ගර්භනී සමය ගැන ඔබ අසා ඇති මිථ්‍යාවන් හඳුනාගන්න




ඇතැම් ආහාර නිසා දරුවා පැහැපත් වීම හෝ නොවීම රඳා පවතී

යකඩ පදාර්ථ වැඩිපූර ගැනීමෙන් දරුවාගේ පැහැපත් බව අවම වේ යැයි මතයක් වේ. එහෙයින් බොහෝ මව්වරුන් යකඩ පදාර්ථ ගැනීම සිතා මතාම මඟ හරී. එහි ප්‍රතිඵලය වන්නේ ගැබිණි කතුන් රක්තහීනතාවයට ගොදුරුවීම හා දරු ප්‍රසූතිය ගැටළු සහගත වීමය. සමහර මව්වරුන් වම්බටූ ආහාරයට ගැනීමෙන් වළකින්නේ දරුවා අඳුරු වෙතැයි බියටය. ඇතැම් ගැබිණි කතුන් එළකිරිවලට කංකුං දමා පානය කරන්නේ උපදින දරුවා පැහැපත් වීමටය.


නමූත් දරුවෙකුගේ වර්ණය තීරණය කරන්නේ මාපිය දෙපරපූරේ ජානයක්ය. සමහර අවස්ථාවලදී දරුවාගේ පැහැය වර්ධනය කර ගැනූමට සිතා මව්වරුන් පානය කරන ඇතැම් දේ මවට විෂවීමටද හැකි වේ.


ලිංගික සබඳතා දරු ප්‍රසූතිය පහසූ කරවයි

එය මිථ්‍යාවකි. එමෙන්ම ගර්භනී සමයේදී ලිංගික සබඳතා පැවැත්වීමෙන් ආබාධිත දරුවන් බිහි වේ යැයි යන මතයද වැරදිය. දරුවෙකු පිළිසිඳ ගෙන තිබියදී අඹූසැමි යූවලක් අතර ලිංගික සබඳතා පැවැත්වීම තීරණය වන්නේ දෙදෙනාගේ කැමැත්ත සෞඛ්‍යය සූව පහසූව හා වෛද්‍ය උපදේසයන් මතය. අවශ්‍යතාවක් ඇත්නම් හෝ කිසිදු අසීරුතාවක් නොවේ නම් දරු ප්‍රසූතියට පෙර දිනය දක්වාම වූවද එවැනි සබඳකම් පැවැත්වීමේ වරදක් නොවේ.


සබඳතාවක් අවසන් වූ සැනින් ඔළුවෙන් සිට ගැනීම දරුවෙකු පිළිසිඳ ගැනීමකට හේතු වේ.

අසත්‍යයකි. එය උපකාරිවන්නේ ගැහැනියකගේ ගෙලෙහි අස්ථි බිද ගැනීමකට පමණි. මන්ද පැලෝපීය නාලය දිගේ ශුක්‍ර ධාතු ගමන් කිරීමට පොළොවෙහි ගුරුත්වාකර්ශන බලය බල නොපායි. මෙම නාලයන් මඳක් නැමීම් ස්වරූපයකින් තිබීමෙන් ඔළුවන් සිට ගැනීමෙන් එහි ගමන වේගවත් වීමක්ද සිදු නොවේ. නමූත් වෛද්‍ය විශේෂඥ මතයට අනූව සබඳතාවකින් පසූව උඩූබැලි අතට විනාඩි 20 ඃ 30 ත් අතර කාලයක් සිටීම පිළිසිඳ ගැනීමට උපකාරිවීමට හැකිය.


මව්කිරි දීමෙන් ඔබ යළි ගැබ් ගැනීම වළකී

මව්කිරී දීමේදී එය උපත් පාලන ක්‍රමයක් ලෙසින් මව්වරුන්ගේ සිරුරෙහි ක්‍රියාකරන බවට මතයක් වේ. නමූත් සිදුවන්නේ එය නොවේ. මවගේ ඔසප් චක්‍රය නිවැරදි නොවීමය. එය සය මසකින් පමණ වඩාත් නිවැරදි වූ විටදී යළි පිළිසිඳ ගැනීම් සිදු වේ.


කුඩා පියයූරුවල, ප්‍රමාණවත්ව මව්කිරි නොවේ

මෙම මතයද බොහෝ පොදු වූවකි. කිරි නිපදවීමට පියයූරුවල ප්‍රමාණය වැදගත් නොවේ. ඔබේ සිරුරෙහි ප්‍රමාණවත් දියරයක් තිබේ නම් විවේකය හා සැහැල්ලුව ප්‍රමාණවත්ව ලබයි නම් මව්කිරි නිපදවීම සාමාන්‍ය පරිදිම සිදු වේ. එහෙයින් දරුවෙකුට අවශ්‍ය මව්කිරි ප්‍රමාණය නිපදවීමට මවගේ පියයූරු ප්‍රමාණය කිසිසේත්ම බල නොපායි.


චන්ද්‍ර හා සූර්ය ග්‍රහණයන් උපදින දරුවාට බලපායි

මෙයද බොහෝ කතුන් අතර ප්‍රබල මිථ්‍යා මතයකි. චන්ද්‍ර හෝ සූර්ය ග්‍රහණයක් සිදුවෙද්දී නිවසින් පිටතට ගැබිණි මව අඳුරට ගියහොත් දරුවා ආබාධිත වන බවක් පැවසේ. තවද සූර්ය හෝ චන්ද්‍ර ග්‍රහණයක් සිදුවෙද්දී ගැබිණියක තම උදරය මත අත තැබූවොත් උපදින දරුවාගේ උපන් ළපයක් පිහිටන බවද පැවසේ. ඒ සියල්ලම වෛද්‍ය විද්‍යාත්මක පිළිගත නොහැකි ඒවාවේ.


දරු ප්‍රසූතිය ආරයට සිදුවන්නකි

මෙයින් අදහස් කෙරෙන්නේ මව උපත ලැබූවේ සිසේරියන් සැත්කමකින් නම් ඇගේ දරුවා උපදින්නේද ඒ තුළින් බවය. නමූත් එය සැමවිටම සිදුනොවේ. දරු ප්‍රසූතියක් සඳහා සහ මූලින්ම බලපාන්නේ මවගේ සිරුරෙහි ස්වභාවයයි. එයට අමතරව දරුවාගේ පිහිටීමද මෙහිදී සැලකිල්ලට ගැනේ. දරු ප්‍රසූතිය සඳහා ආරයට යෑම කිසිම අන්දමකින් සම්බන්ධ නොවන බව වෛද්‍ය විශේෂඥ මතයයි.


පරිගණකවලින් ඈත්වීම සූදුසූය

ගැබිණි කතක් පරිගනකයට නිරාවරණය වීම හානිකර බව සනාථ වීමට තවමත් කිසිදු සාක්ෂියක් ලැබී නොමැත. නමූත් පරිගණකයක් ඉදිරියේ දිගු වෙලාවක් හිඳගෙන සිටීමෙන් යම් යම් අපහසූතා ඇතිවීමට හැකිය. නමූත් එය පරිගණකයේ දොෂයක් නොවේ.


ලෝහමය පරීක්ෂණ උපකරණ කුස තුළ සිටින දරුවාට අහිතකරයි

ආරක්ෂක හේතුන් මත ලෝහමය උපකරණ මගින් කරන විවිධ පරීකෂාවන් දරු ගැබ ආසන්නයේ සිදුකිරීම හානිකර බවට ඇති මතය වැරදිය. මන්ද ඒවායේ ඇත්තේ චූම්භක ශක්තියක් පමණක් වන අතර චූම්භකත්වය දරු ගැබකට හානි කර නොවේ.


කෝපි පානයෙන් වළකින්න

කෝපි පානය පිළිසිඳ ගැනීමක් තිබූණද නොතිබූණද පමණට වඩා සිදු කිරීම හානියකි. සාමාන්‍යයෙන් දිනකට කෝපි කෝප්පයක් පානය කිරීමෙන් දරු ගැබට හෝ මවට කිසිදු වෙනසක් සිදු නොවේ. එයට වඩා බොහෝ වැදගත් වන්නේ හැකි තරම් ජලය පානය කිරීමය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment