ඇස්වල කඳුළු නැතිවීමේ රෝගී තත්ත්වය

නිතර වායූසමීකරණය කළ කාමර තුළ සිටීම, පරිගණකය ඉදිරිපිට වැඩි වෙලාවක් සිටීම කඳුළු වියළීීයාමට හේතුවන්නට පූළුවන.

කෘත්‍රිම කඳුළු පාවිච්චිය සූදුසූද?

ඇස වියළීම එහෙමත් නැත්නම් ඇසට කඳුළු නොඑන තත්ත්වයක් පිළිබඳව ඔබ අසා තිබෙනවාද? මේ සඳහා වයස් භේදයක් නැත. වැඩිහිටියන්ට වාගේම දරුවන්ටත් ඇස වියළීමේ තත්ත්වය ඇතිවිය හැකියි.


ඇත්තටම ඇස වියළි බව කියන්නේ කුමක්ද? 

සාමාන්‍යයෙන් ඇසේ වියළි බව එම පූද්ගලයා නොතේරෙන්නේ නම් එයට කිසිම බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ. නමූත් එම වියළි බව ඇසට දෑනෙනවා නම් රිදීමක් හෝ වැලි කැටයක් ඇස තුළ තිබෙනවා සේ කැවෙනවා නම් එ යවියළි වී ඇසට කඳුළු මදිකමක් ලෙස හැඳින්විය හැකියි.


එයට හේතුව කඳුළු ශ්‍රාවය මදි වී ඇසේ පිට පැත්තේ කඳුළු ග්‍රන්ථිවල ප්‍රථම සිදුරු දෙකෙන් පිටවෙන කඳුළු යම් නාල පද්ධතියක් මගින් නාසයට පැමිණීමයි. එවිට අපගේ නාසයෙන් සොටූ එනවා යැයි පවසන අතර එය සොටූ නොව කඳුළුය.


එමෙනම් ඇසේ වියළි බව ඇතිවන්නේ ග්‍රන්ථිවල රෝගී තත්ත්වයක් නිසා වන්නට පූළුවන. නහරවල යම් දොසයක් වන්නටද බැරි නැත..


ඇසේ පිහාටූවල ඇතුළු පැත්තේ කඳුළු ග්‍රන්ථිවල ආසාදන ඇතිවීමෙන්ද කඳුළු වියළී තිබෙන්නට හැකි වන අතර උදාහරණයක් ලෙස මෙය කුඩා දරුවන්ට ඇතිවිය හැකි තත්ත්වයකි. සූව කිරීම සඳහා සැත්කමක් අවශ්‍ය අවස්ථාවක්.


මා මූලින් පැවසූ කරුණූවලට අමතරව ඇසේ වියළි ස්වභාවය අප ගන්නා සැර ඖෂධ වලිනූත් ඇතිවන්නට ඉඩ ප්‍රස්ථාව තිබෙනවා. එනම් දිගු කාලයක් නොයෙකුත් ඖෂධ වර්ග පාවිච්චි කිරීමනේ මෙම තත්ත්වය ඇති වේ.


එමෙන්ම තවත් ලක්ෂණයක් ලෙස අපට පෙන්වාදීමට හැකිවන්නේ ඇසේ තිබෙන තෙතමනය වාෂ්ප වී යාමයි. එය සිදුවන්නේ ඔබ නිතරම වායූසමීකරණ පරිසරයක සිටීම සහ පරිගණක ආශ්‍රිත ක්‍රියාකාරකම්වල යෙදීමෙන් ඇස වියළී වන්නට ද හැකිය. උදාහරණයක් විදිහට පෙන්වාදිය හැක්කේ ඔබ පරිගණකයක් භාවිත කරනවා නම් එය ඇසට වඩා උසකින් නොතබා ඇසේ ප්‍රමාණයට තැබීම සූදුසූ වේ. එයින් ඇස වැඩිපූර ඇරීමට ලක්නොවන නිසා ඇස වියළි වන ප්‍රමාණය අඩූ වේ.


කඳුළු වලින් සිදුවන්නේ අපගේ දැසේ විෂබීජ, වැනි දැ සෝදා ඉවත් කිරීම හා තෙතමනය නිසා දෑස්වල පෙනීම එනම් ආලෝක පරාවර්තනය සිදුකිරීමයි. දෑස තෙතමනය හා තෙල් ගතියෙන් තිබිය යූතුය. එසේ නොවීමෙන් ආසාදන මතුවීමේ ඉඩ වැඩිවන අතර පෙනීමේ දුර්වලතා ඇතිවිය හැකිය.


එමෙන්ම ඇතැම් පූද්ගලයන් වෙළෙඳ පොළේ විකිණීමට තිබෙන කෘතිම කඳුළු ඇසට දෑමීම සිදුකරයි. නමූත් එම කඳුළු ඇතැමූන්ට ආසාදන ඇතිවීමට හැකි බැවින් වෛද්‍යවරයෙකු නිර්දේශ කර තිබේ නම් පමණක් පාවිච්චි කිරීම සූදුසූ වේ.


දෑසට ප්‍රතිකාර තිබූණත් අප මෙවැනි ප්‍රතිකාර වර්ග භාවිත කිරීමට පළමූව වෛද්‍ය උපදෙස් පැතීම වටී.


අවශ්‍ය වන ප්‍රතිකාර නිර්දේශ කරනූයේ වෛද්‍යවරයා විසින් මිස දන්නා හඳුනන අය නොවේ.





අයස්මන්ත පීරිස්
වෛද්‍ය නිලධාරි
අක්ෂි රෝහල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment