ඇපෙන්ටිසයිටිස් කියන්නේ බොහෝ දෙනා දන්නා සූලබ රෝගයක්. මොකක්ද මේ රෝගය. හැදෙන්නේ කොහොමද?
ඉංගී්‍රසියෙන් ඇපෙන්ඩික්ස් හෙවත් සිංහලෙන් උන්ඩූකපූච්ඡය කියන අවයවය මහ බඩවැලේ හැරෙන වංගුවක් වැනි තැනකයි පිහිටා තිබෙන්නේ. ශාක භකෂක සතුන් ගේ මෙම අවයවය ඉතා විශාල වී පිහිටා තිබෙනවා. මිනිසා ගේ ඉතා කුඩාවටයි පිහිටා තිබෙන්නේ. එය සූළඟිල්ලටත් වඩා කුඩයි. මෙය පිහිටා තිබෙන ස්ථානය නිසයි ආසාදනය ඇති වන්නේ. මේ අවයවය මහබඩවැලට කුඩා සිදුරකින් සම්බන්ධ වෙනවා. මේ නිසයි ප්‍රදාහය ඇති වන්නේ. මේක මිනිස් සිරුරට අනවශ්‍ය අවයවයක්. ඉවත් කළා කියලා අනතුරක් හෝ අපහසූවක් හෝ සිදුවන්නේ නෑ.
මේ ප්‍රදාහය ඇති වන්නේ කොහොම ද?
නිරෝගී අයෙකු ගේ වූවත් මහ බඩවැලේ බැක්ටීරියා මාර්ග තිබෙනවා. මේ බැක්ටීරියා ශරීරයට අහිතකර තත්ත්වයක් උදා කරන්නේ නෑ. බොහෝ බැක්ටීරියා ආහාර ජීර්ණය පහසූ කරනවා. වෛද්‍ය විද්‍යාවේ දී මෙම තත්ත්වය හඳුන්වන්නේ නෝමල් බැක්ටීරියල් ෆ්ලෝරා (ණඔරමඅල ඹඅචටඑරඉඅල ෆලඔරඅල)- කියලයි. මෙවැනි බැක්ටීරියා ශරීරයේ තිබෙන්න ඕනේ. යම් විදියකින් මේ බැක්ටීරියාවලට අමතරව බාහිරින් වෙනත් අහිතකර බැක්ටීරියාවක් ආහාර මාර්ගයට ඇතුලූ වූවොත් මේ අවයවය ප්‍රදාහයට ලක්වෙන්න පූළුවන්. පූදාහයට ලක්වීම නිසයි ඇපෙන්ටිසයිටිස් කියල හඳුන්වන්නේ. "ඇපෙන්ඩික්ස්" කියන්නේ අවයවයේ නම. "සයිටිස්"් කියන්නේ ප්‍රදාහය.
මේ හැරුණාම අප ගන්නා ආහාරයේ රළු කොටස්, ඒ කියන්නේ පහසූවෙන් නොදිරවන වී පොතු වැනි දේ මෙම සිදුරේ සිරවීම නිසාත් මෙය ඇතිවෙන්න ඉඩ තිබෙනවා. එහෙත් මේ නිසාම රෝගය ඇති වෙනවා කියන එක වැරදියි. බොහෝ විට සිදුර අවහිර වීම සිදුවන්නේ උන්ඩූකය වටා ඇති වසා ගැටිති ඉදිමීම නිසයි. එයට හේතුව ඉහත කිව්වා වගේ බැක්ටීරියාවක් මගින් ආසාදනය සිදුවීමයි.
රෝගය හඳුනා ගැනීමට තිබෙන බාහිර ලකෂණ මොනවාද?
රෝගය හඳුනා ගැනීම ඉතාමත් ම පහසූයි. මූලින්ම නාභිය (බූරිය) වටා වේදනාව ඇති වෙනවා. එවිට වමනය, හිසරදය මද වශයෙන් පවතින උණ වැනි ලකෂණ සියල්ලම හෝ ලකෂණ එකක් හෝ දෙකක් හෝ ඇති වෙන්න පූළුවන්. සමහර විට නොතිබෙන්නත් පූළුවන්.
මූලින්ම නාභිය වටා වේදනාව ඇති වී ඉන් මද වේලාවකට පසූ බඩේ දකුණූ පැත්තේ යට කොටසේ වේදනාව ඇති වෙනවා. එසේ වන්නේ රෝගය තිබෙන්නේ එම ස්ථානයේ වීමයි.
මෙයට නිදසූනක් පෙන්වා දෙන්න පූළුවන්. හෘදයේ ආබාධයක් ඇති බව පෙන්වන පෙර ලකුණ තමයි වම් අතේ වේදනාව. ඉතින් මේ රෝගයේ දීත් නාභිය වටෙි හටගන්නා වේදනාවන් ඇපෙන්ඩිසයිටිස් කියන රෝගය පෙර ලකුණක්. මෙය වෛද්‍ය විද්‍යාවේදී ලැපරල් පේන් (ලඅපඅරඅල පඅඉන)- කියා හඳුන්වනවා.
හඳුනා ගැනීමට තවත් පහසූ ක්‍රමයක් තමයි උදරයේ දකුණූ පැත්තේ යටි පෙදෙසට අත තබා තද කළ විට වේදනාව අඩූවීම. අත ඉවතට ගත් විට වේදනාව නැවත ඇති වීම.
කවර හෝ ආකාරයකින් මෙම රෝගය තමාට හඳුනාගැනීමට හැකි වූවොත් කළ යූත්තේ කුමක් ද?
ගොඩ වෙදකම් නොකර වෛද්‍යවරයකු හමූවීමයි. වෛද්‍යවරයා ඉතාමත් පහසූවෙන් රෝගය හඳුනාගෙන ශාල්‍යකර්මයකට නියම කළොත් එය වහා කළ යූතුයි.
මේ සඳහා ඖෂධ ප්‍රතිකාර තිබෙනවා ද ?
සමහර විට ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමට වෛද්‍යවරයා නියම කරන්න පූළුවන්. එසේ කිරීම නූවණට හූරු නෑ. ප්‍රතිජීවක ඖෂධවලින් රෝගය තාවකාලික ව යටපත් වී වැඩි කල් නොගොස් නැවත මතුවෙනවා. එවිට රෝගය උත්සන්න වෙනවා.
රෝගය උත්සන්න වීම ජීවිතයට හානියක් ද?
රෝගය උත්සන්න වෙනවා කියන්නේ උණ්ඩූකය ප්‍රදාහයට වැඩියෙන් ගොදුරු වීමයි. ගෙඩියක් බවට පත්වී පිපිරී ගියොත් එයින් ගලන සැරව ශරීරය තුළට ගලා ගොස් බඩවැල් ආසාදනය වී මරණය පවා සිදුවෙන්න පූළුවන්. ඒ නිසා කළ යූත්තේ සැත්කමින් ආසාදනය වූ උණ්ඩූකය ඉවත් කිරීමයි.
රෝගය හඳුනා ගැනීමෙන් පසූ රෝගියා ගත යූතු ආහාර පිළිබඳව පැහැදිලි කළොත්.
නොගෙන සිටීමෙන් ශල්‍ය කර්මය ඉක්මනින් කළ හැකියි. රෝගය හඳුනා ගෙන නිවසේ සිට රෝහලට ගෙන යන තෙක් හෝ ආහාර නොදී තබා ගැනීම ඉතාමත් වැදගත්. එයට හේතුව තමයි වෛද්‍යවරයාට සැනින් ශල්‍යකර්මය කිරීමට හැකි වීම.
ශල්‍යකර්මයේ දී සිදු කරන්නේ කුමක් ද?
ශල්‍ය කර්මයේදී කරන්නේ උන්ඩූකය කපා ඉවත් කිරීමයි. එසේ කිරීමෙන් ශරීරයට වත්, ආහාර ජීර්ණයට වත් කිසිදු අවහිරතාවයක් ඇති වන්නේ නෑ. එයට හේතුව තමයි උන්ඩූකය අපේ ශරීරයට ප්‍රයෝජනයත් නැති අවයවයක් වීම. වෙනත් රටවල උදරයේ වෙනත් සැත්කමක් හෝ කරන අවස්ථාවේ දී මෙම අවයවයන් ඉවත් කරනවා. එය රෝගියාට පහසූවක්. මෙය ඉතාමත් සූළු ශල්‍ය කර්මයක් බැවින් බිය විය යූතු නෑ. කළ යූත්තේ දෑනගත් වහාම රෝහලක් වෙත යාමයි.
0 comments :
Post a Comment