හෘදයාබාධ ආරෙට යනවද?

ඒ දවස්වල නම් හදිස්සියේ මරණයක් වූණාම ගම්වැසියෝ කිව්වේ යකෙක් ගහලා මැරුණා කියලයි. ඒත් අද නම් ඒ කතාව ඇහෙන්නේ නැති තරම්

අද බොහෝ දෙනෙකුට වැළදෙන රෝගයක් ලෙස හෘදයාබාධ එහෙමත් නැත්නම් පපූවේ අමාරුව හැදින්විය හැකියි. හෘදයාබාධ ඇති වීමට නොයෙකුත් හේතු කාරනා තිබෙනවා. හෘදයාබාධ ඇතිවීමට ප්‍රධානතම කාරනය ලෙස අප සලකන්නේ,


ආරෙට යාම, පවූලේ කෙනෙකුට හෘදයාබාධ තිබූණේ නම් එය, ආරෙට යාමේ ප්‍රවණතාව වැඩියි. අනෙක් කරුණ තමයි වයසට යාම හා පිරිමිකම


හෘදයාබාධ සෑදුන බොහෝ රෝගීන් අපට පවසන දෙයක් තමයි, අපේ පවූලේ කාටවත් මේ ලෙඩේ තිබූණේ නෑ. මට විතරමයි හැදුණේ කියලා. ඉස්සර දෑන්වගේ වෛද්‍ය තාකෂනේ දියූණූ නැහැනේ. ඕන තරම් හදිසියේම මිනිසූන් මිය යන අවස්ථා තිබූණා. නමූත් එසේ මිය ගිය මිනිසූන් වෛද්‍ය පරීකෂණයකට ඒ කාල වලදී යොමූවූණේ නෑ. මිනිසූන්ට එතරම් දැනූමක් තිබූණෙත් නැහැ. හදිසියේම මිනිසෙකු මිය ගියොත් ඔවූන් සිතුවේ යකෙක් ගහලා මැරුණා කියලයි. අපේ පරම්පරාවේ ලෙඩේ තිබූණේ නැහැ කියන එක නිදහසට කරුනක් වන්නේ නැහැ. මෙතනදී කිවයූතු වැදගත් කරුනක් නම් පරම්පරාවේ මේ ලෙඩේ තිබූණා කියලා ඔබ බියවිය යූතු නැහැ. ඔබගේ දෙමව්පියන්ට හෘදයාබාධ වැළදී තිබූණේ නම් ඔබ ගැනත් ඔබේ අනෙක් පරම්පරාව ගැනත් සැලකිලිමත් විය යූතුයි. ආරෙට හෘදයාබාධ වැළදෙනවා වගේම අධික මත්පැන් පානය හෘදයාබාධ වැළදීමට ප්‍රධානතම කාරනා වෙනවා.


හෘදයාබාධ ඇතිවීමට ප්‍රධානතම කාරනා 3ක් අප ඉහත සඳහන් කළා. එම කාරණා තුනම අප හඳුන්වන්නේ අපට පාලනය කළ නොහැකි ඒවා ලෙසයි. ආරෙට යාම, වයසට යාම, පිරිමිකම අපට වළක්වන්නට බැහැ. නමූත් අපට වෙනස් කලහැකි සාධක කිහිපයක් තිබෙනවා. එම සාධක වන්නේ දුම් පානය, අධික මත්පැන් පානය, තරබාරුව, දියවැඩියාව, අධි රුධිර පීඩනය, ව්‍යායාම මදකම සහ මානසික අසහනය. මෙන්න මේ හේතූන් නිසා අපට හෘදයාබාධ වැළදීමට ඉඩ තිබෙනවා. එසේම මෙම සාධක අපට පාලනය කළ හැකි හේතූන් ලෙස අප සලකනවා.


යම් කෙනෙකුගේ පරම්පරාවේ මෙම රෝගය තිබෙනවා නම් ඔහූ හෝ ඇය දෑනගතයූතුයි ඉහත කී සාධක වලින් වැළකී සිටිමට. එසේ කිරීමෙන් පරම්පරාවෙන් එන මෙම හෘදයාබාධ රෝගය පාලනය කරගැනීමට අපට හැකියාව ලැබෙනවා.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment