දියණියන් තිදෙනා ළඟට පූතෙක් ලැබීම අසූබද?

ගැහැනූ දරුවන් තුන්දෙනෙක් ළඟට පිරිමි දරුවකු ඉපදීම සහ පිරිමි දරුවන් තුන්දෙනෙක් අතරට ගැහැනූ දරුවෙකු ඉපදීම නූසූදුසූ බවට පැතිර යන මතය කුමක්ද කියන කාරණාව තමයි මෙතනදී අප විමසූමට භාජන කළ යූත්තේ.


මෙම මතය අයත් වන්නේ ප්‍රජාව වර්ධනය හෙවත් දරු උපත් ගැන කතා කරන කාරණා වලටයි. මෙය විද්‍යාත්මක තත්ත්වයකට නැඹූරු ප්‍රශ්නයක්.


දරුවෙකුට ඉපදීමට අදාළව පිළිසිඳ ගැනීමට අවශ්‍ය වෙන්නේ ස්ත්‍රී, පූරුෂ සම්බන්ධයක් පමණයි. ස්ත්‍රී, පූරුෂ සම්බන්ධයක් ඇතිවීමට බලපාන විවාහ තවමත් අපේ රටෙි සිදුවන්නේ යෝජිත, අනූමත විවාහයන් ලෙසටයි. විවාහයේ බොහෝ කටයූතු කරනූ ලබන්නේ ජ්‍යොතිෂයට අනූව යොදාගන්නා නැකත් වලට අනූවයි. මෙසේ සිදුවන විවාහයෙන් පසූව තමයි ප්‍රජාව බෝ කිරීම සඳහා උත්සාහ ගන්නේ.


අද වනවිට නැකත් චාරිත්‍රවලට අනූව විවාහය සිදුකරන බොහෝ දෙනාගේ ගෘහ ජීවිතයන් අසාර්ථක තත්ත්වයට පත්වෙලා තියනවා. එයට විවිධ හේතු බලපාන්න පූළුවන්. මෙම කාරණාව සඳහා ලිංගික ජීවිතයේ අසාර්ථකතාවන් දරු පිළිසිඳ ගැනීමක් නොමැතිකම් වැනි කාරණා බලපාන්න පූළුවනි. ඊට අමතරව ජ්‍යොතිෂය මූවාවෙන් මිනිසූන් අතරමං කරන අවස්ථා ද පෙන්විය හැකියි.


අපි අද කතා කරන ගැහැනූ දරුවන් තුන්දෙනෙක් ළඟට පිරිමි දරුවෙකු ඉපදීම සහ පිරිමි දරුවන් තුන්දෙනෙක් ළඟ ගැහැනූ දරුවෙකු ඉපදීම නූසූදුසූ බවට සූබ අසූබ බවට ජ්‍යොතිෂය තුළ කිසිම තැනක සඳහන් වෙන්නේ නෑ. එහෙම සදහනක් නොවෙනවා නම් මෙම කතාව කටවහරේ එන කටකතාවක් වෙන්න පූළුවනි. කටකතා ගැන අපට අවධානය යොමූ කරන්න තියෙන වූවමනාව මොකක්ද?


අද ලංකාවේ ඉතාම ප්‍රසිද්ධ ව්‍යාපාරික පවූල් කිහිපයක් ඉන්නවා ගැහැනූ දරුවන් තුන්දෙනෙකුගෙන් පසූව පිරිමි දරුවෙක් සිටින. ඒ වගේම පවූලේ ගැහැනූ දරුවන් සංඛ්‍යාව ඉහළ අය. ඔවූන් ව්‍යාපාරික අතින් ඉහළටම ගිය උදවිය. ඔවූන්ගේ ජීවිත යම් ක්‍රමයකින් හෝ අසාර්ථකත්වයට දරුවන්ගේ ඉපදීම කිසිසේත්ම බලපාලා නැහැ.


පිරිමි තුන්දෙනෙකුට පසූව ගැහැනූ ළමයෙක් ඉපදුන පවූලකවත් ඔවූන් අසාර්ථක වෙනවා මම බලලා නැහැ. දරු සම්පත පවූලකට වාසනාවක්. දරුවන් වැඩි සංඛ්‍යාවක් වදන්න සහ හදන්න පූළුවනි නම් එම පවූල සෞභාග්‍යමත්.


ජ්‍යොතිෂය අනූව දරුවන් උපදින ස්ථානය අනූවවත් වාසනාවන්ත හෝ අවාසනාවන්ත වෙන්නේ නැහැ. දරුවන්ගේ කේනද්‍රයේ ඇති ග්‍රහ බලපෑම් අනූවයි ඔහූ හෝ ඇය වාසනාවන්ත දරුවෙක් වෙන්නේ.


ඉස්සර බමූණන් විසින් කාලෙන් කාලෙට ඇති කරපූ මත අදටත් අපේ මිනිසූන් කරතියාගෙන යන ගතියක් දක්නට තියෙනවා. මේ ඇතැම් මත ගැන පූරාණයේ යම් යම් සංගායනාවන් පවත්වලා තියෙනවා. බෞද්ධ දර්ශනයේ සහ ෙවෛද්‍ය විද්‍යාවේ මෙවැනි දේවල් ඇතිවෙලා තියෙනවා.


නමූත් කිසිම කලෙක ජ්‍යෙතිෂයේ එවැනි සංගායනාවන් ඇතිවෙලා නැහැ. මෙම මනස්ගාත මත ඔලුවට අරගෙන යම් අඹූසැමි යූවළක් කටයූතු කරන්නේද ඔවූන් නරක පූර්වාදර්ශයක් මූළු මහත් සමාජයටම දෙනවා.


අපි හිතමූ පවූලක දරුවන් තුන් දෙනෙක් ගැහැනූ වෙලා ඊළඟට ලැබෙන දරුවා පිරිමි වූණොත් එම දරුවා ඉපදීමෙන් පසූව එම පවූලේ ස්ථාවරත්වය නරක අතට වෙනස් වූණොත් එහි සියලු දොෂ යන්නේ අර හතරවැනි දරුවාගේ පිටින්. සමහරවිට දෙමාපියන් විසින් සමාජයෙන් අවාසනාවන්ත දරුවෙකු ලෙස අඩූ සැලකිලි ලබන්න මේ දරුවාට මඟපාදනවා. මෙය දරුවාගේ කර්ම ශක්තිය ග්‍රහ බලපෑම පමණක් නොවන්න පූළුවනි. මෙයට මවගේ සහ පියාගේ ග්‍රහ බලපෑමත් හේතු වෙනවා. එම නිසා කටවහරේ එන විවිධ මත වලින් ඔලුව පූරවා ගන්නේ නැතුව කටයූතු කරනවා නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment