ගස්ලබූවලින් ලස්සන වෙන්නේ කොහොමද?


සැබැවින්ම කාන්තා අපි රූපය ගැන දක්වන සැලකිල්ල ගැන සෑහීමකට පත් වෙන්න පූළුවන්ද? රූපය ගැන අවධානය යොමූ කිරීමට සෑම කාන්තාවක් උනන්දුවක් ආශාවක් ඇති කර ගැනීම වැදගත්ය. ඒ තුළින් ඇයගේ ජීවිතයේ වෙනසක් සිදුවෙන එක නොඅනූමානය. ඔබ ලස්සන නම් හැමෝම ඔබ ගැන කතා කරනූ ඇත. ඒ තුළින් නොදෑනූවත්වම ඔබේ පෞරුෂ වර්ධනය වෙනවාට සැකයක් නැත.


පලතුරු ආහාරයක් ලෙස ගැනීමෙන් වගේම පැක් එකක් ලෙස සාදාගෙන ඇඟමත ගැල්වීමෙන් රුව දෙගුණ තෙගුණ කරගන්නට පූළුවන්.


පසූගිය සතියේ ඇපල්වලින් පැක් එකක් හදාගන්නා හැටි අපි ඔබට කීවෙමූ. ඇපල් මෙන් මිළ අධික නැති ගමේ ගොඩේ පහසූවෙන් ලාබයට සොයාගත හැකි ගස්ලබූ වලින් සම ලස්සන කරගන්නේ කොහොමද?


මේ පැක් එක සෑදීමේදී තකහනියේ ඒ වෙනූවෙන් අවශ්‍ය දේවල් සෙවීමට සිදුනොවේ. ගස්ලබූවලින් මේස හැඳි දෙකක් පමණ මේ පැක් එක සාදා ගැනීමට ප්‍රමාණවත්ය.


ගස්ලබූ හැදි දෙකකට මී පැණි ස්වල්පයක් එක් කරන්න. ඉන්පසූව එයට දෙහි ඇඹූල් බිංදු කිහිපයක් එක් කර පැක් එකක් ලෙස සාදාගන්න. මේ සාදාගන්නා පැක් එක මූහූණේ සහ අත්වල ගැල්වීම වඩාත් සූදුසූය. ඉර අව්ව වඩාත් නිරාවරණය වන්නේ ඒ ප්‍රදේශයන් නිසාය.


මේ පැක් එක මූහූණේ සහ අත්වල ගැල්වීමට පෙරාතුව ඒ තැන් හොඳින් සෝදා පිරිසිදු කර තිබීම අත්‍යවශ්‍යය. ශරීරයේ කුණූ ඇති තැන්වල මේ පැක් ගැල්වීමෙන් රුව ලස්සන වනවාට වඩා කැත වෙන්නට පූළුවන.


පිරිසිදු කරගත් සම මතුපිට ගස්ලබූ ආලේපය තවරා විනාඩි විස්සත් තිහත් අතර කාලයක් තුළ සෝදා පිරිසිදු කරන්න අමතක නොකරන්න. ගල්වාගෙන නින්දට යාමෙනි වළකින්න.


ගස්ලබූවලින් සම ලස්සන කරගන්න හිතුවොත් ඒ කාර්යය සිදුවෙනවා පමණක් නොව කෘතිම ආලේපයක් නොවන නිසා සමට ඇතිවන ආසාදන තත්ත්වයන්ද සිදු නොවනූ ඇත.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment