ඉපැරණි සමාජයේ අපේ මූතුන්මිත්තන් දේව වන්දනා විශ්වාසයකින් යූතුව භක්තිමත් ලෙස ඉටූකළා. දෙවියන් ගැන කතා කරන විට විශේෂයෙන් අපේ ජනයා අදහන දෙවි කෙනකු ලෙස සරස්වතී මෑණියන්ව හඳුන්වන්නට පූළුවන්. මොකද කියනවා නම් කුඩා දරුවන්ට ඉස්සෙල්ලාම අත්පොත් තබන විට හා දරුවකුගේ විභාගයකදී පූද පූජා පවත්වා භාරහාරවීම අදටත් අපට දැකිය හැක.
සරසවි මෑණියන්ගේ පිහිට ඇල්ම බැල්ම අධ්‍යාපනය ලබන දරුවනට ලැබෙන බවට එදා අපේ වැඩිහිටියෝ විශ්වාස කළ නිසා ඔවූන් දරුවන්ගේ අධ්‍යාපන කටයූතු වලදී සරස්වතී දේවිය බැතියෙන් සිහිපත් කළහ. අද දක්වාම දරුවන්ගේ සියලු අධ්‍යාපනික සහ නැටූම් ගැයූම් අවස්ථාවලදී සරස්වතී දේවිය බැතියෙන් සිහිපත් කිරීම එදා වගේම පවතී.
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනයා අතර සරසවි මෑණි පිළිබඳ විවිධ මත පවතී. ඇය සියලු දෙවියන් අතර බූද්ධිමත් වගේම ඉතා රූමත් දෙවඟනක් ලෙස බොහෝ දෙනා විශ්වාස කරති. ඇය ගයාත්‍රි, සාවිත්‍රි, විද්‍යා රාජිණී, වාගීෂ්වරී, ධාරා භේදන වාගීෂ්වරී යන නම් වලින් ද හඳුන්වනූ ලබයි.
දේව කතාවල සඳහන් වන පරිදි සරසවි දේවිය උපන්නේ විෂ්ණූ දෙවියන් විසින් කිරිමූහූද කැළඹූ අවස්ථාවේදී මහා බ්‍රහ්මයාගේ භවනෙහිය. එබැවින් ඇය මහා බ්‍රහ්මයාගේ දියණිය ලෙස ද තවත් සමහරු ඇය මහ බ්‍රහ්මයාගේ බිරිඳ ලෙසද හඳුන්වා ඇත. එසේම තවත් මතයකි සරස්වතී විෂ්ණූ දෙවිඳුන්ගේ භාර්යාව බව. ඇය විෂ්ණූගේ මූව මඬලෙහි වාසය කරන බව ද කියයි.
සරස්වතී දෙවඟනගේ එක් දෑතක ගිරවෙක් ද තවත් අතෙක පිළිමිණි මූවා ද ජපමාලාවක්ද වේ. නමූත් සරසවිගේ බොහෝ පිළිරූවල වීණාවක් ද පොතක් ද දරා සිටින අයූරු නිර්මාණය කර ඇත.
ඇය සරස්වතී යන නමින් හඳුන්වන්නට ඇත්තේ මහා බ්‍රහ්මයාගේ සියලු සූසැටක් දැනූම ලබාගැනීමේ වරම හිමිවී තිබීමෙන් වීමට පූළුවන.
සියලු කලා ශිල්ප ශාස්ත්‍ර ආරම්භයේදී සරස්වතී දේවියට පූද පූජා පැවැත්වීම, ස්ලෝක ගායනා කිරීම බොහෝ දෙනකුගේ සිරිතය. විශේෂයෙන් කුඩා දරු දැරියනට අකුරු කියවීමේදී සරස්වතී දේවියට පූජාවක් තැබීම හා එයට සූදුසූ වතාවත් කිරීම සිරිතකි.
කලා ශිල්ප ශාස්ත්‍රයට හා සියලු ලලිත කලාවනට අධිපති දෙවඟන ලෙස පූද පූජා සැළකිලි ලබන සරස්වතී මෑණියන් කෙරෙහි අපේ ජනයා තුළ ඇත්තේ දැඩි භක්තියකි. ඒ තම දරුවනට ඇයගේ ශාස්ත්‍ර පිහිට ලැබෙන බවට විශ්වාසය තිබෙන නිසාවෙනි.
ජ්‍යොතිෂවේදී එච්. උපාලි ෆොන්සේකා
0 comments :
Post a Comment