විවාහය සඳහා වැඩිමහල් පූතුට වැඩිමහල් ගැහැනූූ ළමයෙක් නූසූදුසූද?


අනේ පූතේ, මං නම් විරුද්ධයි ඔය මඟුලට. මං එකසැරයක් කිව්වනේ ඔය සම්බන්ධය නවත්තලා දාන්න කියලා. ඕක නම් හරියන මඟුලක් නෙමෙයි.


විවාහ වන වයසේ දරුවන් සිටින නිවෙස්වල කුමක් හෝ ගැටළුවක් තිබූනොත් අනිවාර්යෙන්ම අපට මෙවැනි වදන් අසන්නට ලැබෙනවා.


ඒ ඔවූන්ට තිබෙන ආදරයත් සෙනෙහසත් නිසාය. නමූත් අනාගතය පිළිබඳව තීරණ ගැනීමේදී දෙමාපියන්සේම වැඩි අවධානයක් දරුවාට ගැනීමට ඉඩ ලබාදිය යූතුයි.


මෙය අපේ ජන සමාජයේ විශ්වාස කළ තවත් පූහූ මතයකි. එනම් පවූලක වැඩිමහල් දියණියත් වෙනත් පවූලක වැඩිමහල් පූතෙකුත් අතර සිදුවන විවාහය සූදුසූ නොවන බවට මතයක් පවතින අතර මෙහි යම් සත්‍යතාවයක් තිබේද යන්න පිළිබඳව ජ්‍යොතිශය පැත්තෙන් කරුණූ විග්‍රහකර බැලිමටයි මාගේ සූදානම.


මූලින්ම ඔබට කීමට කරුණක් ඇත. එනම් අපේ රටට ඉන්දියානූ ආභාසය ලැබෙන්නට පෙරෙ සිට බූදු ගුණ ශාන්තිකර්ම පැවතුණා. ඒ අතරට අපේ මව්බිමට පැමිණි සංක්‍රමණික ආක්‍රමණ මගින් වැඩිපූර ඉන්දීය ආභාසය ලැබිණි. එමඟින් ඉන්දිය ජන ආභාසය අපේ ජන සමාජයේ තුළින් ජනයා අතර මූල් බැස ගන්නට විය. විශේෂයෙන්ම විවිහ සම්බන්ධයෙන් ඔවූන් ඉතාමත් සැලකිලිමත් වූනා. ජාති, කුල, මල, ආගම්බේද, අනිවාර්යෙන්ම සොයා බලන්නට වූ නිසා ගැමි සිංහල ජනයාත් මෙවැනි වත්පිළිවෙත් අනූගමනය කරන්නට පූරුදු පූහූණූ වූණා. විශේෂයෙන්ම පවූලේ ඥති සබඳකම් වැඩිමහල් බව, වැනිදේ පිළිබඳව. ඒ නිසා පවූලේ වැඩිමහල් දියණිය හා වැඩිමහල් පූතෙකු අතර විවාහ වෙනවාට අපේ අම්මලා තාත්තලා බියක් දෑක්වූවා. ඒ ඔවූන් දෙදෙනාට ලැබෙන දරුවා කුළුදුල් දරුවෙකු වන නිසායි.


කුළුදුල් දරුවන් නිදන්වලට බහිරවයා සතුටූ කිරීමට බිලිදෙන්නට යොදා ගැණූනි. නමූත් බිල්ලට දෙනූ ලබන්නේ තුන්කුළුදුල් දරුවෙකි. අද වන විට මේවා සමාජයෙන් ඉවත්වී ඇත. තුන් කුළුදුල් යනූ වැඩිමහල් දරුවන් දෙදෙනෙකු විවාහවී එම යූවළගේ වැඩිමහල් දරවා තවත් වැඩිමල් දරුවෙකු සමඟ විවාහ වී ඔවූන්ගේ දරුවාත් වැඩිමහල් වීමයි.


ඔබ බියවිය යූතුවන්නේ ලේ ඥාති සම්බන්ධ විවාහයකදී. පිය පාර්ශවයේ ඥතියෙකුගේ පූතෙකු විවාහ කරගැනිම එතරම් සූදුසූ නොවේ. මොකද ඔවූන්ට ලැබෙන දරුවන් අංගවිකල මන්ද බූද්ධික වීමට පූළුවන. ඒ පිළිබඳව ජ්‍යොතිශය මෙන්ම වෛද්‍ය විද්‍යාවේද පිළිගත් සත්‍යයකි.


මේ පිළිබඳව කරුණූ විග්‍රහ කර බැලීමේදී ඔබට වැටහෙනවා ඇති වෙනත් පවූලක වැඩිමහල් දියණියක් සමඟ වෙනත් පවූලක වැඩිමහල් පූතෙකු අතර විවාහ වීමේදී කිසිදු ගැටළුවක් ඇති නොවන බව.


මේ නිසා මිත්‍යා මත වලින් මිදී තීරණ ගැනීමේ හැකියාව ඇතිකර ගැනිම සූදුසූයි නේද?






ජ්‍යෙතීර්වේදී ඩී.පී.ජයසිංහ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment