නගනය ඇති ඇසට මව්කිරි දෑමීම සූදුසූද?


නිවසේ කාටහරි නගනයක් එන්නේ ගෑනූූ දරුවෙක් ලැබෙන්න කියලා එදා වැඩිහිටියන් කියපූ කතාව ඇත්තද?
පැරණි අපේ ආච්චි අම්මලා අතරේ කියමනක් තියෙනවා ඔබ අසා ඇති නිවසේ කාගේ හෝ ඇසක නගනයක් එන්නේ කාට හෝ දුවෙක් ලැබෙන්න ඉන්න කොට කියලා. ඒ නිසා ඔවූන් එය සාමාන්‍ය දෙයක් හැටියටයි සැලකුවේ.


නගනය යනූවෙන් අදහස් කරන්නේ ඇස් පිහාටූවක ඉදිමූණූ තත්ත්වයක්. අපගේ ඇසේ පිහාටූව තත්පර හතරකට වරක් පියවෙනවා. එමෙන්ම ඇසේ පිහාටූවල තිබෙනවා කඳුළු ග්‍රන්ථි එම කඳුළු ග්‍රන්ථි් වල කඳුළු ඇස් පිහාටූ තුළට එකතුවීමෙන් ගැටිත්තක් වැනි කුඩා ගෙඩියක් ඇතිවන අතර එය සමහර විට සැරව ගෙඩියක් වන්නටද පූළුවන.


ප්‍රධාන වශයෙන් මෙම තත්ත්වය දෑකිය හැක්කේ කුඩා දරුවන්ගේය. කුඩා දරුවන්ගේ ඇසට විෂබීජ යාමෙන් මෙම තත්ත්වය ආසාදනය වීමටද පූළුවන්.


නගන අවස්ථාව ඇතැම් අයගේ කලාතුරකින් එන තත්ත්වයක් බවත් තවත් අයගේ ඇස් දෙකෙහිම එන අතර ඇස් පිහාටූ හතරෙම එන අවස්ථා ද තිබෙනවා.


විශේෂයෙන්ම ඇසේ නගනයක් ඒමට බලපාන එක් හේතුවක් ලෙස හිස්හොරි හැදින්විය හැක. ඇසේ හටගන්නා නගන සාමාන්‍යයෙන් දින දෙකක් හෝ තුනකදී බැසයන අතර එයට නිවසේ කරන ප්‍රතිකාරයක් ලෙස මද ලා රස්න ජලයට බේබි ෂැන්පූ (සැර නැති නිසා) බිංදු කිහිපයක් දමා දියකර කන් පිස දෑමීමට ගන්නා කොටන් බන්ඩ් එක පොඟවා ඇස් පිහාටූ හොඳින් පි්ස දෑමිය යූතු අතර තවත් ප්‍රතිකාර ක්‍රමයක් ලෙස පිරිසිදු රෙදි ගුලියක් ගෙන මද ලා රස්නය වතුරින් සෙමින් ඇස් පිහාටූව තැවීමයි. මෙය උදේ සවස කිරීම වඩා සූදුසූ වේ. මෙම ප්‍රතිකාර වලට සූවනොවූනේනම් අකෂි වෛද්‍යවරයෙකුට පෙන්විය යූතුයි. තවද ඇසේ කඳුළු නොයන්නේනම් ඇස වියළි ස්වභාවයකින් යූතුනම් කෘත්‍රීම කඳුළු ලබාදෙයි.


මෙවැනි කෙටි ප්‍රතිකර්ම වලින් සූවයක් නොලැබූනේ නම් ආසාද්මික වී නම් එයට ශල්‍යකර්මයක් කිරීමට සිදුවේ. එයට බිය නොවිය යූතු අතර මෙමඟින් ස්නායූවලට හානියක් සිදුනොවේ.


ඇතැම් අපේ ආච්චි අම්මලා ඇසේ නගනයක් හටගත් විට ඇසට මව්කිරි, බත් පෙන වැනි කෙම්ක්‍රම ලෙස මෙවැනි සරළ සූළු ප්‍රතිකාර කිරීමට පෙළෙඹේ. එය එතරම් සූදුසූ නොවන බවත් දැසට තවත් විෂබීජ ඇතළුවීමේ ඉඩ ප්‍රස්ථාව වැඩිවේ.


දැස් පිහාටූ දාරයේ කඳුළු ග්‍රන්ථි වල කුණූ විෂබීජ එකතුවී තිබේ නම් ඇසේ නගන නිතර නිතර සෑදීමට හැකියාව ඇත. ඒ නිසා දැස් පිරිසිදුව තබා ගැනීමෙන් හා නගනය නිතර නිතර සෑදී ආසාදනය වේනම් වෛද්‍ය උපදෙස් පැතීම සූදුසූයි.




අයස්මන්ත පීරිස්
වෛද්‍ය නිලධාරී අකෂි රෝහල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. අම්මෝ මගෙත් ඇවිල්ලා මොකද්ද කරන්නේ කියල හිටියේ ... thnks for the post :D

    ReplyDelete