සූදු කබර රෝගයට ප්‍රතිකාර තිබෙනවාද?

සූදු කබර කියනවාට වඩා මෙය සම සූදුවීමේ රෝගය කියලා හඳුන්වනවා නම් හොඳයි. සමාජය පූරුදුවෙලා තියෙන්නේ සූදු කබර ලෙසින් හැදින්වීමටයි.


සූදු කබර රෝගය ගැන කතා කිරීමේදී මම වෛද්‍යවරයෙක් හැටියට මූලින්ම කියන්න කැමතියි මෙම රෝගී තත්ත්වය කබර ලෙස හඳුන්වාදීම එතරම්ම සූදුසූ නැහැ.


සාමාන්‍ය ව්‍යහාරයේ කබර ලෙස හඳුන්වන්නේ බොහොම අප්‍රසන්න රෝගී තත්ත්වයකට. මේ නිසා මෙවැනි රෝගයකට ගොඳුරුවූ රෝගියාගේ සහ සමාජයේ පිරිස අතරත් අප්‍රසන්න හැඟීම් මතු වෙන්න පූළුවන්. මෙය සම සූදුවීමේ රෝගය ලෙස හඳුන්වනවා නම් ගොඩක් හොඳයි. වෛද්‍ය විද්‍යාවේ සම සූදුවීමේ රෝගය හඳුන්වන්නේ විටිලයිගෝ ලෙසටයි.


මෙහිදී වෙන්නෙත් මිනිස් සිරුරේ ඇති ප්‍රතිශක්ති යාන්ත්‍රණය වරඳවා තේරුම් ගැනීමක්. මිනිස් සිරුරේ පැහැයට බලපාන මෙලනින් වර්ණකය නිෂ්පාදනය කරන මෙලනොසයිට අපේ ශරීරයට අයිති නැති ලෙස තේරුම් ගනිමින් ප්‍රතිශක්ති යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙමින් මෙලනොසයිට මගින් නිෂ්පාදනය වෙන මෙලනින් වර්ණකය විනාශ කිරීමක්.


මෙම හේතුව නිසා සමේ තැනින් තැන සූදු පැහැයෙන් දිස් වෙන්න පටන් ගන්නවා. මෙය හඳුන්වන්නෙත් ඔටෝ එමියූනින් හෙවත් ස්ව ප්‍රතිශක්ති රෝගයක් විදිහටයි. හරියටම කිව්වොත් මීට කලින් සතියක අපි කතා කළ උඳුගොව්වන් කෑමේ රෝගයත් මෙවැනි රෝගී තත්ත්වවලට කළ යූතු වන්නේ මිනිස් සිරුරේ ඇති ප්‍රතිශක්ති යාන්ත්‍රණය එක්තරා විදිහකට පාලනය කිරීමක් පමණයි.


සම සූදුවීමේ රෝගයෙන් ශරීරයට කිසිදු හානියක් නැහැ. අතුරු ආබාධ ඇති වෙන්නෙත් නැහැ. ජීවිතයටත් කිසිදු බලපෑමක් නැහැ. එකම වෙනස වෙන්නේ අපේ ශරීරයේ සූන්දරත්වයට බලපාන වර්ණය නැති වෙලා සම සූදු පාට වීමක් පමණයි.


මෙය ජාන මගින් බෝවන පරම්පරාවෙන් ආරෙට යන රෝගයක් ලෙස වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනවා. අද සමාජයේ වෙසෙන ජනතාවගෙන් බහූල ප්‍රතිශතයකට මෙම ජානය තියෙනවා. ජානය ශරීරයේ තිබෙන පමණින් පූද්ගලයෙකුට රෝගය වැළඳෙන්නේ නැහැ. සූළුතරයකට පමණයි රෝගය වැළඳෙන්නේ. ඉන් සියයට 95 ක් වැනි බහූතරය උපතේ සිටම මෙම සූදුවීමේ ජානය ශරීරය තුළ තබාගෙනම


ජීවත් වෙලා නැතිවෙලා යනවා. මොවූන් ජීවිතයේ කිසිදු දවසක මෙම ජානය නිසා ඇතිවෙන රෝගයෙන් පීඩා නොවින්ද අයයි. මෙවැනි අය තමයි අද සමාජයේ බහූලව ඉන්නේ.


ඇඟ සූදුවීමේ රෝගයට ප්‍රතිකාර ගන්නට එන ඇතැම් රෝගීන්ට අපි කියනවා මෙය ආරෙට යන රෝගයක් කියලා. ඔවූන් එවිට ප්‍රකාශ කරන්නේ ඔවූන්ගේ පවූල්වල කිසිම කෙනෙකුට මෙම රෝගය නොමැති බවයි.


බහූතරයකට එම ජානය තිබූණත් වැළඳෙන්නේ නැති නිසා දෙමාපියන්ගෙන් දරුවන්ට සම්පේ්‍රක්ෂණය වී මූළු ජීවිත කාලය පූරාම ඕනෑම පූද්ගලයෙකුට යටපත් ජානයක් ලෙසට තියෙන්න පූළුවන් සම්භාවිතාව ඉහළයි.


සමාජය තුළ වැරදි මතයක් තියෙනවා මෙය මීයන් කෑමෙන් හෝ කැරපොත්තන් කෑමෙන් එහෙමත් නැතිනම් කැරපොත්තන්ගේ මූත්‍රා ශරීරයේ ගෑවීමෙන් හට ගන්නා රෝගයක් බවට. එහි කිසිදු සත්‍යතාවයක් නැහැ. බටහිර වෛද්‍ය විද්‍යාවේදී මෙම ජාන මගින් ඇතිවන පරම්පරා රෝගයක් බව හඳුනාගෙන තියෙනවා.


මෙම රෝගය ඕනෑම වයසකදී පූද්ගලයෙකුට වැළඳෙන්න පූළුවන්. සාමාන්‍යයෙන් අවූරුදු 2 න් 3 න් පසූව කුඩා දරුවන්ට පවා සම සූදුවීම ඇතිවෙන්න පූළුවන්. ළදරු වයසේ දරවන්ට මෙය ඉතාම කලාතුරකින් දක්නට ලැබෙන රෝගයක්.


යම් පූද්ගලයෙකුට සම සූදුවීමේ ජානය තිබෙන බව යම් යම් හේතු නිසා හඳුනා ගන්න පූළුවන්.


එවැනි ජාන ශරීරයේ ඇති පූද්ගලයෙකුට තුවාලයක් ඇතිවෙලා එහි කැළල වියලීමේදී එම කැළල තිබූ ස්ථානය සූදුපාට වෙන්න පූළුවන්. මෙය වෛද්‍ය විද්‍යාවේ පෝස්ටි ඉන්ප්ලැමටනර් හයිපෝ පිග්මන්ටෙිෂන් සමේ වරණය තැනින් තැන අඩූවීමෙන් හඳුනා ගන්න පූළුවන් ජානය ශරීරය තුළ තිබෙන බව.


තවත් කෙනකුගේ ශරීරයේ සූදු පාට උපන් ලප ඇත්නම් එයින්ද ජානය ශරීර ගත වූවන් සොයා ගන්න පූළුවන්.


සම සූදුවීමේ රෝගය වැළඳීම වළක්වා ගන්න බැහැ. නමූත් වැළඳෙන කෙනෙකුට රෝගය පැතිරීම වළක්වා ගන්න උදව් කරන්න පූළුවන්. ප්‍රතිකාර කිරීම මගින් මෙලනොසයිට නිෂ්පාදනය කරන්න පූළුවන්.


සම සූදුපාට වූ ප්‍රදේශයට පිටතින් ඇති මෙලනොසයිට රෝම කූපය තුළින් උඩට ගෙනල්ලා සම මතුපිට පතුරවන්න පූළුවන්. මෙවැනි ප්‍රතිකාර මගින් රෝගය පැතිරීම වැලකෙන්නේ සියයට 50 සියයට 60 කගේ පමණයි. නමූත් සියයට 30 කගේ රෝගය සූවවෙන්නේ නැහැ. සියයට 10 කගේ විතර රෝගය මූළු ශරීරය පූරාම පැතිරයන්න පූළුවන්.


ශරීරයට බලපෑමක් නොවන රෝගයක් වෙනූවෙන් ප්‍රතිකාර කිරීමෙන් ශරීරයට අතුරු ආබාධ වෙන්න පූළුවන් නම් එයට ප්‍රතිකාර කරන්න යාම ප්‍රශ්න රැසක ආරම්භයක්.


එම නිසා රෝගය දිහා සමාජයේ පූද්ගලයන් බලන ආකාරය ආකල්ප වෙනස් කරන්න පූළුවන් නම් ගොඩක් හොඳයි. බටහිර රටවල සම සූදුවීමේ රෝගය එතරම් ගණන් ගන්නේ නෑ. නමූත් ලංකාව ඇතුළු ආසියාතික රටවල සමේ වර්ණයත් සමග මෙම රෝගයට ලබාදෙන අවධානය වැඩියි.


රෝගය වැළඳී ඇති පූද්ගලයන් සමාජයේදී හමූ වූ විට ඔවූන් අපහසූතාවයට පත්වූ ප්‍රශ්නවලට වලට ලක් නොකර ඔවූන්ව ජීවත් වෙන්න සලසනවා නම් හොඳයි. සෞඛ්‍ය ලෙස හඳුන්වන්නේ කායික, මානසික, සමාජීය සූවයයි. කායික, මානසික සූවයට බලපෑමක් නොවන රෝගයක් වෙනූවෙන් තවත් ප්‍රශ්න රැසකට මූහූණ පාන බෙහෙත් පාවිච්චි කරන්න වෙනවා නම් එය නොකළ යූතුමයි.


මෙය ඔටෝ ඉමියූලින් රෝගයක් නිසා එවැනිම ඔටෝ ඉමියූලින් රෝගවන උඳුගොව්වන් කෑම වැනි රෝග පවා ඇති වෙන්න පූළුවන්.


එම නිසා තමා වටෙි ඉන්න පිරිස, සමාජය සතුටූ කරන්න තමන්ගේ ජීවිතයට බලපෑමක් නොවන රෝගයකට ප්‍රතිකාර කිරීම සූදුසූ නැහැ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment