කායික සහ මානසික වර්ධනය අඩාල කරන තයිරොක්සීන් ඌනතාව


අප ගේ කායික මෙන්ම මානසික වර්ධනයට බලපාන ප්‍රධානතම හෝර්මෝනය ලෙස තයිරොයිඩ් ග්‍රන්ථය මඟින් ස්‍රාවය කරන තයිරොක්සීන් හැඳින්විය හැකි ය. එහෙත් විවිධ හේතූන් මත මෙම හෝර්මෝන ස්‍රාවය උපතේ සිටම නොලැබී යාම විශාල කායික හා මානසික ගැටලු රැසක් ම ඇති කරන බැවින් මේ ගැන දෑනූවත්ව සිටිම ඉතා වැදගත් වෙයි.


කුඩා අවධියේ සිට ම තයිරොක්සීන් හෝර්මෝනය නිපදවීම අඩාල වීමට බලපාන ප්‍රධාන හේතු කවරේ ද?

තයිරොයිඩ් ග්‍රන්ථිය උපතින් ම වර්ධනය වී නොතිබීම මින් ප්‍රධානතම සහ සූලබතම හේතුව ලෙස හඳුනාගෙන ඇත. මෙම ග්‍රන්ථිය වර්ධනය සම්පූර්ණයෙන් ම හෝ අර්ධ වශයෙන් අඩාල වී තිබිය හැකි ය. ඇතැම් අවස්ථාවල දී ග්‍රන්ථිය නියමිත පිහිටූමේ නොතිබිය හැකි ය.


තයිරොක්සීන් හෝර්මෝනය නිපදවීමට අදාළ එන්සයිම ක්‍රියාකාරිත්වය උපතින් ම අඩාල වී තිබිය හැකි ය. ඥාතී විවාහවලින් බිහිවෙන දරුවන් තුළ මේ තත්ත්වය දෑකිය හැකි බව සොයාගෙන ඇත.


අයඩින් මූලද්‍රව්‍යයේ ඌණතාව ද ළමා අවධියේ දී හෝර්මෝන නිපදවිමට අදාළ වීමට හේතුවකි. තයිරොක්සීන් හෝර්මෝන ඌණතාවෙන් පෙළෙන පූද්ගලයින් වැඩි දෙනෙකු වෙසෙන ප්‍රදේශවල මෙය ප්‍රධානතම සාධකයකි.


පිටියූටරි ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩූ වීම ද තයිරොක්සීන් නිපදවීම අඩාල කිරීමට හේතුවෙයි.


මව තයිරොක්සීන් ඌණතාවයෙන් පෙළීම අලුත උපන් දරුවන්ට බලපෑ හැකි ද?

මව ගේ සිරුරේ සිට කුස තුළ සිටින දරුවාට තයිරොක්සීන් ගමන් කිරිම සිදුවන්නේ ඉතා අඩූ ප්‍රමාණයකිනි. එබැවින් මේ තත්ත්වය දරුවන් තුළ තයිරොක්සීන් අඩූවීමට ප්‍රධානතම හේතුව නොවෙයි.


තයිරොක්සීන් හෝර්මෝනය නිපදවීම අඩාල වූ විට කුඩා දරුවන් තුළින් මතු වන රෝග ලකෂණ කවරේ ද?

දරුවා ගේ වර්ධනය කැපී පෙනෙන ලෙස පහත වැටෙයි. ඇතැම් විට අලුත උපන් බිළිඳුන් ගේ සිරුරේ බිලිරුබීන් මටිටම ඉහළ යාම නිසා සිරුර කහ පැහැ ගැන්වෙයි. මළ බද්ධය ඇති වෙයි. කිරි උරා බීම දුර්වල වන අතර, සිරුර වියළී ගිය ස්වභාවයක් පෙන්වයි. මූහූණ මලානික වන අතර, විශාල දිවක් සහිත වන අතර, ඇතැම් විට තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වීම ද (ගලගණ්ඩය) දෑකිය හැකි ය. දරුවා අඬන විට බොල් හඬක් මතුවෙයි. නාභිය ප්‍රදේශයේ හර්නියා රෝගය මතු වීම ද සමහර දරුවන් තුළ දෑකිය හැකි ය. කථා කිරීම, බඩගෑම, සිට ගැනීම, ඇවිදීම වැනි ක්‍රියාවන්ට ළඟා වීමට වැඩි වයස් සීමාවක් ගතවෙයි.


උපතින් පසූව තයිරොක්සීන් හෝර්මෝන නිපදවීම අඩාල වූ දරුවන් තුළින් මතු වන රෝග ලකෂණ කවරේ ද?

උසින් වැඩීම අඩාල වෙයි. සිරුර කුරු බවක් දක්වයි. ශරීරයේ පර්යන්ත ප්‍රදේශ සීතල වෙයි. සම සිනිදු වන අතර, වියළි ස්වභාවයක් දරයි. ඇතැම් විට ඇහිබැම වර්ධනය සිදු නොවෙයි.


මෙම දරුවන් වැඩිවිය පැමිණිම ප්‍රමාද වෙයි. සිරුර තරබාරු වෙයි. පාසල් වැඩ කටයූතුවලට උදාසීන වන අතර, අලස කම්මැලිබවක් නිතර පෙන්වයි. ඉගෙන ගැනීමට උන්නදුවක් නොදක්වයි.


ශරීර වර්ධනය අඩාල වීමේ කැපී පෙනෙන ලකෂණය කුමක් ද?

මොවූන් ගේ සිරුරේ ඉහළ කොටස, පාදවලට වඩා දිගු බවක් පෙන්වයි. මූඛයේ ස්ථිර දත් පැමිණීම ද ප්‍රමාද වෙයි.


රෝගය නිර්ණය කර ගත හැක්කේ කෙසේද?

ශරීරයේ වර්ධනය අඩාල වී කුරු බවක් පෙන්වීම මඟින් සායනික ව එය නිර්ණය කරගත හැකි ය.


එක්ස් කිරණ ඡායාරූප මඟින් ශරීරයේ අස්ථි වර්ධනය නිර්ණය කරගත හැකි ය. සිරුරේ අස්ථිභවනය අඩාල වීම කැපී පෙනෙන ලකෂණයකි. මීට අමතරව තයිරොක්සීන් හෝර්මෝන මටිටම නිර්ණය කළ හැකි ය.


මෙම රෝගී තත්ත්වයට ප්‍රතිකර්ම ලෙස කළ හැක්කේ කවරක් ද?

අලුත උපන් දරුවන් ගේ රෝග ලකෂණ පළමූ මාසය තුළ දී හඳුනා ගැනීම අපහසූ වෙයි. එහෙත් කෙමෙන් කාලය ගතවන විට රෝග ලකෂණ හඳුනාගත හැකි ය. මෙහිදී ප්‍රතිකර්ම ලෙස තයිරොක්සීන් හෝර්මෝනය ජිවිත කාලය පූරාවට ම ලබා දීම කළ යූතු ය. මෙම ප්‍රතිකාර ලබා දී දරුවා පිළිවෙළින් ක්‍රමාණූකූල ව රෝහල් සායනවලට කැඳවාගෙන පැමිණීම වැදගත් වෙයි.


රෝගය පිළිබඳවත්, එහි අනාගතය සම්බන්ධ වත් දෙමාපියන් දෑනූවත් විය යූතු ය.


රෝගයෙන් සූවය ලැබීමට බලපාන හේතු සාධක කවරේ ද?

රෝගය හඳුනාගත් මූල් අවස්ථාවේදී ම ප්‍රතිකාර කළ යූතු ය. එබැවින් මූල් අවධියේදී ම ප්‍රතිකාර ආරම්භ කළ විට මානසික දුර්වලතාවන්ට ගොදුරුවීමෙහි අවදානම පහත වැටෙයි.


එහෙත් රෝගයට පසූකාලීන ව ප්‍රතිකාර ආරම්භ කළ විට ශාරීරික දුර්වලතා අවම වූව ද, මානසික දුර්වලතා නිවැරැදි කිරිම බොහෝ විට අපහසූ වෙයි. එබැවින් තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත අධි වර්ධනයක් හෝ ඉහත කී රෝග ලකෂණ පවතින විට ඉක්මණින් ම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමූ වීම නිරෝගී දරුවකු නිර්මාණයට ඉවහල් වෙයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment