? වැනි ගැටළු ඔබටත් අනන්තවත් ඇති. අපි දෑන් ඒ පිළිබඳව ටිකක් විමසා බලමූ.

සාමාන්‍යයෙන් දරුවෙකු මාස 5 - 6 පමණ වියේදී විවිධ ශබ්ද නිකුත් කරන්නට පටන් ගන්නවා. අ...ආ....තා....තා.. වගේ ස්වර උච්චාරණය කරන්නටත් අවූ. 1 1·2 පමණ වන විට සම්පූර්ණ වචනයක් උච්චාරණය කරන්නටත් පටන් ගන්නවා. අවූරුදු 2 පමණ වන විට වචන 2 ක් එක්කොට තකා කරන්නට පූරුදු වෙන්න. උදාහරණ වශයෙන් "තාත්තා ආවා" වගේ වචන 2 ක් පවසන්නට පටන් ගන්නවා. අවූරුදු 3 පමණ වන විට සරල වාක්‍යයක් ගලපා ගෙන කතා කරන්නට පූරුදු වෙනවා. ඒ වගේම උඩ, යට, දුර, ළඟ වගේ ස්ථානවල තියෙන දේවල් සම්බන්ධයෙන් විස්තර කරන්නට පටන් ගන්නවා. ඇත්තටම සාමාන්‍ය දරුවනූත් කතාබහ කරන්නට ප්‍රමාද වන්නට පූළුවන් මාස 6 ක් පමණ වනතෙක්ම. ඒ වගේම මානසික දුබලතා තිනෙ දරුවනූත් ශ්‍රව්‍යබාධ තියෙන දරුවනූත් කතාබට මැලිවන්නට පූළුවන්.
දරුවෙකුට කතාකිරීමේ හැකියාව සිරුර තුළ තිබූණත් එය ඉස්මතු වන්නට නම් බාහිර පරිසරයෙන් අවශ්‍ය කරන පෙළඹවීම ලැබිය යූතුය. වෙනත් විදිහකින් කියනවා නම් කිසිම ශබ්දයක් නොඇසෙන වටපිටාවක දරුවෙකු තැවූබහොත් ඒ දරුවා කතා කරන්නට කිසිම විටක පෙළඹවන්නේ නැහැ. දරුවා අවට විශේෂයෙන්ම දරුවාගේ දෙමව්පියන්, නිවසේ අනෙත් උදවිය කතා බහ කරන වදන වල ශබ්දවල අනූසාරයෙන් තමයි දරුවාත් කතාවට පෙළඹවෙන්නේ. ඒ වගේම භාෂා දෙකක් කතා කරන නිවසක උදාහරන වශයෙන් සිංහල සහ ඉංගී්‍රසි භාෂා දෙකම නිවසේ කතා වෙනවානම් දරුවා කතා කරන්නට පටන් ගන්න පරක්කු වෙන්නට පූළුවන්. එවන් පරිසරයක වැඩෙන දරුවන්ගේ භාෂා වර්ධනය දුර්වල වන්නට පූළුවන්. මක් නිසාද දරුවාට ඇසෙන වචන තෝරා ගැනීමට අපහසූ නිසා. ඒ වගේම මානසික තිගැස්මකට දරුවෙකු භාජනය වූවහොත් උදාහරණ වශයෙන් කතා කරන්නට හදනවිට දරුවා බිය මැදිදුවේනම් අවස්ථාවලදී කතාවට ප්‍රමාද වන්නට පූළුවන්.
ශ්‍රවණාබාධිත නිසා ඇතැම් දරුවන් කතාබහට මැලිවන බවත් ඔබ පැවසූවා. දෙමව්පියන්ට කුමන ආකාරයයෙන්ද පූළුවන් ශ්‍රවණාබාධ ඇති දරුන් හඳුනාගන්නට.


මේ සඳහා දෙමව්පියන්ට දරුවාගේ ශ්‍රවණාබාධ තත්ත්වය නිවසේදීම පරීක්ෂා කළ හැකියි. දරුවෙකු ඉපගණූ අවදියේදීම වගේ මූලින්ම ඇසෙන ශබ්දවලට තිගැස්මකට ලක්වෙනවා. ඒ වගේම මාස 4 පමණ වන විට ශබ්ද ඇසෙන දිශාවලට හිස හරවා බලන්නට පූරුදු වෙනවා. දරුවෙකු කුඩා කලදීම මෙවන් ප්‍රතිචාර නොදක්වනවා නම් ඒ වගේම භාෂා වර්ධනය ප්‍රමාද වනවානම් දරුවාට ශ්‍රවණ ආබාධයක් තිබෙනවා කියලා සැක කරන්නට පූළුවන්. ඒ වගේම පසූකාලීනව නිතර නිතර කන්වල ආසාදන ඇති වෙනවානම් ඒ වගේම අධික ලෙස සේම ගතියක් තිබෙනවානම් ශ්‍රවණා තත්ත්වය දුර්වල වන්නට පූළුවන්. එවන් අවස්ථාවලදී වෛද්‍යවරයෙකු වෙත යොමූ කිරීමට සිදු කළ යූතුයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment