රතු පැහැති ආලෝක ධාරාවකින් මූහූණට පැහැපත් බවක්-හීටින් ටී්‍රටිමන්ටි



සමේ පැහැපත් බව සඳහා කරන ප්‍රතිකාර ක්‍රම පිළිබඳව නිතර නිතර ලෝකයේ රූපලාවන්‍යවේදීන් පර්යේෂනයන්හි නිතරවේ. එම පර්යේෂන වල ප්‍රතිඵලයක් වශයෙන් වඩාත් දියූණූ රූපලාවන්‍ය තාකෂණ ක්‍රම ඔවූන් අපට දායාද කර ඇත. එම නිසා කෝටි සංඛ්‍යාත කාන්තාවන් ඒවායේ උපරිම ප්‍රතිඵල අද ලබා සිටියි. හිටීන් ටී්‍රටිමන්ටි නැමති ප්‍රතිකර්ම ක්‍රමයද අලෝකය සහ උණූසූම උපයෝගී කරගෙන මූහූණ පැහැපත් කිරීමට යොදා ගැනෙන නවතම ක්‍රමයකි. එක්තරා කාලසීමාවක් තුල යම් ප්‍රමාණයකට උණූසූම් කළ රතු පැහැති ආලෝක ධාරාවක් මූහූණ මතට පතිත වීමට සැලැස්වීමෙන් මෙම ප්‍රතිකර්මය සිදුවේ.


නමූත් විශේෂයක් වන්නේ සෑම කෙනෙකුගේම සම එක හා සමාන නොවන නිසා ඒ සමට යෝග්‍ය වන ජෙල් වර්ගයක් මූහූණ මත තවරා මෙම ආලෝක ධාරාව පතිත කිරීමයි. උදාහරණයක් වශයෙන් ඔබට ඇත්තේ වියලි සමක් නම් එමවියලි සම සඳහා නිර්දේශිත ජෙල් වර්ග ආලේප කරනූ ලබයි. සංවේදී සමක් හෝ තෙල් සහිත සමක් වූවද සාමාන්‍ය සමක් වූවද එය ආරකෂා කර බලා එයට සූදුසූ ජෙල් වර්ග ආලේප කරනූ ලබයි.


මෙම හීටින් ටී්‍රටිමන්ටි වල ඇති ප්‍රතිඵල වශයෙන් කරුණූ රාශියක් දෑක්විය හැක. අපගේ මූහූණේ සමේ නිරෝගීභාවය, දීප්තිමත් බව සහ පෝෂ්‍ය පදාර්ථ නිසා බව ඔබ දන්නේය. සමටද අනෙක් ඉනද්‍රියන්ට මෙන් පෝෂ්‍ය පදාර්ථ ලබාදෙන්නේ රුධිරයි. මූහූණේ සමට රුධිරය සැපයිම සඳහා ඉතා සියූම් රුධිර කේෂනාලිකා රාශියක් මූූහූණ පූරා විසිරී ඇත. එහෙත් සෑම විටම සෑම රුධිර කේෂනාලිකාවක් තුලින්ම මනා ලෙස රුධිරය සැපයීමක් සිදුනොවේ. එයට හේතුව සමහර සියූම් කේෂනාලිකා විවිධ හේතු නිසා වැසී යන හෙයිනි. මෙම වැසූනූ කේශනාලිකා යලි විවෘත කොට මනා රුධිර සැපයීමක් ලබාදීමට හිටීන් ටී්‍රටිමන්ටි වලට හැකියාවක් ඇත.


බාහිර කෂූද්‍ර ජීවින්ගෙන් හා විෂ බීජ වලින් සම ආරකෂා කිරීමත් අපද්‍රව්‍ය බැහැර කිරීමත් යන කාර්යයන් කරුණූයේ වසා ග්‍රන්ථි බව අපි දනිමූ. මෙම වසා ග්‍රන්ථි එක්තරා ප්‍රමාණයේ මූහූණේ සහ බෙල්ලේ විවිධ ස්ථාන වල පිහිටා ඇත. ඒවා කාර්යක්ෂම කිරීමේ පූදුම හැකියාවක්ද හීටින් ටී්‍රටිමන්ටි වලට ඇත. මූහූණේ ඇති කුඩා බිබිලි කුරුළෑ ඇක්නි හෝ වෙනත් සැරව ගෙඩි හිටීන් ටී්‍රටිමන්ටි කිරීමෙන් පසූ ඉක්මනින් සූව වී යන්නේද මේ හේතුව නිසාය.


එමෙන්ම හිරු එලිය නිසා ඇතිවූ අවපැහැ ඉවත් කොට මනා දීප්තිමත් සහ පැහැපත් මූහූණක් ලබාාදීමට මෙම ප්‍රතිකර්මයට හැකියාව ලැබී ඇතිබව අපට කිව හැක.





ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී
පද්මිනී රාමනායක

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment