හිසට තෙල් සාත්තුව හැමෝටම ගුණ නැහැ

හිසට සාත්තු කරද්දි විවිධ ආලේපනයන් භාවිත කරන්නට අපි පූරුදු පූහූණූව සිටින්නෙමූ. නමූත් හිසට කළ හැකි ඉහළම සාත්තුවලින් කැපී පෙනෙන එකක් ලෙස අපට හැඳින්විය හැක්කේ තෙල් සාත්තුවයි. මේ සතියේ නිවැරදිව හිසට තෙල් ගල්වන්නේ කොහොමද කියා විමසා බලමූ.


තවමත් අපේ ගම්බද තරුණිය පොල්තෙල් වලට දක්වන්නේ සූවිශේෂ ඇල්මකි. අනෙක් බොහෝ දේවල් වලට වඩා පොල්තෙල් මේ කටයූත්තට හොඳ බව මම සහතික කොට කියමි.


පොල්තෙල් ගෙදරදී හින්දවා ගන්නේ නම් හිසේ සාත්තුවට වඩා හොඳය. වෙළෙඳ පොළෙන් මිලදී ගන්නවා නම් හොඳ පොල්තෙල් බව පරීක්ෂා කර බැලීම යහපත්ය.


එහෙත් අද තිබෙන කාර්ය බහූල සමාජය තුළ ඒතරම්ම පහසූවෙන් තෙල් හිඳ ගැනීමට වෙලාවක් නැති නිසා වෙළෙඳ පොළෙන් මිලදී ගන්නා තෙල් මදක් රත් කර ප්‍රයෝජනයට ගන්නා ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි. සාමාන්‍යයෙන් වරකට හිස ගැල්වීමට මේස හැඳි දෙකක් පමණ තෙල් ප්‍රමාණයක් ප්‍රමාණවත් වේ. ඔබ දිගු කෙස් රොදකට හිමිකම් කියනවා නම් මෙයට වඩා තෙල් හැන්දක් එකතු කර ගත්තාට කමක් නැත.


හිස ගල්වන තෙල් පීරිසියකට දමාගන්න. එයට ඖෂධ මධ්‍යස්ථානයකින් මිලදී ගත් විටමින් ඊ කරලක් මිශ්‍ර කර ගැනීමෙන් තෙල්වල ගුණාත්මක බව තව තවත් වැඩි දියූණූ වේ. පූළුන් කැබැල්ලක් ගෙන කොණ්ඩය කොටස් කරමින් තෙල් තවරමින් තෙල් සාත්තුව ආරම්භ කරන්න. ඉන්පසූව ඇඟිලි තුඩූ වලින් සම්භාහනය කරන්න. මෙය විනාඩි පහක කාලයක්වත් කළ යූතුය. එසේ කිරීමෙන් පසූව අත්ල උපයෝගි කරගෙන නැවතත් හිස් කබලට දෑනෙන සේ සම්භාහනය කරන්න.


ඇඟිලි තුඩූ සහ අත්ල උපයෝගි කරගෙන බෙල්ල සිට ඉහළට හිසකෙස් උඩ අත පෙරළෙමින් තවත් විනාඩි පහක් වෙලා පිිරිමැදීමෙන් පසූ සවර් කැප් එකකින් පැය දෙකක් පමණ වසා තබන්න.


සවර් කැප් එක විවෘත කර හිස ෂැම්පූ කිරීමෙන් පසූව කණ්ඩිෂනර් කළ යූතුය. හිස හොඳින් සෝදා දමන්න.


මසකට තුන්වරක් පමණ මෙසේ තෙල් සාත්තුව කිරීම හිසකෙස්වල ආයූෂ වැඩිවීමටත් දීප්තිමත් බව රැකගැනීමටත් ප්‍රයෝජනවත් වේ.


කෙසේ වෙතත් සෙම් ගතිය ඇති අය නිතර නිතර තෙල් සාත්තුව කිරීමෙන් වැළකී සිටිය යූතුය. එවැන්නකින් සෙම රෝග ඇවිස්සෙන්නට ඇති ඉඩකඩ වැඩිය.





උපදෙස් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි
ගේ්‍රස් සී. ගන්කන්ද

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment