ෂැම්පූ බෝතලයට නැවතීමේ තිත තියන්න,හිසට කොහොඹ සත්කාරයක්



ලස්සන වෙන්න අපි කවූරුත් කැමතියි. ඉන්දියානූ කාන්තාවන් ලස්සන වෙන්නට අනූගමනය කරන ක්‍රමවලින් අපට වියදමක් නැති අවලස්සන වෙන්න පූළුවන් බව ඔබ මොහොතකටවත් සිතුවාද? රුව රැකීමේදී ඔවූන් කෘත්‍රිම ආලේපන වලට වඩා ස්වභාවික හාකසාරය වැඩි විශ්වාසයක් තබන බව මෙයට කලින් සතියෙත් මම අවධාරණය කළෙමූ.


සාමාන්‍යයෙන් ඉන්දියාවේ උතුරෙත් දකුණෙත් කාන්තාවන් එක වගේ අනූගමනය කරන මේ හිසකෙස් සත්කාරය අපේ කාන්තාවටත් වැදගත් වෙන්නේ ශත පහක්වත් වැය නොකර හිස පිරිසිදු කර ගැනීමට හැකි නිසාය. අනෙක් අතට හිසට වඩාත්ම සූදුසූ ස්වභාවික ශාක සාරයෙන් කෙරෙන සත්කාරයන්ය.


මේ සත්කාරයට කොහොඹ කොළ අවශ්‍ය වේ. ඒ කොළ හොඳින් අඹරා තලපයක් ලෙස සකස් කරගන්න. ඊට කහ ස්වල්පයක්ද එකතු කර ගොඩපරත් ගෙන නානූ සේ සකස් කර හිසට ගල්වන්න.


මෙහිදී කහ ස්වල්පයක් එකතු කරගන්නේ හිසේ පිරිසිදුවීම වැඩිවීමටය. මේ සත්කාරය ගැන කතා කිරීමේදී එහි ඇති ඖෂධීය ගුණාංගය ගැන මා අමූතුවෙන් විස්තර කරන්නට අවශ්‍ය වෙන්නේ නැත.


සිංහල ඖෂධ වටිටෝරු වල කොහොඹ ගසේ කොළවලට පමණක් නොව අතු, ඉති, පෙති, මල්, ගෙඩි සියල්ලටම ඉඩක් තිබේ.


කොහොඹ ඉන්දියාවේ මෙන්ම අපේ රටෙිද සූලබව හැදෙන ගසක් නිසා මේ සත්කාරය අපට පහසූවෙන් කර ගැනීමට හැකියාවක් ඇත.


විශේෂයෙන් එකක් කියන්නට අවශ්‍යය. ඉන්දියානූ බහූතර කාන්තාවන් මිල අධික ෂැම්පූ වෙනූවට පාවිච්චි කරන්නේ කොහොඹ, කහ ,ගොඩපර එක්කාසූ කරගත් මේ නානූය. ඉන්දියාව ගැන කතා කරද්දී උතුරු සහ දකුණූ කාන්තාවන් වෙන් වෙන් වශයෙන් හඳුනාගත්තාට වරදක් නැත. ඒ ඔවූන් එකිනෙකාගේ පැහැයේ ඇති වෙනස්කම් සහ රූපලාවන්‍ය ආරක්ෂා කිරීමට දක්වන උනන්දුව සහ සැලකිල්ල මතය. උතුරේ කාන්තාවන් දකුණේ කාන්තාවන්ට වඩා රූපය ගැන සැලකිලිමත් වන ප්‍රමාණය වැඩි යැයි මගේ විශ්වාසයයි.


කෙසේ වෙතත් මේ හිසකෙස් සත්කාරය මූළු ඉන්දියාව පූරාම ජනප්‍රිය බව මගේ අත්දෑකීමෙන් මම දනිමි.


මේ සත්කාරය හිසකෙස්වල දීප්තිය පවත්වා ගෙන යන්නට උපකාරිවෙනවා වගේම, හිස්හොරි වැනි ආබාධවලින්ද ඔබව මූදවා ගන්නා බව අප අමතක නොකළ යූතුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment