කොහොඹ කොළ තම්බා බීමෙන් සම පැහැපත් වෙනවා


ලස්සන වෙන්න අලේපනම ගල්වන්න ඕනේ නැහැ
හානේ බලන්න ඔයාගේ සමේ ලස්සන, හරිම පැහැපත්, බලන්න අනේ මගේ සම දිහා එච්චර පැහැපත් නැහැනේ. කොහොමද මෙච්චර ඔයාගේ සම පැහැපත් වූණේ... මේ වැනි කතා බහ යූවතියන් දෙදෙනෙක් හමූවූ විට නිතර අසන්නට ලැබෙන දෙයකි.


මේ නිසා අපි අද සාකච්ඡා කරන්නට සූදානම් වන්නේ ආයූර්වේදයට අනූව කොහොඹ කොළ තම්බා බීමෙන් සම පැහැපත් වනවාද යන්න පිළිබඳවයි.


කොහොඹ කොළ හෙවත් නීම්භ නමින් හඳුන්වන මෙම ඖෂධය ඔබ හොඳින් දන්නා ශාකයකි. එහෙත් එහි අඩංගු ඖෂධ ගුණ ගැන ඔබ කොතෙක් දුරට අවධානය යොමූ කර තිබේද?


නූතන සමාජයේ කොහොඹ භාවිත කිරීම ඉඩ ප්‍රස්ථාව අඩූය. බටහිර වෛද්‍ය ක්‍රමයේ බොහෝ ප්‍රතිකාර සඳහා යොදා ගැනීමක් නොලැබෙන නමූත් ආයූර්වේද ප්‍රතිකාර ක්‍රමයේ ප්‍රතිකාරය හා රෝග සමනය සඳහා ඖෂධයක් ලෙස කොහොඹ සූලබව භාවිත කරයි.


කොහොඹවල නිජ බිම ඉන්දියාව හා බූරුමයයි. එය ඉතා උසට වැඩෙන අතර පත් සිහින් දඟර ගතියෙන් යූත් උල් හැඩයක් ගනී.


මෙම ශාකයේ ඇට, පත්‍ර, නැටි, පොතු, මූල්, ආදී ශාකයේ සියලුම කොටස් ඖෂධ සඳහා භාවිත කරයි.


ආයූර්වේදයට අනූව මෙම ශාකය ශීතයි. නමූත් තිත් රසින් යූතු නිසා සෙම, පිත සමනය කරයි. ප්‍රාණවත් බව ඇති කර ශරීරයේ රුධිරය පිරිසිදු කරයි.


ආයූර්වේදයට අනූව කොහොඹ කොළ තම්බා බීමෙන් සිරුර පැහැපත් කරනවා මෙන්ම තවත් සමහරු කොහොඹ කොළ කොටා යූෂ එළකිරි සමග බීමට පූරුදු වී සිටී. මේ සියලුදේ මූලික කාර්ය වනූයේ ශරීරයේ රුධිරය පිරිසිදු කිරීමයි. එමගින් ශරීරයේ පැහැපත් බව ඇත ිවේ.


මීට අමතරව කොහොඹ කොළ හා අමූ කහ සමග කොටා ශරිරයේ ආලේප කිරීමත්, තම්බා ඇඟ සේදීමත් කරනූ ලබයි. එමගින් ශරීරයේ හටගන්නා දද, කුෂ්ට, පැපොල වැනි රෝග සඳහා ඉතා ගුණ ඖෂධ්‍යක් හා සමේ ඇතිවන කැලැල් ඉවත් කිරීම හා විෂබීජ නසා සම පැහැපත් කිරීමට උපකාරී වේ.


මීට අමතරව ශරීරයේ ඉදිමූම, ශ්වසන රෝග සඳහා ද ගුණදෙන අතර ඇස් රුදාව රෝග සඳහා කොහොඹ සහ අමූ කහ තම්බා එම ජලයෙන් ඇස් සේදීමත් ගුණ වේ.

නමූත් කොහොඹ කොළ යූෂ දිනපතා පානයට සූදුසූ නොවන අතර සතියකට වතාවක් පානය කිරීම සූදුසූය.





ආයූර්වේද ශල්‍ය වෛද්‍ය එච්. ඩී. තෙන්නකෝන්
ආයූර්වේද ශිකෂණ රෝහල,
බොරැල්ල.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment