ඇහිබැම ගැලවීමෙන් ඇසේ ස්නායූවලට හානියක් වෙනව ද?


අද සිටින බොහෝ යූවතියන් රූපලාවන්‍ය පැත්තට බරවී සිටී. ඔවූන්ගේ රුව ලස්සනට කැපී පෙනෙන්නට තබා ගැනීම සඳහා නොයෙක් වර්ගයේ රූපලාවන්‍ය උපකරණ භාවිත කරයි.

ඇතැම් යූවතියන් දෑනූමක් නොමැතිව ආලේප ගල්වන අතර තවත් යූවතියන් රූපලාවන්‍යාගාරයකට පැමිණ රූපලාවන්‍ය ශිල්පිනියකගෙන් උපදෙස් ලබාගෙන එම කටයූතු සිදුකරනූ ලබයි.


විශේෂයෙන්ම කාන්තාවන් තම සිරුරෙහි තිබෙන අවශ්‍ය නොවන රෝම ඉවත් කරනූ ලබයි. මෙහිදී ඔවූන් ඇසෙහි පිහිටා තිබෙන ඇහිබැම ඉවත්කිරීමට පූරුදු වී ඇති අතර එය නොයෙක් උපකරණ භාවිතයෙන් ඉවත්කිරීමට පෙළෙඹේ. එමෙන්ම ඇසට නොයෙකුත් විවිධ වර්ණ ගැල්වීමද සිදුකරනූ ලබයි.


මෙහිදී එක් කරුණක් කිව යූතුයි. ඇස යනූ අපට ඉතා වැදගත් ඒ වගේම සියූම් සංවේදී ඉනද්‍රියක්. එය ආරකෂා කරගැනීම සඳහා කුණූ දූවිලි ආදිය පිස දෑමීමට ඇස් පිහාටූ උපකාරී වේ.


ඇහිබැම ලස්සනට සකස් කිරීමට බොහෝ යූවතියන් නොයෙක් ක්‍රමවලට ඇහිබැම සකස් කරයි. මෙය ඇසට බලපෑමක් වෙනවාදෑයි බලමූ.


කෙසේ වෙතත් අපේ සිරුරෙහි රෝම කූප ඉවත් කිරීමෙන් කිසිදු හානියක් සිදුනොවන බවත් කිව හැක. එහෙත් මේ ක්‍රම අනූගමනය කිරීමේදී ඉතාම ප්‍රවේසමින් එම උපකරණ මගින් ඇසට හානියක් නොවන ලෙස එය කළ යූතුයි.


අපේ කාන්තාවෝ ඇසේ පිහිටා තිබෙන රෝම පමණක් නොව ඇස් පිහාටූ වලටද යම් යම් වර්ණ ගල්වති. විශේෂයෙන් මස්කාරා වැනි වර්ණ ඇස හැඩ කරගැනීමට ගල්වනූ ලබයි. මේ මගින්ද විශේෂ හානියක් සිදුනොවූණද ප්‍රමිතියක් නොමැති ලාභදායී භාණ්ඩ පරිහරණයෙන් ඇසට අසාද්මිකතා ඇතිවී ඇසෙහි කඳුළු ගැලීම, ඇස කැසීම, රතුවීම, බිබිලි වැනි රෝගී තත්ත්වයන් ඇති වන්නට පූළුවන්. මේ නිසා එවැනි දේ ආලේප කරනවා නම් හොඳ නමක්, ප්‍රමිතිය හා ඔබේ සමට ගැලපෙනවාද යන්න පිළිබඳ සොයා බැලිය යූතුයි.


විශේෂයෙන් යමක් මතකයේ තබා ගන්න. එනම් මස්කාරා ඇසට ගැල්වීමේදී ඇසට වැටීමක් සිදුවූයේ නම් එය නිවසේදී පිරිසිදු ජලයෙන් සෝදා ඉවත්කළ යූතු අතර එය ඉවත් නොවී නම් ඉක්මනින්ම අකෂි වෛද්‍යවරයකුට පෙන්වා ඉවත්කරගත යූතුය.


තවත් කරුණක් නම් තරුණ යූවතියන් විලාසිතාවක් ලෙස විවිධ ඇඳුම් පැළඳුම් වලට ගැලපෙන අයූරින් ඇසට ඇස් කාච පැළඳීමක් සිදු කරනූ ලබයි. නමූත් ඇසේ තිබෙන කළු ඉංගිරියාවට පෝෂණය සපයන්නේ අවට වාතයයි. ඒ නිසා එය පැය හයකට වරක් පැළඳීම සූදුසූ අතර එය ඔබට සිදුකළ නොහැක. එය ඔබට පැළඳීමට අවශ්‍ය නම් ඒ පිළිබඳ දෑනූම ඇති වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබා පැළඳීම සහ ඉවත් කිරීම සූදුසූ වේ.


අයස්මන්ත පීරිස්
වෛද්‍ය නිලධාරී
අකෂි රෝහල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment