රඹූටන් ලෙල්ල කටින් කඩලා කන්න එපා

රඹූූටන් කාලා බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි හරියට උගුර රිදෙනවා කියන එක. එහෙම වෙන්නෙ ඇයි..?
රතුම රතු පාටට ලස්සනට ඉදුණූ රඹූටන් පොකුරක් දෑක්කහම ඔබට කන්නටම හිතෙනවා නොඅනූමානයි. ඔබ එය අගුණ ද ගුණ ද කියාවත් සොයා බලන්නේ නැත. මොකද මෙම පලතුර වාරයකදී පමණක් පල ලබා ගන්නා නිසාවෙනි.

රඹූූටන් කෑමට අසා වූණත් මම අද ලියන්නට සූදානම් වෙන්නේ රඹූූටන් ගෙඩිය කටින් කඩා කෑමෙන් ඔබට සිදුවන හානිය පිළිබඳවයි.


ඔබ මෙන්ම කුඩා දරුවන් මෙම පලතුර වැඩිපූර ආහාරයට ගනූ ලබන්නේ කටින් ලෙල්ල ගලවා ගෙනයි. එමගින් උගුරේ ආසාදන ඇතිවෙන්න පූළුවන් අතර මෙය හේතු කීපයක් නිසා සිදුවිය හැකි බව ඔබ දන්නවාද?

එනම් පාරේ දමා තිබෙන රඹූූටන්වල කුණූ, දූවිලි, වැනි විෂබීජ දෑවටී තිබෙනවා. ඔබ එය නොසෝදා ආහාරයට ගන්නා අතර එයින් ඔබගේ මූවින් පහසූවෙන්ම මෙම විෂබීජ උගුරට ඇතුළු වෙනවා. එමගින් උගුරේ ආසාදන ඇති විය හැකියි.


තවත් කාරණයක් තමයි ඔබ මූවින් රඹූටන් ගෙඩිය කඩන අවස්ථාවේදී එහි ඇති ශ්‍රාවයක් තිබෙනවා ඔබට දෑනිලා ඇති. මන්ද එය මූවින් ගලවන විට තිත්ත රසකින් යූක්තයි. එය රඹූූටන් ගෙඩිය තුළ තිබෙන ඇසිඩ් එකක්. එම ඇසිඩ් වර්ගය උගුරට ඇතුළු වීමනේ ආසාදන ඇතිවීමට ඉඩකඩ ඇති අතර ඔබ මූවින් ලෙල්ල ගලවා ගන්නා රඹූටන් ගෙඩියේ මදයේ පවා වයිරස් තත්ත්වය ඇති වී තිබෙන්නට පූළුවන්. එවැනි තත්ත්වයකදී ආසාදනයක් ඇති වන්නට පූළුවන්.


රඹූූටන් ආයූර්වේදයේදී උෂ්ණ ගුණයෙන් යූතු පලතුරක් හැටියට හඳුන්වනූ ලබනවා. මෙම පලතුර වැඩිපූර ගැනීමෙන් උගුරේ සෙංගෙඩි වැනි ආසාදන ඇති වන්නට පූළුවන්.


මෙවැනි රෝගී තත්ත්වයන් තිබේ නම් ප්‍රතිකාර ගත යූතු බවත් විශේෂයෙන් නිවසේදී ලුණූ වතුරින් මූඛය සහ උගුර සෝදා පිිරිසිදු කිරීමත් වැදගත් වෙනවා.තවද මෙවැනි අවස්ථාවලදී කැස්ස වැනි රෝගී තත්ත්වයන් මතු වූවහොත් එයටද ප්‍රතිකාර ගත යූතුවන අතරම ආසාදන තත්ත්වයන් මතු වී නම් ඉක්මනින්ම ප්‍රතිකාර ලබා ගත යූතු බව මතකයේ තබාගන්න.

ඔබ හෝ ඔබේ දරුවාට මෙවැනි පලතුරක් ලබා දෙන්නේ නම් එය හොඳින් පිරිසිදු කර අතින් ගලවා ආහාරයට ගැනීමෙන් මෙවැනි ආසාදන තත්ත්වයන්ගෙන් මිදීමට හැකිවේ.



එච්. ඩී. තෙන්නකෝන් ආයූර්වේද ශල්‍ය වෛද්‍ය
ආයූර්වේද රෝහල බොරැල්ල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment