පිං වපරය කියා එකක් නැහැ

වපරය පිනට ඇතිවන බව අපේ වැඩිහිටියන් සිතා සිටියත් වපරය ඇතිවන්නේ පින නිසා නම් නොවේ

සාමාන්‍යයෙන් අපගේ දෑස් නිසියාකාරව ඉදිරියට ලස්සනට පිහිටා තිබෙනවා. නමූත් එම දෑස් යම් ආකාරයකින් ඇදයක් වී නම් ඔබ එය වපරයක් ලෙස හඳුන්වන්න පූළුවන්.


වපරය යනූවෙන් අදහස කරන්නේ ඇසේ ස්නායූවල ආබාධයක් හෝ මොළයේ දෘෂ්ටියට අදාළ ප්‍රදේශයේ වර්ධනයේ දුර්වලකමක් හෝ ඇසේ ඉගිරියාව මැද කුමක් හෝ ආබාධයක් ඇතිවී තිබීමයි.


ප්‍රධාන වශයෙන් කුඩා දරුවෙකුගේ දෘෂ්ටි ආබාධයක් ලෙස වපරය හැඳින්විය හැකියි. එනම් එක් ඇසක් සාමාන්‍ය තත්ත්වයෙන් මිදී ඇතුළට හෝ පිටතට පිහිටා තිබීමයි. ඒ අතුරින් වැඩිපූර දැකිය හැක්කේ ඇතුළත හැරී තිබෙන අහිසාරි වපරයයි. මෙය දැකිය හැක්කේ උපතේදී හෝ අවූරුදු 4 ට අඩූ දරුවන්ගේය. පිටතට හැරුණූ ඇස (අපසාරී) බොහෝවිට දකින්න ලැබෙන්නේ අවූරුදු 4ඃ5 කාලය තුළදීය.


ඔබගේ දරුවාගේ ඇසේ වපරයක් තිබේ නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගත යූතුය. ඇතැම් දෙමාපියන් වපරය පිනට ඇති වූ වපරයක් සිතා නොසලකා හරියි. සැබැවින්ම එය ඔබ දරුවාට කරන ලොකු අසාධාරණයක්.


ඇතැම් විට ඔබට වපරය ලෙස පෙනෙන්නේ අකෂිවල හටගෙන තිබෙන පිළිකාවක්, ගෙඩියක්, ස්නායූවල ආබාධයක් විය හැකිය.


ඇසේ හටගන්නා වපරයට කුඩා කාලයේදීම සැත්කමක් කළ යූතුය. මෙය ඉතා ඉක්මණින් සිදුකරන එක ඉතා වැදගත්ය. එසේ නොවූනොත් දරුවන්ගේ දෑස්වල පෙනීමේ දුර්වලතාවයක් ඇතිවන්නට ද පූළුවන.


ඇතැම් දරුවන්ගේ වපරයට සාමාන්‍ය ප්‍රතිකාරයක් ලෙස ඇස් කණ්ණාඩි දැමිය හැක. හේතුව එය අක්ෂි ආබාධයක් වන්නට හැකි නිසාවෙනි. නමූත් ඇතැම් දරුවන්ගේ වරපයක් ලෙස පෙනූනත් එය වපරයක් නොවන්නට පූළුවන් වන අතර කුඩා දරුවන්ගේ නාසය කුඩා කාලයේදී පළලට පිහිටා තිබෙන නිසා ඔවූන්ගේ දෑස් වපර ලෙස පෙනෙන්නට පූළුවනි.


මේ නිසා දරුවා කුඩා කාලයේදීම දෑස් පරීකෂාවකට ලක්කර වපරයක් තිබේද යන්න පිළිබඳ සොයා බලා ඉක්මණින් ප්‍රතිකාර කිරීමෙන් මෙම තත්ත්වයෙන් මිදීමට හැකියාව තිබේ.




අයස්මන්ත පීරිස්
වෛද්‍ය නිලධාරී අක්ෂි රෝහල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment