බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන ප්‍රතිකාරක ක්‍රම දෙකක් තිබෙනවා. ඉන් පළමූවැන්න තමයි ඖෂධවලින් කරන ප්‍රතිකාර නැත්නම් චිකිත්සාව. මෙය ඖෂධ චිකිත්සාව යනූවෙන් හඳුන්වනවා. දෙවැන්න තමයි මේ භෞත චිකිත්සාව කියල කියන්නේ.
අපි දන්නවා අපේ ශරීරයට නොයෙක් ආපදා සිදුවෙනවා. අස්ථි සහ මාංස පේශීවල සිදුවන අක්‍රමිකතාවලදීත්, විශේෂයෙන් අස්ථි කශේරුකා ආශ්‍රිත ව ඇති වූණූ ආපදාවල දීත් භෞත චිකිත්සාව කළ යූතු වෙනවා.
ඇතැම් විට මොළයේ ලේ කැටියක් හිරවීම නිසා රුධිරවහනය අඩූ වී මොළයේ පැත්තක් ක්‍රියා විරහිත වීම නිසා ඊට විරුද්ධ පැත්තේ ශරීරය ක්‍රියා විරහිත වෙනවා. මෙය බොහෝ දෙනා අංශභාගය යනූවෙන් හඳුන්වනවා. මෙවන් අවස්ථාවක දී අක්‍රිය වූ අත් පා සන්ධි නැවත ක්‍රියාශීලි කරවීමට භෞතචිකිත්සාව ප්‍රයෝජනවත් වෙනවා. රෝග නිවාරණයේ දී කෙරෙන වැදගත් ම කොටස තමයි පූනරුත්ථාපනය කිරිම. මෙම කාර්යය කරන්නේ භෞත චිකිත්සාවෙන්.
භෞත චිකිත්සක ක්‍රම උගන්වන විද්‍යාව භෞතවේදයයි. භෞතවේදයේ එන භෞත චිකිත්සක ක්‍රම තවත් තිබෙනවා ද?
කලින් කියූ ආකාරයට අත් පා සන්ධි වැනි දේ ක්‍රියා කරවීමට භෞතචිකිත්සාව ප්‍රයෝජනවත් වෙනවා සේ ම කටහඬ අඩූ වූ විට නැත්නම් නිසි අන්දමට කටහඬ නොලැබෙන විට නැවත හඬ ලබා ගැනීමට, යොදාගන්නා චිකිත්සාව භාෂණ චිකිත්සාව (speech therapy) මීට අයත්. ඒ හැරුණාම ඝන වූ සන්ධි ක්‍රියා කරවීමට තාප චිකිත්සාව (heat therapy)- ප්‍රයෝජනයට ගන්නවා.
මෙම චිකිත්සා ක්‍රම සෑම වෛද්‍යවරයකු විසින් කරනවා ද? නැත්නම් ඒ සඳහා විශේෂ පූහූණූවක් ලත් වෛද්‍යවරු සිටිනවාද?
භෞත චිකිත්සාව පමණක් ප්‍රගුණ කළ වෛද්‍යවරු ඉන්නවා. ඒ හැරුණා ම භෞත චිකිත්සාව ප්‍රගුණ කරපූ වෙනත් වෛද්‍යවරුත් ඉන්නවා. මේ හැරුණාම භෞත චිකිත්සකයින් (physiotherapist)- වශයෙන් පූහූණූ වූ අයත් ඉන්නවා.
තාප චිකිත්සාව පිළිබඳව යම් පැහැදිළි කිරීමක් කරන්න පූළුවන් ද?
තාප චිකිත්සාවේ දී යොදා ගන්නේ රත් කර උණූ වූ පැරපීන් ඉටි. අතේ ඇඟිලි ඝන වී ඇති විට අත දෑමීමට තරම් උණූසූමක් ඇති දිය වූ පැරපීන් ඉටි සහිත භාජනයට අත දමා, ඉටිවල උෂ්ණත්වය අඩූ වී ඝන වන තෙක් අතේ ඇඟිලි ඉටි දියර තුළ චලනය කරවීම මෙහි දී කරනවා. ඉටිවල උෂ්ණත්වය අතේ ඇඟිලි උරා ගැනීම නිසා අතේ ඇඟිලිවල ඝන වූ සන්ධි, කාටිලේජ හා මාංස පේශි ඉහිල් වෙනවා. පිළිස්සීමේ දී ඇති වූ තුවාල සූව කිරීමටත් භෞත චිකිත්ස ක්‍රම අවශ්‍ය වෙනවා.
මේ හැරුණූ කොට අධෝරක්ත කිරණ ආධාරයෙන් කරන චිකිත්සාව (infrared therapy)- සහ අති ධ්වනි තරංග චිකිත්සාව (ultrasound theraphy)- යනූවෙන් හැඳින්වෙන භෞත චිකිත්සක ක්‍රම දෙකකුත් තිබෙනවා.
අනෙක් ක්‍රමවලට වඩා මෙම අධෝරක්ත කිරණ චිිකිත්සක හා අතිධ්වනි තරංග චිකිත්සාව වඩාත් සාර්ථක ක්‍රම දෙකක් වී තිබෙන්නේ ආබාධය තිබෙන ස්ථානයට ම එල්ල කර ප්‍රතිකාර කළ හැකි බැවින්.
අත් පා සන්ධි ක්‍රියා කරවීමට අවශ්‍ය භෞත චිකිත්සක ක්‍රම වෛද්‍ය උපදෙස් අනූව නිවසේ දී කළ හැකි ද?
විශේෂයෙන් මතක තබාගත යූතු දෙයක් තමයි කළ යූතු චිකිත්සාව නියම කරන්නේත් කළ යූතු ආකාරය පහදා දෙන්නේත් වෛද්‍යවරයා යන බව. වෛද්‍ය උපදෙස් අනූව නියම කළ වාර ගණන දිනෙන් දින වැඩි කරමින් රෝහලේ දී කළ ආකාරයට කරන විට නිසි ප්‍රතිඵල ලැබී අත් පා සන්ධි ක්‍රියාකර වීමට හැකිවෙනවා. දුන් උපදෙස් පිළිනොපැද තමන් ගේ අභිමතය පරිදි චිකිත්සක ක්‍රම අනූගමනය කළොත් නිසි ප්‍රතිඵල නොලැබී යන්නට ඉඩ තිබෙනවා.
භෞත චිකිත්සාවක් කරන මූල් කාලවල දී ශරීරයට දෑඩි වෙහෙසක් වගේම වේදනාවක් දෑනෙනවා. ඒ එහි ස්වභාවයයි.
රෝහලේ දී පමණක් කළ හැකි භෞත චිකිත්සක ක්‍රමවල දී ඒ සඳහා විශේෂ උපකරණ භාවිත කරනවා. නිදසූනක් ලෙස කොඳු ඇට පෙළේ අස්ථි දෙකක් ළං වී ඇත්නම් එය සකස් කිරීමට විශේෂ උපකරණ තිබෙනවා. මේවා රෝහලේ දී පමණයි කළ හැක්කේ.
අස්ථි හා පේශී ආබාධවල දී පාදවලට බර එල්ලා එසවීමත් කරනවා. මෙහි අරමූණ පේශී හා පාදයට ශක්තිය ලබා දීමයි. මෙහි දී කුඩා බරකින් මූල දී පටන් ගෙන ක්‍රමයෙන් බර වැඩි කරනවා.
මෙහි දී භෞත චිකිත්සකවරයා ගේ කාර්යභාරය විය යූත්තේ රෝගයට අවශ්‍ය භෞත චිකිත්සක ක්‍රම ආබාධය සූව අතට හැරෙන තුරු අනූපිළිවෙළින් නියම කිරීමට හැකියාවක් තිබීමයි.
මොළයේ අක්‍රියතාවක් නිසා හටගන්නා අංශභාග වැනි රෝගයක දී අත් පා පණ නැති වීම භෞත චිකිත්සක ක්‍රම මඟින් සූව කර යථා තත්ත්වයට ගන්න පූළුවන්.
ශ්‍රී ලංකාවේ රෝහල්වල මෙම ක්‍රම තිබෙනවා ද?
ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල මෙම භෞත චිකිත්සක ක්‍රම තිබෙනවා. බිය විය යූතු නෑ. වෛද්‍යවරයකු හමූ වී නිසි උපදෙස් ලැබීම පමණයි කළ යූත්තේ.
සෞඛ්‍ය අධ්‍යාපන කාර්්‍යාංශයේ වෛද්‍ය නිලධාරී
වෛද්‍ය අනිල් සමරනායක
0 comments :
Post a Comment