මල්වර චාරිත්‍ර -මල්වර වීමෙන් පසූ සිදු කරන චාරිත්‍ර වාරිත්‍ර


ගැහැනූ දරුවකු සියලුම ස්ත්‍රී අංගෝපාංගයන්ගෙන් යූක්තව උපත ලැබූවත් ඇයගේ මේ අංගයන් ක්‍රියාශීලීවීම ආරම්භවන්නේ වයස අවූරුදු 12- 14 කාලයේ ඇතිවන මල්වරවීමෙන් පසූවය. ඇතැම් විට මෙය අවූරුදු 11 -16 කාලයේ සිදුවිය හැකිය. ඇය ස්ත්‍රී යන නමට සූදුසූවන්නේත් මවක වීමට සූදුසූ අවස්ථාව එළඹ ඇතිබව හඟවන්නේත් මේ මල්වර වීමෙන් පසූවය. දෑරියක් වයස අවූරුදු 12 පමණ වන විට අඟපසඟවල විශේෂ වැඩීමක් අනිවාර්යෙන්ම පෙන්නූම් කරයි. එමෙන්ම විශේෂිත දෑකුම්කලු බවක් හා බියගුළු ලජ්ජාශීලී බවක්ද පෙන්නූම් කරයි. මේ නිසා ඒ කාලය තුළ ශාරීරික මෙන්ම මානසිකවද වෙනස්කම් පිළිබිඹූ කරයි. මොළයේ ඇති නළ රහිත පිටියූටරි ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයෙන් ්‍යකඨ නැමති හෝමෝනය පිටකිරීමත්, ඒවා රුධිරයට එක්වීමත් මෙම වෙනස්කම් ඇතිවීමට හේතු වේ.


මල්වර වීමෙන් පසූ සිදු කරන චාරිත්‍ර වාරිත්‍ර ආදිය එක් එක් ප්‍රදේශවලට අනූව වෙනස් වේ. මල්වර වූ දෑරිය කිරිගසක් යට තබා ( විශේෂයෙන් කොස් ගසක් මේ සඳහා තෝරා ගැනේ) ඇයගේ අතට පිහියක් හෝ යකඩ කැබැල්ලක් දී තනියට ගැහැනූ කෙනකු තබා නැකැත් බැලීමට යෑම සාමාන්‍ය සිරිතකි. නැකැත් සාදාගෙන ආවාට පසූ ඇය පිටූපස දොරින් ගෙට ගෙන මූල්ලක ඇති කාමරයක රඳවා පිරිමි පක්ෂයේ කෙනකුට නොපෙනෙන සේ දින කීපයක් තබා නැකැත් දිනයේ නෑවීම කරයි.


මල්වර දෑරිය නෑවීම බොහෝ විට සිදු කෙරෙනූයේ රිදී නැන්දා හෙවත් රෙදි නැන්දා වෙතිනි. නමූත් ඇතැම් ප්‍රදේශවලට අනූව හා දෑරියගේ මල්වර පලාපල අනූව දියණිය නෑවීම මව වෙතින් සිදුවෙයි.


මෙම කාලය තුළදී මස්, මාංශ, තෙල් බැදුම් ආදිය එම දෑරියට නොදී විශේෂ සිදුවීමකි. තැම්බූම් හොඳි සමග බත් ආහාරයට දීම සාමාන්‍ය සිරිත වේ. ඔසප් පවතින දිනවල මස්, මාංශ, මිරිස්, කුළුබඩූ , තක්කාලි, අච්චාරු, බිලිං, රටදෙල්, අන්නාසි වැනි උෂ්ණ ආහාරපාපන ගැනීම ආයූර්වේදය අනූව අපත්‍ය වේ. තෙල් අධික ආහාර, බැදුම් වර්ග, කොල්ලු, රාබූ වැනි ආහාර ඔසප් පවතින දිනවල ගැනීමෙන් රක්ත ශ්‍රාවය අධික වීමට හේතු වේ. එවැනි බර, උෂ්ණ ආහාර ගැනීමෙන් වැළකී සිටීම වඩාත් සූදුසූ වේ. එළකිරි, පලා වර්ග, එළවළු, නෙළුම් දඬූ, තැඹිලි වතුර ආදී ආහාර පාන ගැනීමෙන් ශරීර සෞඛ්‍ය හොඳින් ආරක්ෂා වේ.


ජ්‍යොතිෂ්‍ය අනූව මෙම සිදුවීමට මල්වර නැකත යැයි කියනූ ලැබේ. මෙය රෝගී තත්ත්වයක් හෝ පූදුම උපදවන අද්භූත දෙයක් නොව ස්වාභාවික සිදුවීමක් බව විශේෂයෙන් මවූවරුන් තම දියණියන්ට පහදා දිය යූතුය. පෙරදිග ජනයා මෙය විශාල සිදුවීමක් ලෙස සලකා විශාල උත්සව පවත්වා, හඬනගා මඟුල් කෑවද ගන්නා අපරදිග ජනයා මෙම සිදුවීම එතරම් සැලකිල්ලට ගන්නා බවක් නොපෙනේ. ආයූර්වේදයේ මතයද එයම වන අතර සංස්කෘතිය හා චාරිත්‍ර වාරිත්‍ර රැක ගැනීම වෙනූවෙන් මල්වර චාරිත්‍ර පැවැත්වීමේ වරදක් දෑකිය නොහැකිය.



* නියමිත නැකතට මල්වර යූවතිය නිවසින් පිටතට ගෙන ස්නානයට සූදානම් කළ ස්ථානයට ගෙන යෑම.


* කිරි අත්තක් සිටූවා වට තිර ඇද ඇති ස්ථානයේදී බෙහෙත් ද්‍රව්‍ය දෑමූ වතුර මූටිටියෙන් දෑරිය නෑවීම.


* කිරි අත්තට කොටා ඉන් වැගිරෙන කිරි දෑරියට දකින්නට සැලැස්වීම


* සූදුමල් දෑමූ වතුර කොරහකින් මූල්වරට මූහූණ බැලීම.


* නිවසට ඇතුළුවීමට පෙර පොල් ගෙඩියක් මත බූලත් කොළයක්, සතයේ කාසියක් තබා දැල්වූ පහන් තිරයක් ද තබා එය බිඳින්නට දෙන්න.


* කිරි බත්, කැවිලි වර්ග, පැදුරක් මත තබා පහනක් දල්වා දෑරිය ඒ වටා හත් වරක් ගෙන යන්න.


* දැල්වූ පහන දැරිය ලවා නිවන්නට සලස්වන්න.


* නියමිත වර්ණයට අනූව ඇඳුමක් අන්ඳවා නිවසේ අය සමග කිරිබත් අනූභව කොට වැඩිහිටි ඥාතීන්ට බූලත් දීම.


දෑරිය නාවන කලයට දමන දව්‍ය
සමන් පිච්ච මල්

රත් හඳුන්

මූරුවා මූල්

වියළි ඉඟුරු

අමූ කහ

වද කහ

ගල්සෙවෙල්

කලාඳුරු අල

ජටාමාංස

සපූමල් කැකුළු

වෙනිවැල් ගැට

සූවඳ කොටිටං

ඊතණ

රත්මල්

මේ සියල්ල කොටා පොටිටනියක් ලෙස සකසා උණූවතුර දෑමූ නැවූම් කළයකට දමා


රැයක් තිබෙන්නට හැර දෑරිය නාවන විට මූලින්ම මෙම කළයෙන් නාවා, බෙහෙත් පොටිටනියෙන් කොන්ද ප්‍රදේශය තවා කළය බිඳ දමන්න. නෑවිය යූත්තේ මව විසිනි.




ජ්‍යොතිෂ්‍යාචාරිණි චින්තා වික්‍රමසිංහ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment