කොඩිවිණ-සාස්තර බැලීම-ඇස්වහ කටවහ -මිත්‍යා බූද්ධියට බාධාවක්.

කොඩිවිණ

කොඩිවිණ, හදි හූනියම් ගැන විශ්වාස කරන ජනයා අද වන තුරුත් මේ සමාජයේ සිටිනවා. කොඩි විණ හදි හූනියම් කරගත හැක්කේ තමාටම මිස අන් කෙනෙකුට කළ හැකි නොවේ. අන් අය කෙරේ ඊර්ෂියාවෙන් තරහෙන් යම් යම් දේ කළ පලියට ඒවායේ ප්‍රතිඵල ඔබ කෙරේ බල පවත්වන්නේ නැති බව අවබෝධ කර ගන්න.

යකඩයේ හටගත් මළකඩ, යකඩයම කා දමන්නාක් මෙන් ඔබට කොඩිවිණ කරන්නට පෙළඹෙන තැනැත්තා එයින් ම විනාශයටපත්වන්නේය. කොඩි විණ ගැන විශ්වාස නොකොට තම තමන් ගේ එදිනෙදා වැඩ කටයූතුවල යෙදෙන්න. එවිට කොඩිවිණ නොවදී. කොඩිවිණ කරන අයට කොඩිවිණ වදින සැටි අවදියෙන් සිහියෙන් සිට දෑක බලාගන්න. කොඩිවිනයක් කිරීමට සිතීම අධර්මිෂ්ට ක්‍රියාවක් වන අතර ඔබේ දියූණූවට ඉමහත් බාධාවකි.


සාස්තර බැලීම
සාමාන්‍ය මහජනයා තුළ බල පවත්නා දෑඩි ආශාවන් ඇත. ඒ ආශාවන්ගෙන් එකක් තමාට කිනම් තත්ත්වයට ළඟා විය හැකිද යන්න කිසිවෙකුට කිව හැක්කක් නොවේ. මේ වෙනස් වන ලෝකයේ ජීවත් වන කොයි කාටත් කුමක් වන්නේද යනූ ස්වභාව ධර්මයෙන් විසදෙනූ විනා පෙරාතුව කාටවත් කිව හැකි නොවේ.

මෙසේ සාස්තර අසන්නට යන අයට මහත් ඇබැද්දිවලට මූහූණ පාන්නට සිදු වේ. තමාගේ අනාගතය පිළිබඳව හොඳක් කියන එක නම් ඉතා සාධාරණ යහපත් කටයූත්තකි.


එහෙත් ඇතැම් සාස්තරකාරයන් මිනිසාගේ දෛවය ඉතාමත් ව්‍යසනකාරි ප්‍රපාතයට ඇද දමන බව අපි දනිමූ. ඔබ ගැන හොඳ අසා ගැනීමට ඒකාන්ත බලාපොරොත්තු වී ඇත්නම් එය ඔබ ඔබගෙන්ම අසාගන්න. නැතිනම් සාස්තර ඇසීම අති භයානක බව කරුණාවෙන් සලකන්න. ඔබේ පලාපල අනූන්ගෙන් බලා ගැනීම ඔබේ දියූණූවට ඉහමත් බාධාවකි.


ඇස්වහ කටවහ
ඇස්වහ නිසා ගෙඩි ටික හැළුනා. දෑන් මේ අඹ ගස් දෙකේ එක ගෙඩියක්වත් නැහැ. තැම්බිලා කුණූ වෙලා වැටූණා. සොපියක්කා බලලා කිව්වා. මෙදා නම් හොඳ හැටියට අඹ හැදිලා තියෙනවා. අපි ඔක්කොටම කාහැකි කියලා. ඒක ම තමයි සිද්ධ වෙච්ච අපලේ. ඇත්තෙන්ම සොපියක්කට මෙච්චර හපන්කමක් කරන්න පූළුවන්නම් කටවහ වද්දල කරගන්න මොන තරම් වැඩ තියෙනවාද?


සොපියක්කා කිව්වත් නොකිව්වත් අඹ ගහේ තියෙන්න වෛරස් රෝගයක්. ඒකයි මෙතැන ඇත්ත කතාව. ඇස් වහ කටවහ කියා එකිනෙකා බාල්දුවට දමන මේ ගැමි විශ්වාසය මහත් අනර්ථකාරී ක්‍රියාවක් බව පෙනි යනවා. ඇස්වහට කටවහට බයවීම නිෂ්ඵල ක්‍රියාවක්. තටිටූ විසිපහේ තිහේ ගොඩනැඟිලිවලට කවූරු ඇස්වහ කළත් ඒවා කඩා වැටෙන්නේ නැත. මෙවැනි මිත්‍යා බූද්ධියට බාධාවක්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. පාරම්පරික දැනුම හා විශ්වාසයන් හුදු මිත්‍යාවන් හෝ "මැජික්" පමනක් ද? මෙවැනි සියලු දෑ මිත්‍යාවන් යයි සලකන ඕනෑම උසස් අද්‍යාපන මට්ටමක අයෙකුට විද්යාත්මක සාධක ඇසුරින් එසේ නොවන බව ඔප්පු කිරීමට මා සූදානම්. උසස් මට්ටමේ විද්‍යාත්මක දැනුම හා ඉංග්‍රීසි භාෂා පරිචය ඉදිරිපත්වන පාර්ශවයන්ට තිබිය යුතුය. ( කොන්දේසි සහිතයි ) .

    email: jyotishlanka@gmail.com

    ReplyDelete