නින්දට පෙර තේ කෝපි පානය එපා කියන්නේ ඇයි?

ස්වභාව ධර්මයා විසින් මවන ලද මිනිසාගේ වෙහෙස මහන්සි වෙන සිරුරට විවේකී බවක් ලබා දෙන්නේ නින්ද මගිනි. නින්දක ඇති වටිනාකම එක් දිනක් නිදිවරන ඔබට වැටහෙනූ ඇත. එහෙත් අවිවේකී සමාජය තුළ තරගකාරි අපට රැයක් දවාලක් නැති තරම්ය. රාත්‍රි සේවා මූරයන්ට නිවසේ වැඩ කරන ගෘහනියට නොයෙකුත් තරාතිරම්වල නිදිවරන ඔබ වෙනූවෙන් මෙම ලිපිය සකසන්නට අදහස් කළෙමි.

දෛනික ජිවිතයේදී වෙහෙසෙන සිරුරට විවේකී බව වගේම ශරීරයේ කොටස් අළුත් වැඩියාවන්නේ නින්ද මගිනි. පැය 8 ක් හෝ 6 ක සූව පහසූ නින්දක් සිරුරකට දෛනිකව අවශ්‍ය වෙයි. මෙම නින්දකදී ශරීරයේදී වෙහෙස මහන්සි වූ පෙනහළු, හෘද වස්තුව, වකුගඩූ වැනි කොටස් ක්‍රියාකාරිත්වය නැවූම් වේ. අප සිරුරත් යන්ත්‍රයක් වැනිය. එය අලුත් වැඩියා වන්නේ රාත්‍රියේ අප ලබන සූවදායි නින්දෙනි.


එහෙත් මෙම නින්ද රාත්‍රියේම ලබන්නට තරම් අපහසූ කොතෙකුත් දුක් විඳින සේවක සේවිකාවන් සිටී. රාත්‍රි සේවා මූරයන්හි නිදි වරන ඔබට මූහූණ පාන ගැටලු කීපයක් ඇත. ඔබ ලබන්නා වූ නින්ද රාත්‍රි කාලයටම වෙන් කරවා ගැනීමට අපහසූ වන හැම අවස්ථාවකම ඔබ වෙන් කරවා ගන්නා පැය 8 හෝ 6 රාත්‍රි හෝ දිවා වශයෙන් වෙන් කරගන්න. නින්දට රාත්‍රිය වෙන් කර ගැනීමට අපහසූවන හැමවිටම දිවාකාලයේ නින්ද ලබන ඔබ එම ස්ථානය නින්දට සූව පහසූ ස්ථානයක් බවට පත් කර ගන්න. බාහිර කරදරවලින් අඩූ අඳුරුකල ස්ථානයක නින්දක් ලබන්නට හැම විටම තෝරාගන්න. දවල්ට නිදාගැනීම ශරීරයට අහිතකර ලෙස බලපාන බවට බොහෝ දෙනා අතර පවතින වැරදි මතයකි. එහෙත් එය ශරීරයට අහිතකර නොවන අතර අවශ්‍ය වන්නේ සූව පහසූව මත දාවකින් තොරව ලබන සම්පූර්ණ නින්දකි.


සූවදායි නින්දක් බලාපොරොත්තුවන අපට නිදියන ස්ථානයේ ඇති බාධා නිසා එය දුරස්වන්නට පූළුවන. පිරිසිදු ඇතිරිලි, හිසට සූව පහසූ කොටිටා, බාහිරකරදරවලින් තොර වටපිටාවක් පරිසරයක් තෝරා ගැනීම නින්දකට වඩාත් යෝග්‍ය වනූ ඇත.


දිවා කාලයේ ශරීරයේ ක්‍රියාකාරිත්වය නිසියාකාරව නොලැබීම සිරුරේ අලස බව රාත්‍රි නින්දට බාධාවක් වෙයි. තවද නින්දට පෙර පූරුද්දක් වශයෙන් ශරීරය උණූසූම් කරවන තේ කෝපි වැනි උත්තේජක ලබා ගැනීම මගින් සිරුර උත්තේජමත් වී නින්ද පලවා හරිනූ ඇත. ප්‍රමාණවත් ලෙස ආහාර නොගැනීම බහිශ්‍රාවීය ද්‍රව්‍ය නිසිලෙස ඉවත් නොකිරීම, දුම්වැටි, මත් පැන් මත් ද්‍රව්‍ය භාවිතය, නින්දට ඇති බාධකයන්ය.


ගෘහනියක, සේවිකාවක වශයෙන් හෝ වෙනත් උසස් තනතුරක් දරන කෙනෙකුට මෙම තරගකාරි සමාජයේ නිදිවැරීම අද සාමාන්‍ය දෙයකි. එහෙත් අපගේ රූ සපූව හා ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යූතුය.


මළ බද්ධය, මානසික පීඩාකාරි බව, අධික රුධිර පීඩනය, දියවැඩියාව, වෙහෙසකාරි බව, ඇස් යට කළුවීම, ඔක්කාරය, කෑම අරුචිය ශරීර උෂ්ණත්වය ඉහළ යෑම වැනි බොහෝ ලෙඩ රෝග රැසකට සිරුර ලක් වෙයි.


නිදිවරන සෑම විටකම සිරුර පිළිබඳ මනා සැලකිලිමත් කමකින් සිටීම ඉතාමත් වැදගත්. වැඩිපූර ජලය පානය කිරීම සමබර ආහාර වේලක් ලබා ගැනීම, පලතුරු වැඩිපූර ආහාරයට ගැනීම සූදුසූය.


මොනයම් ප්‍රතිකර්මය කළද සිරුරට අවශ්‍ය වූ පැය 8 ක් හෝ 6 ක සූවපහසූ නින්දක් ඔබට නිදහස ලබන මොහොතක දෛනිකව ලබා ගන්නට උත්සාහ කරන්න. යන්ත්‍රයක් වූවද නිසිලෙස ක්‍රියා නොකළ නිසි ලෙස නඩත්තු නොකළ නිසිලෙස අලුත්වැඩියා නොකළ කල දිගුකලක් නොපවතී.





සෞඛ්‍ය අධ්‍යාපන හෙද නිලධාරි
ඩී. ඒ. ඒ. චන්දන

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment