මෙම නව පරීකෂණ මාලාව මෙහෙයවූයේ මහාචාර්ය රෝයි සැන්ඩර්ස් සහ පිරිසයි. එහිදී රෝගීන් ගේ අනූදෑනූම ඇතිව රෝගීන් කිහිපදෙනකු ගේ උඩූසම කඩා කොටසක් ඉවත් කළා. පසූව එම ප්‍රදේශවලට සූර්ය කිරණවලට සමාන කිරණ සහිත ආලෝකධාරා යොමූ කළේ පහසූවෙන් එම අවස්ථා අධ්‍යයනය කිරිමටයි. පරීකෂණය මගින් තහවූරු වූ කරුණූ නම් එම ප්‍රදේශවල සම ශීඝ්‍ර වයසට යාම හා එහි චර්ම පිළිකා හටගැනීමේ ප්‍රවනතාව ඉතා ඉහළ බවය. සම සූර්ය කිරණවලට නිවරාවරණය වීමේදී මූක්ත වන නිදහස් ඛන්ඩක ඩීඑන්ඒ DNA බන්ධනවලට ප්‍රහාර එල්ල කරනවා. ප්‍රතිඵලය ඩී.එන්.ඒ බන්ධන රටාව විකෘති වීමයි. අප මෙය පිළිකාවක් ලෙස හඳුන්වනවා.
වෙළෙඳපොළේ ඇති හිරු ආලේපන සම පිළිස්සීම වැළැක්වූව ද හිරු කිරණ විනිවිද යාම වළක්වන්නේ නැහැ. මේවා මත විශ්වාසය තබා ආලේපන පාවිච්චියේදී පාරිභෝගිකයන් සූර්ය කිරණවලට කිසිදු බිය සැකයකින් තොරව නිරාවරණය වීම භයානක තත්ත්වයක්. නමූත් හාස්‍යයට කරුණ නම් මෙම ආලේපනවල පාරජම්බූල කිරණ වළක්වන බවට සඳහන් වීමයි. එහෙත් දැන් දැන් ඕස්ටේරිලියාවේ බොහෝ පිරිස් ආලේපන වලට වඩා සිරුරු ආවරණය සඳහා ඇඳුම් භාවිතා කරන බවයි සඳහන් වන්නේ. මහාචාර්ය සන්ඩර්ස් පවසන පරිදි මෙය නූවණැති ක්‍රියාවක්.
එක්සත් රාජ්‍ය පිළිකා ආයතනයේ දොස්තර මාක් පවසන්නේ මෙම සොයා ගැන්ම තවත් පර්යේෂණ බොහෝමයකට මූලාරම්භය බවයි. බීබීසියට අදහස් දැක්වූ ඔහූ වැඩිදුරටත් සඳහන් කළේ හිරු ආලේපන පිළිබඳ විශ්වාස කළ නොහැකි බවයි. ශරීරය වැසෙන පරිදි ඇඳුම් ඇදීම සූර්යාලෝකයෙන් සම ආරකෂා වන හොඳම ක්‍රමයයි.
0 comments :
Post a Comment