ගොනෝරියා දුරදිග ගියොත් අති භයානකයි


තමන්ගේ අයහපත් චර්යාව නිසා පැතිරෙන රෝග අතරින් සමාජ රෝගවලට හිමිවනූයේ ප්‍රධාන තැනක්.

මෙම සමාජ රෝග අතර කලක සිටම වැඩි වැඩියෙන් කතා බහට ලක්වූ රෝගයක් තමයි ගොනෝරියා. නැතිනම් සූදු බිංදුව නම් රෝගය. ඒ ගැන කරුණූ කියන්නට සිංහලමැග සමග එක්වූණේ සෞඛ්‍ය අධ්‍යාපබන කාර්යංශයේ වෛද්‍ය අනිල් සමරනායක.

ගෝනොරියා කියන රෝගයේ ස්වභාවය කුමක් ද?
ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග අතරින් පැරණිම රෝගයක් ලෙස ගෝනෝරියා හඳුන්වන්න පූළුවන්. ගෝනෝරියා කියා හැඳින්වූවත් අපේ රටෙි බොහෝ දෙනා දන්නේ සූදු බිංදුව කියන නමින්. සූදු බිංදුව කියල හැඳින්වීමට ප්‍රධාන හේතුවක් තිබෙනවා. මූත්‍රා කිරීමෙන් පසූ මූත්‍රා මාර්ගයේ කෙළවරට සූදු පැහැති සැරව බිංදුවක් වැනි දෙයක් ගලා ඒම නිසා සූදු බිංදුව යනූවෙන් හඳුන්වනවා. මේ රෝගය බෝවීමට හේතුවන්නේ නයිසීරියා ගොනෝරියා (Neisserria gonorrnoea) කියන බැක්ටීරියාවයි. ඒ නිසා ඉංගී්‍රසි භාෂාවෙන් ගෝනෝරියා කියලා හඳුන්වනවා.


ගෝනෝරියා සම්ප්‍රේෂණය වීම නැත්නම් වැළදීම වේගයෙන් සිදුවන දෙයක් ද නැත්නම් සෙමින් සිදුවන්නක් ද?

මේක ඉතාමත් වේගයෙන් ඒ කියන්නේ ඉක්මනින් වැළදෙන රෝගයක්. ලිංගික සහකරුවාගෙන් සහකාරියටත් සහකාරිය ගෙන් සහකරුවාටත් මේ බැක්ටීරියාව ශරීර ගත වූවොත් දින 2 ත් 5 ත් අතර කාලයකදී රෝග ලකෂණ මතුවෙනවා. ඒ නිසා කළ වැරදි සඟවාගෙන ඉන්න බෑ.

මෙම රෝගය පැතිරෙන විට මතුවන රෝග ලකෂණ මොනවා ද?
මේ රෝගය ප්‍රධාන ක්‍රම තුනකින් බෝවීමට ඉඩ තිබෙනවා. ප්‍රධාන ක්‍රමය ලිංගික සංසර්ගය ඒ හැරුණූ කොට ගුද මාර්ගය හා මූඛ මාර්ගය ඇසූරු කොට කරන ලිංගික කටයූතුවලදීත් මේ බැක්ටීරියාව ශරීර ගතවිය හැකියි. පූරුෂයකුගේ මූත්‍රා මාර්ගය ඔස්සේ මෙම රෝග කාරක බැක්ටීරීයාව ශරීර ගතවූවොත් මූත්‍රා මාර්ගයේ ආසාදන ඇති වනවා. එවිට මූත්‍රා කිරීමේදී ඇතිවන දැවිල්ල වැනි ලකෂණ ඇතිවිය හැකියි. නිතර නිතර මූත්‍රා පහවීමද සිදුවිය හැකියි. මූත්‍රා කර අවසන් වූ පසූ සූදු සැරව බිංදුවක් වැනි දෙයක් දක්නට පූළුවන්. එමෙන්ම යටි බඩේ දැවිල්ලක් ඇති වීමත් රෝග ලකෂණයක්.


ස්ත්‍රියක ගේ බාහිර වශයෙන් දක්නට නොලැබූණත් යෝනි මාර්ගය ඇතුළත ආසාදනය වී සැරව වැනි ද්‍රව්‍ය තිබෙන්න පූළුවන්. ඒ සමඟම කලින් කියපූ ආකාරය ට මූත්‍රා මාර්ගය ආසාදනය වී ඊට අදාළ රෝග ලකෂණ මතු වනවා.


ගුද මාර්ගය ඇසූරෙන් ලිංගික කටයූතු කිරීමේදී ගුද මාර්ගයෙනූත් සැරව ගැලීමක් දෑකිය හැකියි. මූඛ මාර්ගය ලිංගික කටයූතු සඳහා යොදාගැනීම නිසා ගලනාලය සහ ස්වාස නාළ ආසාදනය වී උගුර බැරැණ්ඩි වීම වැනි ලකෂණ මතුවිය හැකියි.


මෙම තත්ත්වය නොසලකා හැරියොත් වෙනත් බාහිර රෝගවලට ආසාදිතයා ගොදුරු විය හැකි ද?

සූදු බිංදුව හෙවත් ගෝනෝරියාව නම් වූ මෙම රෝගය සැනින් බෝවීමක් සිදුවූවත් ඉක්මනින්ම සූවකර ගත හැකියි. ඒ සඳහා පළපූරුදු වෛද්‍යවරයකුගේ උපදෙස් අවශ්‍ය වෙනවා. රෝගය සඟවා සිටීමෙන් හෝ නිසි ප්‍රතිකාර ලබා නොගැනීමේන් ශරීර අභ්‍යන්තරයට රෝගය පැතිරීමට තිබෙන ඉඩකඩ වැඩියි. එ අනූව මූත්‍රා මාර්ග ආසාදනය වී වකුගඩූ රෝගී තත්ත්වයක් ඇතිවිය හැකියි.


පූරුෂයකුට මෙම තත්ත්වය උග්‍ර වූවත් ස්ත්‍රියකට මීට වඩා බරපතල ලෙස උග්‍ර ආසාදිත තත්ත්ව ඇතිවීමට ඉඩ තිබෙනවා.


ස්ත්‍රියකට ගෝනොරියා ආසාදනය වූවොත් පසූකාලීන ව ඇතිවන රෝග මොනවා ද?

කලින් කීවා වගේ මූත්‍රා ආසාදන උග්‍ර වී වකුගඩූ පවා රෝගී විය හැකියි. මෙයට අමතරව ප්‍රජනක පද්ධතිය ආසාදන ඇතිවී පැලෝපීය නාල සහ ගර්භාෂය පවා අක්‍රිය වීම සිදුවෙනවා. මෙහිදී සිදුවන අවදානම් තත්ත්වයක් තමයි පැලෝපීය නාළ අවහිර වී එම නාළ තුළ නැත්නම් ගැබ් නාළ තුළ පිළිසිඳ ගැනීම් සිදුවීම. ගැබ්නාළ තුළ පිළිසිඳ ගැනීමක් සිදුවූවොත් සති අටක් පමණයන විට අධික වේදනාවක් ඇතිවී වර්ධනය වන කළලය හේතුවෙන් නාළ පිපිරීම් සිදුවිය හැක. නාළ පිපිරීම් නිසා අභ්‍යන්තර ලේ ගැලීම් සිදුවී මවගේ ජීවිතයට පවා හානි සිදුවිය හැකියි. නාළ ගැබ් ගැනීමක් සිදු නොවූණහොත් මද සරු බවක් ඇතිවී දරුවන් පිළිසිඳ ගැනීම් සිදු නොවිය හැකියි.


ගුද මාර්ගය ආසාදනය උග්‍රවූවොත් ගුද මාර්ගය ඔස්සේ බඩ වැල් දක්වා රෝගය පැතිරිය හැකියි.


මූඛ මාර්ග ආසාදනය වීමෙන් ශ්වාස නාළ ඔස්සේ පෙණහලූ කරා පැතිරී ගොස් පෙණහලූ ආසාදන පවා ඇතිවිය හැකියි.


යම් ස්ත්‍රියක් ගැබ්ගත් අවස්ථාවෙන් පසූ ගෝනෝරියාව රෝගයෙන් ආසාදිත වූවොත් කුසේ සිටින දරුවාට රෝගය වැළඳෙනවාද?

මව් කුස කියන්නේ සූපිරි ආවරණයක් කුස තුළදී දරුවාට පර්මන් සරම්ප වැළඳෙන ආකාරයට ගෝනෝරියා වැළඳෙන්නේ නෑ. ඒ වූණත් දරුවා බිහි වන විට යෝනි ශ්‍රාව සමඟ ගෝනෝරියා ආසාදිත සැරව දරුවා ගේ මූහූණේ සහ ඇස්වල තැවරීම නිසා ඉපදී පැය ගණනක් හෝ දිනක් හෝ ගතවන විට ඇස්වල සැරව පිරී තිබෙන්න පූළුවන්. මේක බලන්න බැරි තරම් කණගාටූදායක තත්ත්වයක්. ඉක්මනින් ප්‍රතිකාර නොකළොත් දරුවාගේ ඇස් අන්ධ විය හැකියි. දරුවා ගේ ආසාදන තත්ත්වය වැඩිවීමට පෙර ප්‍රතිකාර කළ යූතුයි.


ඔබ කලින් කිව්වා නාළ ගැබ් ගැනීම්වලට ගොනෝරියා අසාදනය බලපානවා කියලා. නාළ ගැබ් ගැනීම්වලට හේතු වන්නේ ගෝනෝරියා ආසාදනය පමණක් ද?

නැහැ නාළ ගැබ් ගැනීම්වලට හේතු රාශියක් තිබෙනවා. ගොනෝරියා තදබල ලෙස ආසාදනය වීමත් නාල ගැබ් ගැනීමට හේතුවත් මෙහිදී සිදුවන්නේ. ගෝනෝරියා නිසා ගර්භාෂය ආසාදනය වි නාළ අවහිර වීමයි සිදුවන්නේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment