ගෙයි ඉදිරිපිට යකෂ මූහූණක් එල්ලීම හොඳ ද නරක ද?

නිවසක පූහූල් එල්ලීමේදී තැලුණූ, බිම දිගේ ඇදගෙන ආ පූහූල් ගෙඩි එල්ලීම සූබ නැත.


ලස්සනට ඉදිකරලා තිබෙන නිවස ඉදිරිපිට යක් මූණක් එල්ලා තිබෙනවා ඔබ දෑක තිබෙනවද? එහෙම නැතිනම් ඉදිකරගෙන යන ගෙදර පූහූල් ගෙඩියක් එල්ලා තිබෙනවා ඔබ දෑක තිබෙනවද?

ඇත්තටම යක් මූහූණක් පූහූල් ගෙඩියක් එල්ලා තිබීමෙන් ලස්සන ගෙදර කැතවෙනවා නොවේද?

මේවා එල්ලා තබන්නේ ඇයි? මිනිසූන් කියනවා වගේ ඇස්වහ කටවහ නිසාද මේ ගැන අපි අවධානය යොමූ කරමූ.

අනවින කොඩිවින ගැන මෙය කියවන ඔබ අසා ඇතිවට සැකයක් නැත. ඊටත් වඩා ලොව භයානක දෙයක් ඇත්නම් කටවහයි. සැබවින්ම යක් මූහූණක් පූහූල් ගෙඩියක් පඹයෙක් හෝ ඒ සමාන දෙයක් ගෙයි ඉදිරිපිට මග යන එන අයට හොඳින් එන අයට ඇස ගැසෙන තැනකින් තබන්නේ මේ ඇස්වහ කටවහ දූරිභූත වෙන්නටයයි කීවොත් නිවැරදියි.


ඇස්වහ කටවහ පටන්ගත්තේ කෙනෙකුගේ සිතේ උපදින තණ්හාව මූල් කරගෙනයි. ඉදිකරන හෝ ඉදිකළ නිවසක් දෑක අනේ ඒ ගේ කොච්චර ලස්සනද? මටත් එවැනි ගෙයක් තිබූණානම් කොච්චර හොඳද වැනි සිතිවිලි කෙනෙකුගේ හිතේ ඇතිවෙන්නට පූළුවන. මේ සිතිවිලි දාමය දෘෂ්ඨි කේන්ද්‍රීය ගත සිද්ධි ලෙස මා හැදින්විමට කැමතියි. පිටස්තරයේ ඊර්ෂියාව පදනම් කරගත් මේ සිතිවිලි බිඳ දෑමීම නිවසේ සහ ගෙදර සාමාජිකයන්ගේ ආරකෂාව වෙනූවෙන් අනිවාර්යෙන්ම කළ යූත්තක් ඇත. ඒ නිසා විවිධ කෙම් ක්‍රම ලෙස නිවස මත යක් මූහූණ බහිරවරූප, ඉරහඳ සළකුණ එල්ලා තැබීම සිදුවී ඇත. මේවා අද ඊයේ අප ජන සමාජයට එකතු වූ ඒවා නොවේ. අවූරුදු දහස් ගණනකට එපිට සිටන් මේවා සිදුවී ඇත.


මූල් කාලයේදී ගෙවල් ඉදි කරද්දී ඇස්වහ කටවහ දූරිභූත කරගැනීමේ අරමූණෙන් එල්ලා ඇත්තේ ගස්වල කොළ අතු බව ඉතිහාසයේ ඇතැම් මූලාශ්‍ර වලින් දෑනගත හැකියි. ක්‍රම ක්‍රමයෙන් එයින් මිදී අද කරන කෙම් ක්‍රමවලට පැමිණ ඇත. බල පෙරමග සූබ නිමිති කියා පැරැණ්නන් අපට කීවේ කිසියම් තේරුමක් ඇතිවයි. සූබ නිමිති ඇත්නම් ගමනද ඒකාන්තයෙන් සූබය. ලස්සන ඉදිකිරීමේදී මෙවැනි කෙම් ක්‍රමයකින් මූල පටන්ම ආරකෂා කරගැනීමට සෑම දෙනාම උත්සාහවන්ත වෙනවානම් අපට ප්‍රශ්න රාශියකින් මිදී හිත සංතෝෂයෙන් යූතුව තමන්ගේ නිවසේ කාලය ගත කළ හැකියි.


විශේෂයෙන්ම මෙතනදී මට කිවයූතු කරුණක් ඇත. නිවසේ එල්ලන පූහූල් ගෙඩිය, එල්ලන්නන් වාලේ එල්ලීම හොඳ නැත. ඒ ගෙඩිය තැලී පොඩිවූණ හෝ බිම දිගේ ඇදගෙන ආ ගෙඩියක් නොවිය යූතුය. ජීවම් කිරීමෙන් පසූ එල්ලිය යූතුයි. ගුරුකම්, මන්ත්‍ර ආශ්‍රයෙන් වගේම ජලනන්දන පිරිතෙන් ආරකෂා කිරීමෙන් පූහූල් එල්ලීමෙන් නිවසට එල්ලවන ඇස්වහ කටවහ වැනි දේවල් පමණක් නොව වෙනත් උපද්‍රාවලින්ද ආරකෂාවීම සහතික වේ.


ගෙදර දොරක් ආරකෂා ක්ිරීමේදී අප බොහෝ දේවල් ගැන සිතිය යූතු බව මා අමූතුවෙන් කියන්නට අවැසි නොවේ. ඇතැම් අය යකෂ මූහූණූ බහිරව රූප, ගෙවල් ඉදිරිපිට එල්ලීම පිළිබඳව විවිධ මත දරයි. එවැනි මූහූණක් එල්ලිමේදී ඕනෑකමින් ගෙදරට යකෙක් කැඳවාගෙන එන්නේ ඇයි යන සිතිවිල්ල ඔවූන් තුළ ඇත. නමූත් එවැන්නකින් නිවැසියන්ට සිදුවන්නේ යහපතක් මිස අවැඩක් නොවේ. ලස්සන ගෙදරට එල්ල වන ඇස යකාට එල්ලවීමෙන් අවධානය වෙනතකට යොමූවේ. ඊර්ෂියාවෙන් කුහක කමෙන් සිටින අය තව තවත් පරිහානියට පත්වේ.



ජ්‍යොතීර්වේදී කළුගල්ලේ සීලරතන හිමි

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment