කුරුළෑ කොස්ස මිරිකා ඉවත් කළ යූතුද?

Face Pimples

අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කුරුළෑ ගැනමයි. අපේ වැඩිහිටියන්ගෙන් නිතරම අහන්න ලැබෙන දෙයක් තමයි සම මතුපිටට නෙරා එන කුරුළෑවක් තුළ පවතින සාරය, අපි කටවචනයට කියන කොස්ස මිරිකලා ඉවත් කරන්න සූදුසූ නැහැ කියල.

ඇත්තටම මෙය නූසූදුසූද?

සමහර කුරුළෑවල තිබෙන විෂ ද්‍රව්‍ය ඉබේම ඉවත්වෙලා යනවා. අපි කියන්නේ කුරුළෑවක් පිපිරුණා කියල මෙවැනි තත්ත්වයකටයි. තවත් සමහර කුරුළෑවල කොස්ස අපි ඉවත් කරන්න ඕනෑ. නමූත් ඉවත් කරන්න සූදුසූ වෙන්නේ බ්ලැක් හෙඩ්ස්, වයිටි හෙඩ්ස් තත්ත්වයේ තිබෙන කුරුළෑ පමණයි. එය කළ යූත්තේ විෂබීජ ඉවත් කළ කොම්ඩොන් එක්ස්ට්‍රැක්ටර් කියන උපකරණයෙන් පමණයි. මෙහිදී කුරුළෑවේ තත්ත්වය හරි හැටි හඳුනා ගැනීම වැදගත් වෙනවා.


නමූත් ප්‍රදාහයට පත් වූ කුරුළෑවක් කිසිම විටෙකත් මිරිකා ඉවත් කිරීම සූදුසූ නැහැ. ප්‍රදාහයට පත්වූ කුරුළෑවක ඇති විෂ සහිත සාරය අවට පටකවල ගෑවීමෙන් එම පටක ආසාධනය වෙන්න පූළුවනි. මෙම කුරුළෑ වියළීමෙන් ඇතිවෙන කැළල වඩාත් ගැඹූරු වෙන්න පූළුවනි. එවැනි කැළලක් සමෙන් ඉවත් වෙන්න දීර්ඝ කාලයක් යනවා.


කුරුළෑවක් ඉබේම සූවපත් වෙනවා. නමූත් අතේ නියපොතුවලින් තද කරන විට කුරුළෑව තුවාල වෙලා ආසාධන තත්ත්වයක් බවට පත්වෙන්න පූළුවනි.


අපි "පිම්පල්ස් පිකින් අප්" ලෙස හඳුන්වන කුරුළෑ කොනහන එක හොඳම නැහැ. සාමාන්‍යයෙන් අපේ පූරුද්ද තමයි සම කොනිත්තලා, කොනිත්තලා සම මතුපිට උස්වූණ තැන් පැතලි කරන්න යනවා. මෙයින් වෙන්නෙත් සමේ තුවාලයක් ඇතිවීම සහ ගැඹූරු තුවාල කැළලක් ඇතිවීමයි.


ඊළඟට අපි කතා කරමූ කුරුළෑවලට බෙහෙත් කරන්න යෑම ගැන. තෙල් හදන ග්‍රන්ථිවල ස්‍රාවය ඇතිවෙන්නේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය නිසා. කුරුළෑවලට බෙහෙත් කරන්න යාමේදී වෙන්නේ මෙම හෝමෝනය පාලනය කිරීම. ටෙස්ටෙස්ටරෝන් පාලනය කිරීම මගින් කාන්තාවන් විවාහයට පත්වෙලා දරුවෙකු පිළිසිඳ ගැනීමට යාමේදී අපහසූතා ඇති වෙන්න පූළුවනි. හෝමෝන ප්‍රතිකාර දෙන එක සීමාසහිතව කළ යූතු දෙයක් වෙන්නේ මෙවැනි කරුණූ නිසයි.


කුරුළෑවලට බෙහෙත් කිරීමේදී හෝමෝන ක්‍රියාකාරිත්වය නැති කිරීම වෙනූවට හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා වන බැක්ටීරියා ක්‍රියාකාරිත්වය නතර කිරීමයි කළ යූත්තේ.


හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන බ්ලැක් සහ වයිටි හෙඩ්ස් මගින් කිසිවිටෙකත් කැළැල් ඇති වෙන්නේ නැහැ. අපි කල යූත්තේ බ්ලැක් හෙඩ්ස් සහ වයිටි හෙඩ්ස් තුළට බැක්ටීරියා ඇතුළුවීමෙන් වන ආසාධන තත්ත්වය වළක්වා ගැනීමයි.


ප්‍රතිකාර කිරීමේදී ආලේප කරන බෙහෙත්වලින් වෙන්නේ තෙල් ග්‍රන්ථි හැකිලෙන එක. මෙම ග්‍රන්ථි හැකිලීයාමෙන් නැවත කුරුළෑ ඇතිවීම වළක්වා ගන්න පූළුවනි. නමූත් කුරුළෑවලට ප්‍රතික්‍රියා කිරීම සතියෙන් දෙකෙන් කරන්න බැහැ. අඩූම තරමින් මාස හයක පමණ කාලයක්වත් කුරුළෑ සඳහා ප්‍රතික්‍රියා කිරීමෙන් හොඳ ප්‍රතිඵලයක් බලාගන්න පූළුවනි.


විශේෂයෙන්ම අපේ තරුණ දූඃදරුවන් කුරුළෑවලට ප්‍රතිකාර කරන්න ගියාම ඉක්මන් ප්‍රතිපල ලබන්න බලාපොරොත්තු වෙන එක නවත්වන්නම ඕන.


කුරුළෑ තියෙන මූහූණක් නිතරම පිරිසිදුව තියාගන්න ඕන. මූහූණ සේදීම මගින් බැක්ටීරියා ඉවත් කරගන්න පූළුවනි. ප්‍රධාන වශයෙන් බැක්ටීරියා නාශක ඖෂධයක් පාවිච්චි කරලා මූහූණ පිරිසිදු කිරීම අත්‍යවශ්‍යයි.





චර්ම රෝග විශේෂඥ වෛද්‍ය
අසෝක කමලදාස

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment