කොළ කැඳ බොන්න ඕනේ උදේට විතරමද?

අපෝ.. පණනෑ වගේ, මොකද අද උදේට ඔයා කැඳ බීලද අවේ.. නිකන් නිදිමතේ වගේනේ ඉන්නේ.. කවූරුන් හෝ මෙලෙස ඈලි මෑලි ගතියෙන් යූතුව සිටින විට ඔබම මෙවැන්නක් ප්‍රකාශ කර තිබෙනවා සිහියට නැගෙනවා ඇති.


කැඳ කීවහම අපට විවිධ වර්ගයේ කැඳ හදුන්වාදීමට හැක. නමූත් ඖෂධ ගුණයෙන් පිරිපූන් වන කොළ කැඳ ගැන ඔබ කොතෙක් දුරට අවධානය යොමූකර තිබේද?


නූතන සමාජයට කොළ කැඳ භාවිතා කිරීමේ ඉඩ ප්‍රස්තාව අඩූයි. බටහිර වෛද්‍ය ක්‍රමයේ බොහෝ විට කොළ කැඳ ගැන එතරම් සැලකිලිමත් නොවූනත් ආයූර්වේදයේ ඉතා ගුණ ආහාරයක් හැටියට කොළ කැඳ හදුන්වාදීමට පූළුවන.


මේ නිසා කොළ කැඳ වල තිබෙන ගුණය පිළිිබඳ අදාල කරුණූ විග්‍රහ කිරීම මේ ලිපියේ අරමූණයි.කොළ කැඳ පූරාණයේ සිට ප්‍රචලිත දෙයකි. කැඳ අපේ ජාතික ආහාරයේ ප්‍රධාන තැනක් ගන්නවා. අපේ පැරණි මූතුන් මිත්තන් සියලු දෙනා උදැසනට අනිවාර්යෙන්ම කොළ කැඳ කොප්පයක් පානය කරන්න අමතක කලේ නෑ.


කැඳ නම ඇසූ පමණින් ඔබගේ මතකයට නැගෙන්නේ කොළ කැඳ පමණයි. නමූත් කොළකැඳ අතරට ලුණූ කැඳ, පොරිකැඳ, බැඳිහාල් කැඳ ආදී කැඳ වර්ගත් ගණනාවක් තිබෙනවා.


ආයූර්වේදයට අනූව කොළ කැඳ ඉතා ප්‍රනීත ආහාරයක් වන අතර ගුණවත් ආහාරයක්. බඩගිනි වඩවන, මලබද්ධය දුරු කිරීමේ ගුණය කොළ කැඳ වලට ඇත. ඒ වගේම විවිධ රෝග වලටද සූදුසූ කැඳ වර්ගද ඇත.


දිනපතා කොළකැඳ බිමෙන් තරබාරු කම අඩූකිරීම හා ශරීරයේ ශක්තිය ලැබීම, ආහාර රුචිය ඇති කිරීම, බඩගිනි ඇතිකිරීම හා ආහාර දිරවන්නේ නැති අවස්ථාවලදී ආහාරයක් ලෙසද භාවිතා කිරීමට හැක.


මෙයට අමතරව කොළකැඳ බීමෙන් රුධිර සංසරණ පද්ධතිය හොඳින් ක්‍රියා කිරීම, සූන්දර පැහැපත් නිරෝගී රුවක් ලබාගැනිමටත්, විශේෂයෙන්ම කිවයූතු කරුණාවක් තිබේ. එනම් ඔබගේ රුව තව තවත් වැඩි කිරීමට උපකාරි වන කේෂ කල්‍යාණි වර්ධනය කරගැනිමටත් වයස් පෙනීම අඩූකිරීමටත් කොළ කැඳ වලට හැකියාව තිබෙන බව ඔබ දන්නවාද?


එමෙන්ම බූදුන් වහන්සේ කැඳ පිළිබඳ ගුණ දහයක් පෙන්වා දී තිබෙන අතර කොළ කැඳ ඕනැම වෙලාවක පානය කිරීමට සූදුසූ වන බවත් දිනපතා කැඳ පානය සූදුසූ වන අතර එකම වර්ගයේ කොළ කැඳ පානය කිරීමට සූදුසූ නොවන බවත් මතකයේ තබාගන්න.


අතීතයේ අපේ මූතුන් මිත්තන් තේ පානය වෙනූවට දිනපතා කොළකැඳ කොප්පයක් බී වැඩ කටයූතු ආරම්භ කරයි. එයින් ඔවූන්ට ශක්තිය, පෝෂණය ලැබූණ අතර සවස් කාලයට වඩා උදැසන හිස්බඩ කැඳ පානය කිරීමට පූරුදුවී සිටියේ දහවල් ආහාරය ගැනිමට ඉතා හොඳින් උදරය සැකසී තිබීම නිසාවේ. එනම් කුසගින්න වර්ධනය වී ආහාර රුචිය වර්ධනය කර ගැනිම නිසාවේ. මේ අනූව කරුණූ කාරණා සලකා බලන විට කොළ කැඳ ඖෂධීය ගුණය ඉතා ඉහළ බවත් එය වැදගත් ඕනෑම කෙනෙකුට සූදුසූවන ආහාරමය පායක් බවත් තවත් අටූවා ටීකා කීමට අවැසි නොවේ.


ඔබත් දිනපතා තේ පානය වෙනූවට කොළ කැඳ වීදුරුවක් පානය කිරීමෙන් පෝෂණීය ආහාරයක් ශරීරයට ලැබෙන අතරම නිරෝගී, ශක්තිමත් සිරුරකට හිමිකම් කිමට හැකිවේ.




ආයූර්වේද විශේෂඥ ශල්‍ය වෛද්‍ය
එච්. ඩී. තෙන්නකෝන්

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment