රජරට වැසියන්ගේ දසන් වසන ෆ්ලෝරෝසියාව පරාජය කිරීම


ගිලීමලේ දත සූද්දන් විරල බවට කතාවක් ජනවහරේ වෙයි. ඒ ගිලීමලේ වැසියන් අතර ජනප්‍රිය වූ බූලත් විට නිසා බූලත් කහටින් දත් දුර්වර්ණ වීම නිසාය. උපතින් සූදු දත් දෙපෙළක් උරුම වන ඔවූන්ගේ දත් නොදෑනූවත්ව ම දුර්වර්ණ වන්නේ තම "ජන්ම" පූරුද්ද නිසාය. එහෙත් ගිලීමලේ පමණක් නොව අනූරාධපූර , කැකිරාව වැනි රජරට ප්‍රදේශයේ දත සූද්දො විරලයහ. ඔවූන් ගේ දත් දුර්වර්ණ ව ඇත්තේ බූලත් විට සැපීමක් නිසා නොවේ. ඊට හේතු වී ඇත්තේ ඔවූන් ගේ පවස නිවන දිය කඳුළමය.දන්ත ෆ්ලෝරෝසියාව පිළිබඳ ව ශී්‍ර ලංකාවේ පැවැත්වෙන විශේෂ සමූළුවක් නිමිත්තෙන් මෙම තේමාව යළි අවදි කරවීම වෙනූවෙනි.


රජරට කලාපයේ පාසලකට ගිය හොත් දසන් විදහා සිනාසෙන ළපටියන් ගේ සූන්දර සිනහව තරමක් අඳුරු කරවන්නේ කහ ගැසූණූ දත් දෙපෙළයි. මෙය ඔවූන් ගේ සරල දිවියට මහා බාධකයක් නොවූණද වෛද්‍ය පර්යේෂකයන්ට සහ ඇතැම් රසායන විද්‍යාඥයන් ට නම් මහත් වූ හිසරදයකි ඊට හේතුව මේ තත්ත්වයට පසූබිම් වන සාධක පිළිබඳව ඔවූන් තුළ තිබෙන දෑනූවත් බව සහ උනන්දුවයි. මෙය ඔවූන් හඳුන්වන්නේ දන්ත ෆ්ලෝරෝසියාව (තකමදරදිසි- ලෙසින්ය. ශ්‍රි ලංකාවේ වියළි කලාපයේ පැතිර තිබෙන මෙම දත් රෝගයට ප්‍රධාන හේතුව එම පළාත්වල තිබෙන ළිිං ජලයයි. ගැඹූරු ළිංවලින් පානීය ජලය සපයා ගැනීමත් හා එම ජලයෙන් ආහාර පිස අනූභව කිරිමත් මෙම දත් දුර්වර්ණ වීමේ රෝගයට හේතු වී ඇත. ශ්‍රි ලංකාවේ වියළි කලාපයට ආවේණික වූවත් මෙම රෝගය ලෝකයේ තවත් බොහෝ රටවල ශීඝ්‍රයෙන් පැතිරි තිබේ.


පෙනූමෙන් සූළු රෝගී තත්ත්වයක් වූවත් අතුරු ආබාධ රැසකට අත වනන මෙම දත්ත ෆ්ලෝරෝසියාව හෙවත් දත්වල පැහැය වෙනස් වීම උග්‍ර වීමෙන් අස්ථි ෆ්ලෝරෝසියාව නම් රෝගය වැළදී ශරීරයේ අස්ථිවලට හානි වීමක්ද ද සිදුවිය හැකිය. එබැවින් මේ තත්ත්වය පිටූදෑකීම සඳහා අදාළ අංශයන්ගේ අඛණ්ඩ උත්සාහයන් , පරිශ්‍රමයන් පිළිබඳව තවදුරටත් අවධානය යොමූ කිරීම වැදගත්ය.


ෆ්ලෝරෝසියාව යනූ කුමක් ද?

ඕනැම දෙයක් ඕනවට වඩා ඕනෑම නැත යනූවෙන් කියමනක් අපි අසා ඇත්තෙමූ. ෆ්ලෝරයිඩ් ද දත්වල පැවැත්ම සඳහා ඕනෑම ද්‍රව්‍යයකි. එනම් දත් දරා යාමෙන් අවම කිරීමේ ක්‍රියාකාරී සංයෝගයක් වන්නේ ෆ්ලෝරයිඩ්ය. දත්වල එනැමලය සෑදී තිබෙන්නේ පොස්පරස් සහ කැල්සියම් මූලද්‍රව්‍ය එකතු වීමෙන් සෑදුණූ හයිඩ්‍රොක්සිඇපටයිටි නම් රසායනික සංයෝගයෙනි. දරුවකු ගේ දත් එන කාලයේ දී ඒ දරුවා ෆ්ලෝරයිඩ් අඩංගු ජලය වැඩියෙන් පානය කිරීමෙන් හෝ ෆ්ලෝරයිඩ් අඩංගු ජලයෙන් පිසින ලද ආහාර අනූභව කිරීමෙන් හෝ ඒ දරුවා ගේ ශරීරයට වැඩිපූර ෆ්ලෝරයිඩ් ඇතුළු වේ. මේ නිසා කැල්සියම් ඇපටයිටිවල තිබෙන ෆ්ලෝරයිඩ් කාණ්ඩය, හයිඩ්‍රොක්සයිල් කාණ්ඩය වෙනූවට ප්‍රතිස්ථාපනය වන අතර ඒ නිසා කැල්සියම් ෆ්ලෝරෝ ඇපටයිටි අණූ සෑදේ.


ඉහත කී සාමාන්‍යයෙන් දත්වල ඇති හයිඩ්‍රොක්සි ඇපටයිටි මූඛයේ ඇති අම්ල සමග ප්‍රතික්‍රියා කිරිමේ නැඹූරුතාවක් පෙන්වයි. එය දත් දිරා යාමට හේතුවකි. එහෙත් මේ කැල්සියම් ෆ්ලෝරෝඇපටයිටි අණූ අම්ල සමග ප්‍රතික්‍රියා කරන්නේ නැත. කෙසේ වූවද මෙම ෆ්ලෝරොඇපටයිටි වැඩිපූර තැන්පත් විමෙන් දතේ ව්‍යූහාත්මක වෙනසක් සිදුවේ. දන්ත ෆ්ලෝරෝසියාව ලෙසින් හැඳින්වෙනූයේ මේ වෙනසය.


සාමාන්‍යයෙන් ජලය කොටස් දස ලකෂයකට ෆ්ලෝරයිඩ් එක් කොටසකට වඩා වැඩියෙන් තිබූණොත් දත්වල ඇතිවන ව්‍යූහාත්මක වෙනස දන්ත ෆ්ලෝරෝසියාව ලෙසින් හැඳින්විය හැකිය. ෆ්ලෝරයිඩ් අධික ජලය වැඩිපූර පානය කළොත් ශරීරගත වන අධික ෆ්ලෝරයිඩ් ප්‍රමාණය නිසා අස්ථි ඝන වීමක් ඇති විය හැකි අතර මෙම රෝගය අස්ථි ෆ්ලෝරෝසියාව ලෙසින් ද හැඳින්වෙයි. අස්ථි ෆ්ලෝරෝසියාව වැළදුණූ අයකු ගේ ශරීරයේ කොඳු ඇට පෙළ කුදු වීමක් ද එක් රෝග ලකෂණයකි.


දත් විකෘති වීම

දන්ත ෆ්ලෝරෝසියාවේ දී පළමූවෙන් ම දත්වල රට හූණූ වැනි කුඩා පැල්ලම් ස්වරූපයක් හට ගැනීම දෑකිය හැකිය. ලැබෙන ෆ්ලෝරයිඩ් ප්‍රමාණය වැඩි වන විට මේ පැල්ලම් දුඹූරු පැහැ ගනී. දිගින් දිගටම ෆ්ලෝරයිඩ් ප්‍රමාණය වැඩි වන විට දතේ එනැමලයේ ව්‍යූහාත්මක වෙනසක් ඇති විය හැකිය. ඒ අවස්ථාවට පැමිණි විට දතේ සූමට හැඩය වෙනස් වී කරවිල ඇටයක ස්වරූපයක් නැත්නම් කඩතොලු වූ දත් ඇතිවෙයි. මේ තත්ත්වයට දත පත්වන විට ෆ්ලෝරෝසියව දත්වලට වැළදී අවසන්ය.


ආහාර පරිභෝජනයේදී මෙන්ම ප්‍රසන්න පෙනූමකට ද අනිවාර්ය සාධකයක් වන දත් දෙපෙළ මේ ෙ�දනීය ඉරණමින් ගලවා ගත නොහැකිද? සැබැවින්ම ෆ්ලෝරෝසියාව අඩූ කළ හැකි මාර්ග දෙකක් පවතින බව දන්ත වෛද්‍ය විශේෂඥයන් ගේ අදහසයි. ඉන් ප්‍රධාන එකක් වන්නේ දරුවකු මවගේ කුසේ කළල අවධියේ දී මව විසින් පානය කරනූ ලබන ජලයේ සහ ආහාරවල අඩංගු ජලයේ ෆ්ලෝරයිඩ් අඩූවෙන් තිබීමය.


දෙවැනි පියවර වන්නේ ෆ්ලෝරයිඩ් වැඩි වීම නිසා දතේ පෙනූම වෙනස් වන විට ඒ පෙනූම යථා තත්ත්වය ට ගැනීමට අද පවතින විවිධ තාක්ෂණික ක්‍රම භාවිත කිරීමය.


දතේ පෙනූම වෙනස් වන මූල් අවධියේ දී විරංජන කාරක මඟින් විරංජනය කිරීම (වයිටල් බිලීචිං). කෙසේ වූවද මෙය අතිශයින් කල්පනාකාරී ව කළ යූතු ප්‍රතිකාරයකි. මෙය ඉතාමත් ප්‍රවේශමෙන් කළ යූතු දෙයක්. තොල්වල ගෑවූණහොත් හානි සිදුවෙන නිසා වැඩිපූර භාවිත කළොත් දතේ කල්ක කුහරයට උරා ගැනීමේ ඉඩකඩ ද වැඩිය.


දත්වල ෆ්ලෝරයිඩ් ප්‍රමාණය උග්‍ර වී කරවිල ඇටවලට හැඩයට දත් පත්වූණ හොත් නම් ඉහත ක්‍රමයට ප්‍රතිකාර කිරීම අපහසූය.


මෙහිදී කළ යූත්තේ පැල්ලම් ඇති වූ කොටස් මතු පිටින් දතේ පැහැයෙන් යූත් පූරවන ද්‍රව්‍ය ආධාරයෙන් දතේ එනැමලයේ තිබෙන පැල්ලම් වැසීම ය. එහෙත් වඩාත් උග්‍ර වී තිබූණොත් මස්තක නිර්මාණය කළ යූතුය. මෙහි දී කරන්නේ එනැමලයට උඩින් මෙම පිරවූම් ද්‍රව්‍යය කොපූවක් ආකාරයට පිරවීමය.


බොහෝ විට මස්තක නිර්මාණය කරන්නේ දතේ හැඩය වඩාත් විකෘති වී දෑඩි ලෙස පැල්ලම් ඇති වී තිබෙනවා නම් පමණි. එවිට එනැමලය අම්ලයක් මඟින් සිදුරු කොට මේ සිදුරුවලට පිරවූම් ද්‍රව්‍ය කා වද්දනූ ලැබේ. එවිට එම පිරවූම් ද්‍රව්‍ය දත වටා කොපූවක් ආකාරයට පවතී. මේ අවස්ථාවේ පිරවූම් ද්‍රව්‍ය තිබෙන්නේ මෘදු තත්ත්වයෙනි. මේවා ඝන තත්ත්වයට පත් කළ යූතුය. පිරවූම් ද්‍රව්‍ය ඝන කිරීමට අධි සංඛ්‍යාතයක් සහිත හැලජන් ආලෝකයක් පිරවූම් ද්‍රව්‍යවලට අල්ලයි. මේ ආලෝකය නිසා පිරවූම් ද්‍රව්‍ය බහූ අවයවීකරණය වී ඝන වේ. මේ ක්‍රමයෙන් දතේ අවශ්‍ය හැඩය ලබාගත හැකිය.


අලුතෙන් එනැමලයක් නිර්මාණය කිරීමද කළ හැකිය. මෙහිදී කරන්නේ මූලින් ම සෝඩියම් හයිපොක්ලෝරයිටි වැනි විරංජන කාරකයක් මඟින් දතේ පැල්ලම් ඉවත් කිරීමය. ඉන් පසූ අවශ්‍ය ප්‍රමාණය ට තනූක කළ හයිඩ්‍රක්ලෝරික් අම්ලයෙන් එනැමලය සිදුරු ඇති කරයි. මේ සිදුරු කළ එනැමලයේ ෆ්ලෝරයිඩ් අඩංගු ජෙල් වර්ගයක් ආලේප කරන අතර ජෙල් ආලේප කිරීම නිසා ෆ්ලෝරයිඩ් අයන එනැමලයට ඇතුළු වේ. ඒනිසා දතේ ශක්තිමත් එනැමලයක් නිර්මාණය වේ.


දත් දිරායාමේ දී සිදුවන්නේ අම්ලය නිසා කැල්සියම් ඉවත් වීමක්, නැත්නම් කැල්සිහරණයකි. මේ කැල්සිහරණයේ දී කැල්සියම් පමණක් නොව දතේ තිබෙන අපද්‍රව්‍යද ඉවත් වේ. මේ අපද්‍රව්‍ය සියල්ල ඉවත් කොට දතට ප්‍රශස්ථ මටිටමේ ෆ්ලෝරයිඩ් ප්‍රමාණයක් ලබා දුනහොත් කැල්සියම් නැවත ඇපටයිටි බවට පත්වෙන විට ඒවා අම්ලවලට ඔරොත්තු දෙන ඇපටයිටයක් බවට පත් වේ. මෙය රසායන විද්‍යාවේ දී හැඳින්වෙන්නේ කැල්සිහරණය සහ ප්‍රති කැල්සිභවනය නම් ප්‍රත්‍යාවර්ත ක්‍රියාවලියක් වශයෙනි.


මේ ක්‍රියාවලිය කෘත්‍රිම ව ඇති කළ හැකි වන්නා සේම ස්වභාවික ව මූව තුළ දී ද සිදුවෙයි. දත් දිරා යාමේ දී පැණිරස කෑ විට ඒවායින් හට ගන්නා අම්ල නිසා දත් දිරා යයි. ආහාර නොගෙන සිටින විට මූවෙ හි කෙළවල ච්‍ය අගය වැඩි වීමෙන් මූඛය තුළ ස්වභාවික ව ප්‍රතිකැල්සිභවනය ඇති වේ. ප්‍රතිකැල්සිභවනයෙන් ප්‍රතිසංවිධානය වූ එනැමලය දෑන් කලින් තිබූණූ එනැමලය වඩා ශක්තිමත්ය. මේ එනැමලය අම්ලවලට ද ඔරොත්තු දෙයි. ෆ්ලෝරයිඩ් දන්තාලේපවලින් කරන්නේත් මේ ක්‍රියාවලියමය.




දන්තාලේප භාවිතය

අද වෙළෙඳ දෑන්වීම් හරහා අලෙවි කෙරෙන බොහෝ දන්තාලේප පිළිබඳව කතා කිරීමේදී ඒවායේ පවතින ෆ්ලෝරයිඩ් පිළිබඳව විශේෂයෙන් ම සඳහන් වෙයි. එහෙත් ෆ්ලෝරයිඩ් වැඩි වීම නිසා තම දත් දෙපෙළේ පැහැය වෙනස් කරගෙන ලතවෙන ජනතාවට මෙම දන්තාලේපවලින් ඇති ඵලය කිමදෑයි ඔවූන්ට පැනයක් නැගෙනූ නිසැකය. දන්ත වෛද්‍ය විශේෂඥයන්ට අනූව නම් ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප විශේෂයෙන් අවශ්‍ය වන්නේ නාගරික නළ ජලය භාවිතයට ගන්නා අයටය. එයට හේතුව නළ ජලය පිරිපහදු කර තිබීම, පිරිපහදු කළ ජලයේ බොහෝ විට ෆ්ලෝරයිඩ් අඩංගු නොවීමය. ඒ නිසා දත්වලට කිසියම් ප්‍රමාණයක ෆ්ලෝරයිඩ් අවශ්‍ය නිසා ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප නාගරික නළ ජලය භාවිතයට ගන්නා අය පාවිච්චියට ගත යූතුය.


දත් මැදීමේ දී මූව තුළ පවතින ඛේටයට කිසියම් ෆ්ලෝරයිඩ් ප්‍රමාණයක් එකතු වේ. යම් හෙයකින් දත්වල කැල්සිහරණයක් සිදු වූවද මෙම දන්තාලේපවල පවතින ෆ්ලෝරයිඩ් නිසා කැල්සියම් ෆ්ලෝරො ඇපටයිටි අණූ සාදයි. අනෙක් අතට දන්තාලේප මඟින් ලැබෙන ෆ්ලෝරයිඩ් නිසා ප්‍රතිකැල්සිභවනය වේගවත් වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස දත අම්ලවලට ඔරොත්තු දීමේ ස්වභාවයක් ලැබේ. ඒ නිසා දත් දිරා යාම අඩූවෙයි.


මෙහිදී සලකා බැලිය යූතු කරුණක් වන්නේ රටෙි සෑම දෙනාම වෙළෙඳ දෑන්වීම්වලින් කියවෙන පළියට ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප භාවිත කළ යූතුද යන්නය. සැබැවින්ම ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප භාවිත කළ යූතු වන්නේ බොන ජලයේ ෆ්ලෝරයිඩ් ප්‍රමාණය අවම හෝ නළ ජලය භාවිතයට ගන්නා අයයි. ෆ්ලෝරෝසියාව තිබෙන පළාත්වලට ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප භාවිතය සූදුසූ නොවන බව වෛද්‍ය පර්යේෂකයන් ගේ අදහසය. ඒ අය භාවිත කළ යූත්තේ ෆ්ලෝරයිඩ් නැති දන්තාලේපයන් ය.

ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප භාවිතයේ දී ප්‍රවේශම් විය යූතු අවස්ථා ද පවතී. ඒ විශේෂයෙන් වැඩිහිටියන් නොවන බොහෝ පොඩි ළමයි. දන්තාලේප වැඩියෙන් භාවිත කරති. පැණි රසක් හො මින්ටි රසයක් තිබෙන නිසා කෙළ සමඟ දන්තාලේප ගිලීමට ඔවූහූ රුචි වෙති. එහෙත් දිනකට දෙවරක් ප්‍රමාණයට වඩා දන්තාලේප ඛේටය සමඟ මිශ්‍ර වී ශරීරගත වූණහොත් ඒ ළමයින් ගේ ශරීරගත වන ෆ්ලෝරයිඩ් ප්‍රමාණය ද වැඩිය. මේ හේතුව නිසා ෆ්ලෝරෝසියාව නැති පළාතක සිටින ළමයින්ට පවා මෙකී දන්තාලේප හරහා ෆ්ලෝරොසියාව වැළඳීමේ අවදානමක් මේ වන විට උදා වී පවතී.


වෛද්‍ය පර්යේෂකයන් තවදුරටත් අවධාරණය කරන්නේ බොහෝ දන්තා ලේප වැඩිහිටියන් ඉලක්ක කොට නිපදවන අතර ඒ සඳහා දන්තාලේප කොටස් දශලකෂයකට ෆ්ලෝරයිඩ් කොටස් 500ක් පමණ එකතු කරන බවය. ඒවා ළමයින්ට සූදුසූ නොවන අතර ළමයින්ට කවර හෝ දන්තාලේපයක් දුන්නත් දෙන ප්‍රමාණය වැදගත්ය. ඒ අනූව කුඩා කඩල ඇටයක ප්‍රමාණය ඉක්මවන තරම් දන්තා ලේප ප්‍රමාණයක් ළමයින් වෙත වරකදී ලබා නොදීමට දෙමාපියන් වග බලා ගත යූතුය.


ජල පෙරනය පරිහරණයේ දී දෑනගත යූතු දේ

ළිදේ තිබෙන ෆ්ලෝරයිඩ් ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් ජාතික ජල ප්‍රවාහන මණ්ඩලයේ ප්‍රාදේශිය මධ්‍යස්ථානවලින් ලබා ගැනීම


ගඩොල් පෝරණූවකින් ලබාගත් අලුතින් පිළිස්සූ ගඩොල් කැබලි මිලිමීටර්10-15 අතර ප්‍රමාණයකට කඩා අවශ්‍ය මටිටමට පෙරහන තුළ අතුරන්න.


ළීදේ තිබෙන ෆ්ලෝරයිඩ් ප්‍රමාණය 2.0 නම් අලුත පිළිස්සූ ගඩොල් දමා මාස 3 කට වරක් ගඩොල් මාරු කළ යූතුය..


දරුවන්ගේ කිරිදත් හැලෙන අවධිය දක්වාම පෙරහන භාවිත කළ යූතු හෙයින් නියමිත කාලයට ගඩොල් මාරු කිරීම හා පෙරහන හා ජලය පිළිබඳ තොරතුරු අදාළ නිළධාරින් ට සැපයීමෙන් සහයෝගය ලබාගන්න.


ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණඩලයේ නිලධාරින් ලබාදී ඇති උපදෙස් අනූව කටයූතු කිරීමට නිතරම වගබලා ගන්න.


මෙම ගෘහස්ථ පෙරහන සකසා ඇත්තේ දිනකට පෙරු ජලය ලීටර් 25ක් පමණ ලබාගැනීමටය. එම ජලය ආහාර පිසීමට හා පානය කිරිමට පමණක් යොදා ගන්න. පෙරහනින් ලබා ගන්නා ජලය උණූකර නිවාගෙන පානය කරන්න.


ෆ්ලෝරයිඩ් ප්‍රමාණය 4.0පකරැක වැඩි ළිං ඇති ප්‍රදේශ

අනූරාධපූර


කිතුල් හිටියාව - කැකිරාව 4.35-7.90


මහඇලගමූව - කැකිරාව 4.95-7.00


මඩාමූගම - කැකිරාව 4.60- 5.85


පටිටිලාපූ වැව කහට ගස්දිගිලියා


කුරුණෑගල


නිකවැව පොල්පිතිගම 3.80-4.60


ගිරිඋල්ල - නිකවැරටිය 3.80-4.20


ගිරිබාව - ගල්ගමූව 5.20 -6.10


අනූරාධපූර


මසල්පිටිය ර් තඹූත්තේගම 4.50-5.40


අන්දර වැව - නොච්චියාගම 4.00-8.50


මොණරාගල


බෝදගම -තනමල්විල 3.95-4.10


බූත්තල 4.05-5.75


පොළොන්නරුව


ඇතුමල්පිිටිය 3.85-4.00


අම්පාර


මහඔය 8.00


ෆ්ලෝරෝසියාවට අයත් නොවන වෙනත් පැල්ලම්

ෆ්ලෝරෝසියාව නිසා දත්වල ඇතිවන පැල්ලම් වලට අමතර ව වෙනත් පැල්ලම් ද දත්වල ඇති වේ. ෆ්ලෝරයිඩ් නිසා ඇතිවන පැල්ලම් එනැමලය තුළින් මතු වන අතර බූලත් කන අයගේත් සිගරටි බොන අයගේත් දත්වල පැල්ලම් ඇතිවේ. ඒවා පිරිසිදු කිරීමෙන් නැතිවේ. ඖෂධ වර්ග වැඩියෙන් භාවිත කිරීම නිසාත් දත්වල පැල්ලම් ඇති වන අතර විශේෂයෙන් ටෙට්‍රසයික්ලින් ඖෂධය ගැනීම නිසා දත්වල පැල්ලම් ඇති වීමට හේතු වෙයි. ඊට අමතරව ජානවලින් එන රෝග නිසාත් දත් දුර්වර්ණ විය හැකිය. මෙහිදී සිදුවන්නේ එනැමලය සෑදිමේ දුර්වල කමයි.





කෙසේ වූවද ශී්‍ර ලංකාවේ හමූවන රෝගීන් අතුරින් ෆ්ලෝරෝසියාව පවතින රෝගීන් නිශ්චය කර ගැනීම අපහසූ නැත. ඔවූන් බොහෝ විට පැමිණෙන්නේ රජරට ප්‍රදේශයෙන් බැවින් අපහසූවකින් තොරව රෝගය හඳුනා ගත හැකිය. ළදරුවන් ගේ දත්වල ෆ්ලෝරෝසියාව තිබූණත් කිරි දත් නිසා පැල්ලම් නොපෙනේ. කිරි දත් වර්ධනය වන්නේ කළල අවදියේ සිටය. කිරිදත්වල වර්ධනය වී මාස 6කින් පමණ දත මතුවන අතර වසර හතේදී පමණ එම දත් වැටී යන බැවින් මෙම රෝග තත්ත්වයේ බලපෑම කිරි දත්වලට එතරම් ම තදින් බලපාන්නේ නැත. ස්ථිර දත්වල කළල වර්ධනය සිදුවන්නේ ද මවගේ කුසේ සිටය. අවූරුදු 7 දී එන දතක කළලය මවගේ කුසේදීත් තිබෙන අතර ඒ නිසා දිගු කාලයක් දතට ෆ්ලෝරයිඩ් ලැබීමේ හැකියාවක් එම දත්වලට පවතී. මේ ලෙසින් දීර්ඝ කාලීන ව දතට ෆ්ලෝරයිඩ් ලැබීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ තදබල ලෙස දත් දුර්වර්ණ වීමය. ඒ නිසා වයස අවූරුදු 7 දී පමණ දත්වල දුර්වර්ණ වී පැල්ලම් ඇතිවන විට වෛද්‍යවරයකු ළඟට ගොස් ප්‍රතිකාර ගැනීම අනිවාර්යයෙන් ම කළ යූතුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment