වසංගතයක් ලෙස පැතිර යා හැකි තයිපස් උණ



ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල වසංගතයක් ලෙස පැතිර යා හැකි උණ රෝගයක් ලෙස තයිපස් (Typhus) හඳුනා ගෙන ඇත. පසූගිය කාල සීමාව පූරා මෙම රෝගයට ගොදුරු වූ බොහෝ දෙනෙකු විවිධ ප්‍රදේශවලින් සොයා ගෙන තිබීම මෙයට හේතුවයි.


Rickettsiae නම් වර්ගයේ ඉතා ම කුඩා බැක්ටිරීයා කාණ්ඩයක් රෝගය ඇති කරන අතර උකුණන්, මකුණන්, මැක්කන් සහ කුඩා මැස්සන් මඟින් මෙම බැක්ටීරියාව මිනිසාට රෝගය බෝ වීම සිදු වෙයි. රිකටිසියා බැක්ටිරියාව ඉහත සඳහන් කළ කෘමින් ගේ ආහාර මාර්ග පද්ධතියේ වාසය කරන අතර, මෙම සතුන් මිනිසා ගේ සම මතට තම මළ පහ පිට කරන විට මිනිසා ගේ ශරීරය තුළට රෝගය ඇතුළු වෙයි.


නිරෝගී සමක් හරහා ශරීරය තුළට මෙම බැක්ටිරියාව ඇතුල්වන්නේ කෙසේද?

ඉහත සඳහන් කෘමි විශේෂ අප ගේ ශරීරය මත සිටින විට අප සම කැසීමකට ලක් කරනවා. එවිට සමේ තුවාල ඇති වෙනවා. එවිට ඔවූන් ගේ මළපහවල පවතින බැක්ටීරියාවන් පහසූවෙන් ශරීරගත වෙනවා.


තයිපස් උණෙහි රෝග ලකෂණ කවරේ ද?

රෝග කාරක බැක්ටිරියාවන් ශරීරගත වී සති 1-3 අතර කාලයකින් පසූව දෑඩි ලෙස උණ තත්ත්වය ඇති වෙනවා. ඇඟපත රුදාව, වෙහෙස, කෑම අරුචිය ඇති වෙනවා. දින කිහිපයක් මේ ලෙස ඉහළ ශරීර උෂ්ණතවයක් පවතින අතර, දෑඩි හිසේ කැක්කුමක් ද ඇති වෙනවා. ඇතැම් විට ඇස් රතු පැහැ වීම, ඇස් අවට ප්‍රදේශයෙහි වේදනාවක් පැවතිය හැකියි.


තයිපස් උණ හඳුනාගත හැකි විශේෂ රෝග ලකෂණ කවරේද?

තුවාලයක් ලෙස සමේ සමහර තැන්වල රතු පැහැයක් ගෙන, එය කෙමෙන් විශාල වීම සිදුවෙනවා. මෙය සූව වූ පසූව තුවාල කැළලක් ලෙස හඳුනා ගත හැකි වීම කැපී පෙනෙන ලකෂණයක් වෙනවා. උණ වැළදී දින 04ක් 05ක් ගත වන විට මෙම තුවාල හඳුනා ගත හැකියි. ශරීරයේ ඉකිලිය ප්‍රදේශයේ ප්‍රධාන ලෙස මෙම තුවාල හමූ වෙනවා.


රෝගයට නිසි ප්‍රතිකාර නොකළ විට මතු වන සංකුලතා කවරේද?

ඇතැම් විට මධ්‍ය ස්නායූ පද්ධතියට රෝගය බලපෑ හැකිිියි. සිහි මද ගතිය, ඇති විය හැකියි. රෝග ලකෂණ උත්සන්න ව පවතින විට ශ්වසන පද්ධතියේ අසාදන, අක්මාව හා ප්ලීහාව විශාල වීම, හෘදයේ පේශී ආසාදනය ඇති විය හැකි අතර, සමහර අවස්ථාවල දී මූත්‍රා පිටවීම අඩූ වී වකුගඩූ ක්‍රියාකාරීත්වයට බලපෑමක් සිදු වෙනවා.


රෝගය සූවවිමට කොපමණ කාලයක් ගත වන්නේ ද?

රෝගය සූව වීම සෙමෙන් සිදු වන අතර, එය සඳහා සති තුනක පමණ කාලයක් ගත විය හැකියි.


තයිපස් රෝගයට බහූල ලෙස ගොදුරු වන්නේ කවර පූද්ගලයින් ද?

කැළෑබද ප්‍රදේශවල සෙල්ලම් කරන දරුවන්, දර එකතු කර ගැනීමට යන පූද්ගලයන්ට කැළෑ පඳුරුවල සිටින මැක්කන් මඟින් රෝගය බොහෝ විට වැළදිය හැකියි.


රෝගය නිශ්චිත ව හඳුනා ගත හැක්කේ කෙසේද?


කැළෑබද ප්‍රදේශයක ගැවසීම, රෝගය වැළඳුණූ පූද්ගලයින් සිටින ප්‍රදේශයකින් පැමිණීම සමඟ ඉහත සඳහන් රෝග ලකෂණ, විශේෂයෙන් තුවාල කැළල පවතී නම් ඒ මත තයිපස් රෝගය වැළඳී ඇතැයි බොහෝ විට සැක කරනවා.


මේ සඳහා ඇති ඖෂධ මොනවාද?



මෙම රෝගය වැළඳී ඇතැයි සැක කරන පූද්ගලයින්ට නියමිත ප්‍රතිජීවක ඖෂධ ලබා දීම සිදු කරන අතර, එබැවින් මෙවැනි රෝග ලකෂණ පවතින විට ඉක්මණින් රෝහල්ගත වීම වැදගත් වෙයි.


රෝගය වැළඳිම වළක්වා ගත හැක්කේ කෙසේ ද?


උකුණන්, මකුණන්, මැක්කන්, හා කුඩා මැසි විශේෂ කෘමි නාශක යොදා විනාශ කිරිම සිදු කළ යූතුයි. මීට අමතර ව මෙම සතුන් ගැවසෙන කැළෑබද පඳුරු ප්‍රදේශවලින් ඈත් වී සිටිම වැදගත් වෙයි. විශේෂයෙන් තමන් වාසය කරන ප්‍රදේශයේ මෙවැනි රෝගීන් සිටී නම් ඒ ගැන අවධානය යොමූ කිරීම වැදගත් වෙයි. කැළෑ ප්‍රදේශවල සේවය කරන විට ආරකෂිත ඇඳුම් ඇඳිම ද රෝගයෙන් වැළකීමට උදව් වෙයි.


ඇතැම් තයිපස් උණ වර්ග මීයන්, බල්ලන් වැනි සතුන් මත හමූ වන මැක්කන් ගෙන් ද පැතිර යා හැකි බැවින් ඒ සම්බන්ධ ව සැලකිලිමත් වීම ද වැදගත් කරුණකි.


මේ අනූව තමා සහ තමා අවට පරිසරය පිරිසිදු ව පවත්වා ගැනීමෙන් තයිපස් රෝග තත්ත්වයෙන් පහසූවෙන් වැළකිය හැකි බව පෙනී යයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment