වැඩි කාලයක් මව් කිරි බීමෙන් වැඩි ශක්තියක් ලැබෙනවද?


අවූරුදු 5- 6 මවූකිරි දෙන අම්මලා අදටත් අප අතර ඉන්නවා

ඇතැම් විට දරුවන් අවූරුදු 5 - 6 ක් යන තෙක් මවූකිරි බොන අවස්ථා දකින්නට ලැබෙනවා. එය කොහෙත්ම අවශ්‍ය නෑ. මේ කාලයේදී මවූකිරි දීම නිසා දරුවා කෑම ගැනීම ප්‍රතික්ෂේප කරලා කිරි බොන්නට උනන්දු වෙනවා. එයින් බඩ පිරෙනවා. දරුවාට අවශ්‍ය බඩ පිරීම පමණයි. පෝෂණය ගැන වැටහීමක් දරුවාට නෑ. පෝෂණය පැත්තෙන් බලන විට අවූරුදු 5 ඃ 6 ක් කිරි දීම යෝග්‍ය දෙයක් නොවේ. අවූ. 2 ක් කිරි දීම ප්‍රමාණවත්.


මවූකිරි දීමේ වාසි

මවූකිරි දීමේදී මවට අමතර වියදමක් යන්නේ නැත. වෙනත් ආහාර හෝ පිටිකිරි වර්ග ලබාදීමේදී දරුවාට විෂ බීජ වර්ග ආදිය ඇතුළු වීමේ ඉඩ කඩ වැඩිය. නමූත් මවූකිරි මගින් විෂ බීජ ඇතුල් වීමේ හැකියාවක් නැත. එය ඉතාම පිරිසිදුය. විශ්වාසදායකය. ඒ වගේම ඕනෑම අවස්ථාවක දරුවාට අවශ්‍ය වූ විට කිරි දෙන්නට මවට පූළුවන්. වතුර උණූ කරන්නට, භාජන තම්බන්නට, කිරි පිළියෙල කරන්නට අවශ්‍ය වන්නේ නෑ. ප්‍රසිද්ධ, පොදු ඕනෑම ස්ථානයකදී පහසූවෙන් මවූකිරි ලබා දෙන්නට පූළුවන්.


මෙහිදී මවට ඇතිවන වාසිදායක තත්ත්ව ද තිබෙනවා. දරුවා ලැබෙන්නට සිටිනා කාලයේදී මව වැඩිපූර ආහාර ගැනීම නිසා වැඩි වශයෙන් ශක්තිය මවගේ ශරීරයේ තැන්පත් වේ. මේ වැඩිපූර ඇති ශක්තිය එහෙම නැත්නම් මේදය ශරීරයෙන් පිට කරන්නට මවට ලැබෙන අනගි අවස්ථාවක් ලෙස මවූකිරි දීම හඳුන්වන්නට පූළුවන්. තවත් කාරණයක් මවූකිරි වැඩි කාලයක් දුන් මවකට පියයූරු පිළිකා සෑදීමේ අවදානම අඩූ වේ.


මවූකිරි වෙනූවට පිටිකිරි දීමේදී බෝතල්, සූප්පූ සඳහාද වියදම් දෑරීමට සිදු වේ. ඒ වගේම මේවා ඉතාමත් හොඳින් පිරිසිදු කළ යූතු වේ.


එසේම දරුවාට සූප්පූව දීම නිසා දරුවා බොහෝ වෙලාවක් සූප්පූව කටෙි තබාගෙන සිටියි. එතැනදී දත්වලට සිදුවන හානි වැඩිවෙන්නට පූළුවන්. ඒ නිසා පිටි කිරි වර්ගයක් දෙනවාට වඩා මවූකිරිදීම වඩාත් සූදුසූයි.


වසර දෙකකින් පසූත් මවූකිරි දීම අවශ්‍යද?

මවූකිරි වසර 1 1/2- 2 පමණ දීමෙන් පසූ දිගින් දිගටම දරුවාට ලබා දීමේ ප්‍රයෝජනයක් නෑ. දිගින් දිගටම කිරි දීමෙන් එය වතුර හා සමාන වෙනවා. ඒ වගේම දරුවා අනවශ්‍ය අවස්ථාවලදී පවා කිරි බීමට පෙළඹෙනවා, විශේෂයෙන්ම එහි ඇති පැණි රසය නිසා. මේ වයසේ දරුවෙකුට කිරිවලට වඩා පෝෂණය ලබා ගත හැක්කේ ඝන ආහාරවලින්. කිරි බීම හේතුවෙන් දරුවාට ලැබිය යූතු පෝෂණය ලබා ගැනීමට නොහැකි වෙනවා.


මවූකිරි වගේම පිටිකිරිත් දීම අවශ්‍ය නෑ. ඝන ආහාරවලට වඩා ඉහළ පෝෂණයක් පිටි කිරිවලින් ලැබෙන්නේ නෑ. ඒ නිසා පිටිකිරි ලබා දී දරුවාගේ ප්‍රධාන ආහාර වේලක් වැළැක්විය යූතු නැහැ. ප්‍රධාන වේල් තුන නියමාකාරයෙන් දරුවාට ලබාදිය යූතුයි. ඊට අමතරව මි. ලී. 150 - 200 පමණ කිරිවේල් දෙකක් ලබා දීම ප්‍රමාණවත්.


බෝතල් සූප්පූ එපා

ඇතැම් අවස්ථාවල දරුවාට පිටි කිරි හඳුන්වා දෙන අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථාවල බෝතල්, සූප්පූ වෙනූවට හැන්දක් හා කෝප්පයක් පාවිච්චි කිරීම ඉතාම සූදුසූයි. අද වෙළෙඳ පොළේ හැන්දක් සවි කළ බෝතල් තිබෙනවා. සූප්පූවකින් කිරි බොන්නට දරුවා වෙහෙසක් දරන්නේ නෑ. එය ඉබේම ලැබෙනවා. නමූත් මවගේ පියයූරෙන් දරුවා කිරි උරාගත යූතුයි. එයට ශක්තියක් වැය කළ යූතුයි.


කිරි ඉවත දෑමීම සූදුසූද?

ඇතැම් විට දරුවාට ප්‍රමාණවත් තරමට වඩා කිරි ඇති විට එය මවට හිරිහැරයක් නිසා කිරි දොවා දෑමීම සිදු වෙනවා. ඇතැම් අය බිය වෙනවා කිරි දොවා දැමීමෙන් දරුවාට කිරි නැති වේවි කියලා. නමූත් කිරි දොවා දමන තරමටම කිරි නැවත නිපදවෙනවා. ඒ නිසා ඒ ගැන බියවිය යූතු නැහැ.


රැකියාවට යන මවක් නම්

මව රැකියාවට යන විට දරුවා වෙනූවෙන් කිරි දොවා තබා යාමට පූළුවන්. සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ පැය 6 ක කාලයක් කිරි තබා ගන්නට පූළුවන්. ශිතකරණයේ පැය 12 ක් තියන්නට පූළුවන්. නමූත් ශිතකරණයේ තබා පිටතට ගත් කිරි නැවත ශිතකරණයේ තැබීම සූදුසූ නැහැ. මේ කිරි ඉතාම පිරිසිදුව ආරක්ෂිතව තබා ගැනීම ඉතාම වැදගත්.






රිජ්වේ ආර්යා ළමා රෝහලේ
ළමා රෝග විශේෂඥ වෛද්‍ය හා කොළඹ වෛද්‍ය පීඨයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජිත වික්‍රමසිංහ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment